LSN News › Sri Lanka

ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානා සේවාව නොවැම්බර් 11 වැනිදා සිට පරීක්ෂණ මට්ටමින් ආරම්භ කිරීමට සූදානම්!

නොවැම්බර් 11 වනදා ආරම්භ කෙරෙන මූලික පරීක්ෂණ පියාසර කටයුතු සාර්ථක වූ පසු, ඉදිරි මාස 2-3 ක කාලය තුළ වාණිජ මට්ටමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලුම ආයතනවල නියාමන අනුමැතිය සහ නීතිමය පසුබිම දැනටමත් සකස් කර තිබේ.

LSN Sri Lanka · 8 November 2026

ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානා සේවාව නොවැම්බර් 11 වැනිදා සිට පරීක්ෂණ මට්ටමින් ආරම්භ කිරීමට සූදානම්!

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ඉතිහාසයේ පළමු වරට ක්‍රියාත්මක කිරීමට නියමිත මගී ඩ්‍රෝන යානා සේවාවේ මූලික පරීක්ෂණ පියාසර කටයුතු නොවැම්බර් 11 වනදා සිට ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

eVTOL (Electric Vertical Takeoff and Landing) තාක්ෂණයෙන් යුත් මෙම නවීන විදුලි මගී ගුවන් යානා, සාම්ප්‍රදායික හෙලිකොප්ටර් යානා වලට වඩා පරිසර හිතකාමී මෙන්ම ශබ්දයෙන් අඩු, සහ ඉහළ තාක්ෂණයකින් යුක්ත වේ. සම්පූර්ණයෙන්ම බැටරි බලයෙන් සහ හරිත බලශක්තියෙන් ක්‍රියාත්මක වන බැවින් කාබන් විමෝචනයක් සිදු නොවන අතර, පයිලට්වරයෙකු රහිතව පරිගණක හා GPS පද්ධති හරහා ස්වයංක්‍රීයව ධාවනය කිරීමට හැකි වන පරිදි මෙම යානා සකස් කර ඇත.

චීනයේ පිහිටි ලොව ප්‍රසිද්ධ ස්වයංක්‍රීය ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන 'ඊහාං' (EHang) සමාගමේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන මෙම ඩ්‍රෝන යානා සේවාව, නගර අතර පවතින අධික රථවාහන තදබදයට හොඳම විසඳුමක් ලෙස සැලකේ.

නොවැම්බර් 11 වනදා ආරම්භ කෙරෙන මූලික පරීක්ෂණ පියාසර කටයුතු සාර්ථක වූ පසු, ඉදිරි මාස 2-3 ක කාලය තුළ වාණිජ මට්ටමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලුම ආයතනවල නියාමන අනුමැතිය සහ නීතිමය පසුබිම දැනටමත් සකස් කර තිබේ.

පළමු අදියරේදී කොළඹ සිට දකුණු වෙරළ තීරයේ ස්ථාන දක්වා සහ කටුනායක සිට වරාය නගරය (Port City) දක්වා මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙමගින් දෙස් විදෙස් සංචාරකයින්ට කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගුවන් ගමන් පහසුකම් සැලසෙන අතර, ඉදිරියේදී සීගිරිය, යාපනය වැනි දිවයිනේ ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථාන වෙත ද මෙම මගී ඩ්‍රෝන සේවාව ව්‍යාප්ත කිරීමට නියමිතය.

එසේම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අමතරව හදිසි ආපදා සේවා සඳහා සහ නාවික ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපයා ගැනීමට ද මෙම තාක්ෂණය යොදා ගැනීමට හැකියාව ලැබෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.