අතීත ක්රිකට් උරුමය යළි මතක් කරන තරගයක්... ලකුණු 110කට පකිස්ථානය සීමා කළ ශ්රී ලංකාවට කඩුළු 08ක ජයක්!
අපේ ක්රිකට් ඉතිහාසය ගොඩනැඟුණේ මෙවැනි දක්ෂතා අහම්බෙන් පෙන්වා අතුරුදන් වූ කණ්ඩායමකින් නොවන බැවිනි. ලෝකයේ ප්රබලතම කණ්ඩායම්වලට අභියෝග කරමින්, ඔවුන් පරාජය කරමින්, ලෝක ශූරතාව දක්වා ගමන් කළ ක්රිකට් සංස්කෘතියක උරුමයක් අපට තිබේ.
LSN Sri Lanka ·

ශ්රී ලංකා ක්රිකට් ලෝලීන්ට කාලයකට පසු හිත පිරෙන්නට සතුටු විය හැකි දවස් ගතවෙමින් තිබේ. ඒ සතුට හුදෙක් ක්රිකට් තරගයක් ජයග්රහණය කිරීම නිසාම නොවේ. කලක් තිස්සේ පරාජයේ අමිහිරි අත්දැකීම් විඳිමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම සිය ජයග්රහණයන් යාවත්කාලීන කිරීමය. මින් පෙර තමන් මුහුණ දුන් තරගයේ දි එංගලන්තයේ දැවැන්ත 429ක ඉලක්කය හඹා ගොස් ජයගත් ශ්රී ලංකා කණ්ඩායම අද ලාහෝරයේදී පෙන්වූ විශිෂ්ඨ ක්රීඩා විලාශය සමග බැඳුන ජයග්රාහී ගමනක අඛණ්ඩතාවය උපදවනු ලබන්නේ බලාපොරොත්තුවක ආනන්දය ය.

පාකිස්ථානයේ දී ක්රීඩාංගණයක පාකිස්ථානය ලකුණු 110කට සීමා කර, කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑම සාමාන්ය ජයග්රහණයක් නොවේ. එය පරාජයන් පහක් පුරා පාකිස්ථානය හමුවේ හිස පහත් කරගෙන සිටි ශ්රී ලංකා කණ්ඩායම ලබාදුන් ප්රබල පිළිතුරකි.

ඒ පිළිතුරේ ප්රධාන චරිතය වූයේ දිල්ෂාන් මධුශංකය.

මෙතෙක් දිලිෂාන් පන්දු යවන ආකාරය දුටු විට මේ හාදයා මොන මගුලකට අපේ එකොලොස් දෙනා අතරට තෝරා ගත්තා දැයි නෑසූ ක්රිකට් බලන්නෙක් හිටියා නම් කලාතුරකිනි. නමුත් අද ඔහු යැවූ පන්දු හමුවේ පාකිස්ථාන පිතිකරුවන් අසරණ වූ ආකාරය දුටු විට අපට සිහි වූයේ අප සතුව තිබූ අතීත ක්රිඩාවේ අභිමානය ය.

දිල්ෂාන් මධුසංක 2023 ලෝක කුසලානයේ දි පිතිකරුවන් අන්ද මන්දකළ පන්දු යවන්නෙක්ව සිටියේය. ඒ වමත් වේග පන්දු යවන්නා අද නැවත පැමිණ සිටි අයුරු දුටුවෙමු. 2023න් පසු ඔහු ආබාධ නිසා නොසෑහෙන්න පීඩා වින්දේය. යළි සුවපත් වූ දිල්ෂාන් සිය සුපුරුදු රිද්මයට පැමිණ ඇති බව ලෝකයට කීවේය. ඒ සිය ක්රිකට් දිවියේ එක්දින තරගයක හොඳම පන්දු යැවීම සටහන් කරමිනි.

දිල්ෂාන් මධුශංකගේ පන්දු හමුවේ පාකිස්ථානය බිඳ වැටුණු හැටි

ලාහෝරයේ ගඩාෆි ක්රීඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ට අයහපත් එකක් නොවීය. එවැනි තණතීරුවක ලකුණු 250ක් හෝ ඊට වැඩි ගණනක් රැස් කිරීමේ හැකියාවක් ඇති පාකිස්ථාන පිතිකරණ පෙළ අද ශ්රී ලංකා පන්දු යවන්නන් හමුවේ බිඳ වැටුණේ ඇදහිය නොහැකි ආකාරයටය.

එහි ආරම්භකයා වූයේ මධුශංකය.

ෆකාර් සමාන් වෙත ඔහු යොමු කළ කෙටි පන්දුව පිතිකරුවා බලාපොරොත්තු වූවාට වඩා ඉහළ නැඟුණේය. පන්දුව පාලනය කරගැනීමට අපොහොසත් වූ ෆකාර්ගේ පිත්තෙන් නික්මුණු උඩපන්දුව රැකගැනීමට පන්දු රකින්නාට අපහසුවක් නොවීය. එයින් ඇරඹුණේ පාකිස්ථාන පිතිකරණයේ විනාශය ය.

මධුශංකගේ පන්දුවල වේගය පැයට කිලෝමීටර 135ක් පමණ වුවද, ඔහු තණතීරුවෙන් ලබාගත් ඉපිලීම සහ පන්දුව යොමු කළ ස්ථාන පිතිකරුවන්ට දැඩි අභියෝගයක් විය.

විශේෂයෙන්ම ඔහු දෙවැනි වර පන්දු යැවීමට පැමිණි අවස්ථාවේ අරෆාත් මින්හාස් දවාගත් පන්දුව අපූරුය. ඉහළ නැඟුණු කෙටි පන්දුව පිතිකරුවාගේ පිත්තේ ඉහළ කොටසේ වැදී උඩ ගියේය. කුසල් මෙන්ඩිස් එය රැකගත්තේ පාකිස්ථානය යළි තරගයට පිවිසීමට තිබූ තවත් අවස්ථාවක් අවසන් කරමිනි.

ඒ වනවිට මින්හාස් සහ හසන් නවාස් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සබඳතාවක් ගොඩනඟා තිබිණි. එය පාකිස්ථාන ඉනිමේ ඉහළම කඩුලු සබඳතාව විය. මධුශංක එයත් බිඳ දැමුවේය.

අනතුරුව හරිස් රවුෆ්ගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව පළමු ස්ලිප්හි සිටි කමිඳු මෙන්ඩිස් බිමට ආසන්නයෙන් විශිෂ්ට ලෙස රැකගත්තේය. අවසානයේ ෂහීන් ෂා අෆ්රිඩි දවාගනිමින් මධුශංක සිය පස්වැනි කඩුල්ල සම්පූර්ණ කළේය.

දිල්ෂාන් මධුශංකගේ පන්දු යැවීම ලකුණු 34ට කඩුලු 05කි. මේ ඔහු එක්දින තරගයක කඩුලු පහක් දවාගත් දෙවැනි අවස්ථාවය. පළමු අවස්ථාව වාර්තා වූයේ 2023 ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිවය. කෙසේ වෙතත් මේ වාර්තා වන්නේ ඔහු සිය ක්රිඩා ජීවිතයේ එක් දින තරගය කදී වාර්තා කළ විශිෂ්ඨතම පන්දු යැවීමය.

බාබර් අසාම්ටත් බැරි වූ දේ...

පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ බාබර් අසාම්ය. ඔහු පන්දු 33කදී ලකුණු 29ක් රැස් කළේය.

එහෙත් පාකිස්ථානයට අවශ්ය වූයේ ලකුණු 29ක ඉනිමක් නොවේ. බිඳ වැටෙමින් තිබූ පිතිකරණ පෙළ ගොඩගත හැකි දීර්ඝ ඉනිමකි. බාබර්ට එය කළ නොහැකි විය. එෂාන් මාලිංග ඔහුව දවා ගත්තේය.

අසිත ප්රනාන්දුගේ පන්දුවකට මාස් සදාකත් දැවි ගියේය. සහන් ආරච්චිගේ කඩුලු දෙකක් දවාගනිමින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගත්තේය. අසිත ප්රනාන්දු, ඒෂාන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගත්හ.

මෙහි විශේෂත්වය වූයේ පන්දු යැවීම පමණක් නොවේ. ශ්රී ලංකා පන්දු රකින්නෝ ද අද අසාමාන්ය උනන්දුවකින් ක්රීඩා කළහ. පිටියේ සෑම අස්සක් මුල්ලක් නෑරම දිව යමින් පන්දු රැකගත් ඔවුහු පාකිස්ථාන පිතිකරුවන්ට පහසු ලකුණු ලබාගැනීමට ඉඩ නොදුන්හ.

පාකිස්ථානය ලකුණු 110කට දැවී ගියේ එවැනි සාමූහික ප්රයත්නයක ප්රතිඵලයක් ලෙසය.

එය පාකිස්ථානය සිය මව්බිමේදී එක්දින තරගයක රැස් කළ දෙවැනි අඩුම ලකුණු සංඛ්යාව විය. එහි ඇති තවත් අපූරු කාරණයක් තිබේ. පාකිස්ථානය සිය මව්බිමේදී මින් පෙර අඩුම ලකුණු සංඛ්යාවකට දැවී ගොස් තිබුණේත් ශ්රි ලංකා කණ්ඩායම ඉදිරියේ ය.

කමිඳු මෙන්ඩිස් ජයග්රහණය සියතට ගනී

ලකුණු 111ක ඉලක්කයක් හඹායෑම පහසු කාර්යයක් සේ පෙනුණද පාකිස්ථානය සතු වේගපන්දු බලඇණිය හමුවේ කිසිදු ඉලක්කයක් නොසලකා හැරිය නොහැකි විය. එහෙත් ශ්රී ලංකාව අද පිටියට පිවිසියේ දෙගිඩියාවකින් තොරවය.

අවිශ්ක ප්රනාන්දු ෂහීන් අෆ්රිඩිගේ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේය.

කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑම නම් අසාමාන්ය සිදුවීමකි. අරෆාත් මින්හාස්ගේ පන්දුවක් ආරක්ෂාකාරීව වැළැක්වීමට ගිය කුසල්ගේ පිත්තේ වැදුණු පන්දුව ඉදිරියට ඉපිලී, පහර අවසන් කරන විට නැවත පිත්තේ පිටුපස වැදී කඩුල්ල මත පතිත විය. කුසල් පිටියෙන් ඉවත් වූයේ තමන්ට සිදුවූ දේ ගැන පුදුමයට පත් සිනහවක් ද සමඟිනි.

එහෙත් ඒ වනවිටත් තරගයේ පාලනය ශ්රී ලංකාව අතේ තිබිණි.

කමිඳු මෙන්ඩිස් පිටියේ රැඳී සිටියේය. ඔහුට වාසනාව ද නොඅඩුව ලැබිණි. මුල් අවස්ථාවේ කඩුලු රකින සාද් බේග් අතින් ඔහු ලබාදුන් උඩපන්දුවක් ගිලිහී ගියේය.

පසුව අර්ධ ශතකයට ආසන්න වෙමින් සිටියදී ඔහු එල්ල කළ පහරකින් ලැබුණු උඩපන්දුව හතරේ සීමාව අසලදී රැකගත්තද පන්දු රකින්නා සීමා රේඛාව ස්පර්ශ කිරීම නිසා එය දැවී යෑමක් නොවීය. කමිඳු එම අවස්ථාවලින් ප්රයෝජන ගත්තේය.

ඔහු පන්දු 60කදී නොදැවී ලකුණු 62ක් රැස් කළේය. අනෙක් අන්තයේ සිටි පවන් රත්නායක පන්දු 26කින් නොදැවී ලකුණු 23ක් ලබාගත්තේය. අවසානයේ පවන් එල්ල කළ හතරේ පහරින් ශ්රී ලංකාව ජයග්රහණය සම්පූර්ණ කළේ පන්දුවාර 18.1කදීය.

ශ්රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්

තරගය පුරා යැවුණේ පන්දුවාර 43.4ක් පමණි. ක්රීඩාංගණයේ විදුලි පහන් දැල්වී වැඩි වේලාවක් ගතවීමටත් පෙර පාකිස්ථානයේ පරාජය තීරණය වී තිබිණි.

ඒ අනුව අද ජයග්රහණයත් සමඟ ශ්රී ලංකාව තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී යළිත් හමුවන්නේ පාකිස්ථානයමය.

මේ ප්රතිඵලයත් සමඟ එංගලන්තයට අවසන් මහා තරගයට පිවිසීමේ තිබූ ගණිතමය අවස්ථාව ද අහිමි විය. ඒ අනුව බ්රහස්පතින්දා පැවැත්වීමට නියමිත ශ්රී ලංකා - එංගලන්ත තරගය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම කෙරෙහි බලපෑමක් නැති තරගයක් බවට පත්ව ඇත්තේය.

එහෙත් ශ්රී ලංකාවට එය වැදගත් නැති තරගයක් නොවේ. අද ලබාගත් ජයග්රහණයේ විශ්වාසය අවසන් මහා තරගය දක්වා රැගෙන යෑමට එය තවත් අවස්ථාවකි.

පාකිස්ථානය ද අද පරාජයෙන් පාඩම් ඉගෙන ගනු ඇත. සිය මව්බිමේදී ලකුණු 110කට දැවී ගොස් කඩුලු අටක පරාජයක් ලැබීම ඔවුන්ට පහසුවෙන් අමතක කළ හැකි අත්දැකීමක් නොවේ.

මේ ජයග්රහණය අපට කියන්නේ කුමක්ද?

කාලයක් තිස්සේ ශ්රී ලංකා ක්රිකට් ගැන අපට කතා කරන්නට සිදුවූයේ පරාජයන් ගැනය. පිතිකරණයේ අස්ථාවරත්වය, පන්දු යැවීමේ දුර්වලතා, පන්දු රැකීමේ අඩුපාඩු සහ තරග ජයගත හැකි අවස්ථා අහිමි කරගැනීම ගැන අපි නැවත නැවත ලීවෙමු.

අද ඒ වෙනුවට වෙනස් කතාවක් ලියන්නට අවස්ථාව ලැබී තිබේ.

දිල්ෂාන් මධුශංක යළි සිය රිද්මය සොයාගෙන ඇත. කමිඳු මෙන්ඩිස් තීරණාත්මක අවස්ථාවක පිත්තෙන් කණ්ඩායමට ශක්තියක් විය හැකි බව පෙන්වා ඇත. පවන් රත්නායක සිය විශ්වාසය තහවුරු කරගෙන තිබේ. සහන් ආරච්චිගේ සිට දුනිත් වෙල්ලාලගේ දක්වා පන්දු යවන්නන් තමන්ට පැවරුණු වගකීම ඉටු කර ඇත. පන්දු රකින්නන් ද තම කාර්යය මැනවින් ඉටු කර තිබේ.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ අද ශ්රී ලංකාව ක්රීඩා කළේ ජයග්රහණය පිළිබඳ විශ්වාසයක් ඇති කණ්ඩායමක් ලෙස වීමය.

එහෙත් එක් විශිෂ්ට ජයග්රහණයකින් ශ්රී ලංකා ක්රිකට් මුහුණ දී සිටින සියලු අර්බුද විසඳී ඇතැයි කිව නොහැකිය. අද පාකිස්ථානය ලකුණු 110කට සීමා කළ පන්දු යැවීමේ ශක්තියත්, තරගය පාලනය කළ විනයත්, ජයග්රහණය තෙක් පවත්වාගත් ආත්මවිශ්වාසයත් ඉදිරි තරගවලදී නැවත නැවත පෙන්වීමට අපට හැකි විය යුතුය.

මක්නිසාද යත් අපේ ක්රිකට් ඉතිහාසය ගොඩනැඟුණේ මෙවැනි දක්ෂතා අහම්බෙන් පෙන්වා අතුරුදන් වූ කණ්ඩායමකින් නොවන බැවිනි. ලෝකයේ ප්රබලතම කණ්ඩායම්වලට අභියෝග කරමින්, ඔවුන් පරාජය කරමින්, ලෝක ශූරතාව දක්වා ගමන් කළ ක්රිකට් සංස්කෘතියක උරුමයක් අපට තිබේ.

අද ලාහෝරයේදී අප දුටුවේ ඒ උරුමයේ තවත් එක් ආලෝකයක් විය හැකිය.

දැන් අවශ්ය වන්නේ ඒ ආලෝකය එක් දවසක දීප්තියකට සීමා නොකිරීමය. අවසන් මහා තරගයේදීත් පාකිස්ථානය හමුවේ මේ දක්ෂතාවම පෙන්වා, පරාජයන්ගෙන් හෙම්බත් වූ ශ්රී ලංකා ක්රිකට් ලෝලීන්ට සැබෑ ජයග්රාහී බලාපොරොත්තුවක් ලබාදීමය.

අද ලාහෝරයේදී ඒ ගමනට අප හොඳ ආරම්භයක් ලබා ගත්හ.