LSN News › Sri Lanka

රුපියල් බිලියන 11.8ක මත්ද්‍රව්‍ය ගොඩබිමට ඇද්ද හැටි එළියට: ඉරාන යාත්‍රාවේ සිට තලල්ල වෙරළට ගෙන ආ ජාවාරමේ තොරතුරු මෙන්න!

මෙම මත්ද්‍රව්‍ය තොගය පරවි සුදා නමැති මත්කුඩු ජාවා­ර­ම්ක­රුට අයත් බවත් දෙහි­බාලේ මල්ලි නමැති ජාවා­ර­ම්කරු මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවා­හ­නය කිරීමේ කට­යුතු භාර­ගෙන ඇති බවත් මූලික විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇති බව විමර්ශන අංශය පවසයි. මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන විත් තිබෙන්නේ OFRP_A_1522_MTR අංක දරණ ඩිංගි බෝට්ටුවෙනි. එම බෝට්ටු හිමිකරු ලෙස සැලකෙන්නේ දෙහිබාලේ මල්ලී ගේ ගෝලයෙක් වූ තරු නැමැති පුද්ගලයෙක් බව ද අනාවරනය වී ඇත.

LSN Sri Lanka · 26 October 2026

රුපියල් බිලියන 11.8ක මත්ද්‍රව්‍ය ගොඩබිමට ඇද්ද හැටි එළියට: ඉරාන යාත්‍රාවේ සිට තලල්ල වෙරළට ගෙන ආ ජාවාරමේ තොරතුරු මෙන්න!

තලල්ල, නාඔටුන්න ප්‍රදේශයේ මුහුදු වෙරළින් අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 11.8ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 561ක මත්ද්‍රව්‍ය තොගය, ඉරාන බහුදින යාත්‍රාවකින් ඈත මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවකට භාරදීමෙන් අනතුරුව ඩිංගි බෝට්ටුවකින් වෙරළට ප්‍රවාහනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉරාන ජාවාරම්කරුවන්ගෙන් ඈත දියඹේදී ලබාගත් මෙම මත්ද්‍රව්‍ය තොගය, අදාළ බහුදින යාත්‍රාව මඟින් ගොඩබිමට ආසන්න මුහුදු තීරයේදී ඩිංගි යාත්‍රාවකින් පැමිණි පිරිසකට භාරදී ඇත. ඉරාන යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ලබාගත් මෙම මෙරට බහුදින යාත්‍රාව සොයා මේ වන විට විශේෂ විමර්ශන ක්‍රියාත්මක වේ.

මෙම මත්කුඩු තොගය මෙරටට රැගෙන ඒමට සැලසුම් කරන අවස්ථාවේ සිටම ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ වෙත ලැබී තිබිණි. ඒ අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව දින කිහිපයක් පුරා දකුණු වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආවේක්ෂණ රාජකාරිවල නිරතව සිට ඇත.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු බුද්ධි අංශ නිලධාරීන් නාඔටුන්න වෙරළ තීරයේ ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියදී, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තලල්ල ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිරිපිට මුහුදේ ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ඩිංගි යාත්‍රාවක් එහි එන්ජිම ගලක ගැටීමෙන් හදිසියේ අනතුරකට ලක්ව ඇති බව නිරීක්ෂණය වී තිබේ.

එම යාත්‍රාවේ සිටි පිරිස මුහුදට පැන පිහිනා යමින් බෝට්ටුව වෙරළ දෙසට ඇදගෙන ඒමට උත්සාහ කර ඇති අතර, මුහුදේ පැවැති චණ්ඩ රළ හේතුවෙන් යාත්‍රාව වෙරළට රැගෙන එද්දී පෙරළී ගොස් ඇත.

ඒ සමඟම බෝට්ටුවේ පිටත සවිකර තිබූ එන්ජිම කඩා වැටී අක්‍රිය වීමත් සමඟ එහි පැමිණි තිදෙනා එහි තිබූ මලු ගොඩබිමට ඇදීමට පටන්ගෙන තිබේ. වෙරළේ ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට යද්දී, අදාළ පිරිස මලු දෙකක් ද රැගෙන පලා යෑමට උත්සාහ කර ඇත. නිලධාරීන් ඔවුන් පසුපස හඹා යද්දී සැකකරුවන් එම මලු දමා පලාගිය බව නාවික හමුදාව පැවසීය.

මේ අතර ගන්දර ධීවර වරායේ රාජකාරියේ නිරත වෙරළාරක්ෂක නිලධාරීන්ට, නාඔටුන්න මුහුදු තීරයේ බෝට්ටුවක් අනතුරකට ලක්වූ බවට ධීවරයන්ගෙන් ලද තොරතුරකට අනුව, වරායේ තිබූ වෙරළාරක්ෂක යාත්‍රාවක් වහා තලල්ල නාඔටුන්න මුහුද දෙසට යැවීමට කටයුතු කෙරිණි. එහිදී සිදුකළ විශේෂ සෝදිසියකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවී තිබේ.

මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලදී පළමුව සැකකරුවන් දෙදෙනකු ගන්දර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් අයකු පෙරළීගිය බෝට්ටුවේ පිරිස රැගෙන යෑම සඳහා පැමිණි අයකු බවටත්, අනෙක් තැනැත්තා සැකකාර පිරිසට වෙරළාසන්න ලැගුම්හලක නවාතැන් දුන් අයකු බවටත් හඳුනාගෙන තිබේ. එම ලැගුම්හලේ තිබී තෙත සහිත ඇඳුම් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

පොලීසිය අදාළ ලැගුම්හලට යන විට එහි සිටි පිරිස ඉන් පලාගොස් සිටි බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

මත් කුඩු කාගෙද?

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මීට සතියකට පෙර අවස්ථාවකද මත්ද්‍රව්‍ය තොගයක් ආසන්න වෙරළ තීරයකින් ගොඩබිමට ප්‍රවාහනය කළ බවට වූ සැකය මත අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටි අයකු බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය පරවි සුදා නමැති මත්කුඩු ජාවා­ර­ම්ක­රුට අයත් බවත් දෙහි­බාලේ මල්ලි නමැති ජාවා­ර­ම්කරු මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවා­හ­නය කිරීමේ කට­යුතු භාර­ගෙන ඇති බවත් මූලික විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇති බව විමර්ශන අංශය පවසයි. මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන විත් තිබෙන්නේ OFRP_A_1522_MTR අංක දරණ ඩිංගි බෝට්ටුවෙනි. එම බෝට්ටු හිමිකරු ලෙස සැලකෙන්නේ දෙහිබාලේ මල්ලී ගේ ගෝලයෙක් වූ තරු නැමැති පුද්ගලයෙක් බව ද අනාවරනය වී ඇත. මත්ද්‍රව්‍ය තොගය ඩිංගි බෝට්ටුවෙන් රැගෙන පැමිණ පැමිණි බවට ගන්දර දෙවුන්දර සහ රන්න ප්‍රදේශවල සැකකරුවන් තිදෙනෙක් ගැන අවධානය විමරශයකයන් විසින් යොමු කර තිබේ.

විමර්ශන වැඩි දුරටත් ක්‍රියාත්මකය.