LSN News › Sri Lanka

රුපියල් කෝටි 11කට අධික රන් තොගයක් දකුණු ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට ගිය සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට!

මෙලෙස අත්අඩංගුවට ගත් සමස්ත රත්‍රන් තොගය මුහුදු මාර්ග ඔස්සේ දකුණු ඉන්දියාවට ජාවාරම් කිරීමට සූදානම් කර තිබූ බවට නාවික හමුදාව සැක පළ කරයි.

LSN Sri Lanka · 18 November 2026

රුපියල් කෝටි 11කට අධික රන් තොගයක් දකුණු ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට  ගිය සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට!

දකුණු ඉන්දියාව වෙත මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවට සැකකෙරෙන කිලෝග්‍රෑම් 4කට අධික බරකින් යුත් රන් තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම රන් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 11කට (මිලියන 110කට) අධික බවට තක්සේරු කෙරේ.

මන්නාරම සහ පුත්තලම යන ප්‍රදේශවලට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි සිදුකළ මෙහෙයුම් දෙකකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවට අනුව, පසුගිය අඟහරුවාදා (17) තලෙයිමන්නාරම - පේසාලේ දී එක් අත් අඩංගුවට ගැනීමකුත්, පුත්තලම - උච්චමුනේ දී තවත් අත් අඩංගුවට ගැනීමකුත් ලෙස මෙම විශේෂ මෙහෙයුම් දෙක ක්‍රියාත්මක කර ඇත. එහිදී රත්‍රන් කිලෝග්‍රෑම් 4.435ක පමණ ප්‍රමාණයක් සහ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙහෙයුම් දෙකේ විස්තර

පළමු මෙහෙයුම උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් තලෙයිමන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශයේදී සිදුකර ඇත.

එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබේ. එම යාත්‍රාව පරීක්ෂා කිරීමේදී, වැලි පිරවූ ගෝනියක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කිලෝග්‍රෑම් 1.410ක පමණ බරකින් යුත් රත්‍රන් තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

මෙම සිද්ධියට අදාළව පේසාලේ ප්‍රදේශයේම පදිංචිකරුවන් වන වයස අවුරුදු 25 සහ 28 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා, රත්‍රන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, කන්කසන්තුරේ පිහිටි රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී ඇත.

දෙවැනි වැටලීම සිදුකරන්නේ වයඹ නාවික විධානය විසිනි. ඒ පසුගිය අඟහරුවාදා රාත්‍රී කාලයේදීය. එම වැටලීමේ දී පුත්තලම, උච්චමුනේ මුහුදු ප්‍රදේශයේ දී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඩිංගි යාත්‍රාව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී, ඉන්ධන බහාලුමක් (කෑන් එකක්) තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 3.25ක පමණ රත්‍රන් තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වී ඇත.

මෙම රත්‍රන් තොගය සමඟ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 40 සහ 50 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන්, රන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සමස්ත රත්‍රන් තොගය මුහුදු මාර්ග ඔස්සේ දකුණු ඉන්දියාවට ජාවාරම් කිරීමට සූදානම් කර තිබූ බවට නාවික හමුදාව සැක පළ කරයි.