හම්බන්තොට වරායේ වාහන අංගනයට අකුණු පහරක් – මෝටර් රථ 11කට දැඩි හානි!
LSN Sri Lanka ·

හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කරන ලද මෝටර් රථ ගාල් කර තිබූ අංගනයකට ඊයේ (31) රාත්රියේ එල්ල වූ අකුණු පහරක් හේතුවෙන් මෝටර් රථ 11කට දැඩි හානි සිදුව ඇති බව වරාය පොලිසිය පවසයි.
</p>
<p>
රාත්රී 8.45ත් 9.00ත් අතර කාලයේදී හම්බන්තොට වරාය පොලිස් වසමට ඇදහැළුණු තද වර්ෂාවත් සමඟ මෙම අකුණු තත්ත්වය හටගෙන තිබේ.
</p>
<p>
අකුණු පහරින් අදාළ අංගනයේ ගාල් කර තිබූ මෝටර් රථවල හටගත් ගින්නත් සමඟ වහා ක්රියාත්මක වූ වරාය පරිපාලනය, ගින්න ව්යාප්ත වීමට නොදී නිවා දැමීමට පියවර ගෙන ඇත.
</p>
<p>
මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබන අතර, සිද්ධියෙන් සිදුවූ සමස්ත අලාභයේ වටිනාකම හෝ හානියට පත් වාහනවල වර්ග පිළිබඳව මෙතෙක් නිල වාර්තා නිකුත් කර නොමැත.
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/883384699_1564267889052638_6581086933807232038_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1026x1363&ctp=s1026x1363&_nc_cat=110&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=_83DlwjpZ74Q7kNvwFAqB1j&_nc_oc=Adr__Tbzm0sdOfQ7HRopeXsqz672dPbpwrbwIJcTD5R6CZf3oVEXqu5PWVdDkhfty_o&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=IsA_OcfU4Qx31Z-pS7urEA&_nc_ss=7a2a8&oh=00_AQSrcjs01epuAct5p2-trhPwsP5cd-FyHofOCuCy7cbfdA&oe=6AECA7B2" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>