LSN News › Sri Lanka

රුමේෂ්ගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවෙන් වන්දි ගෙවීමට තුර්කි ගුවන් සේවය එකඟ වෙයි!

LSN Sri Lanka · 16 September 2026

රුමේෂ්ගේ හානි වූ හෙල්ල කට්ටලය  වෙනුවෙන් වන්දි ගෙවීමට තුර්කි ගුවන් සේවය එකඟ වෙයි!

ලෝක ශූර හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් කඩිනමින් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා බවට තුර්කි ගුවන් සේවය එකඟතාව පළ කර තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව ඊයේ (15) සිවිල් ගුවන් සේවා අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වුණේ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික කර්නල් රන්ජිත් රාජසිංහ ඇතුළු තුර්කි ගුවන් සේවයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

එහිදී තුර්කි ගුවන් සේවයේ නියෝජිතයන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව සිය කණගාටුව පළ කළ අතර, මේ සම්බන්ධයෙන් විධිමත් ආයතනික විමර්ශනයක් පවත්වන බවටත්, සිදුවූ හානිය නිසි පරිදි තක්සේරු කරන බවටත් සහතික විය. විමර්ශනයෙන් අනතුරුව අලාභය ඉක්මනින් තක්සේරු කර, වන්දි ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රමාදයකින් තොරව සිදු කිරීමටද එහිදී තීරණය කෙරිණි.

හංගේරියේ බුඩාපෙස්ට්හි පැවැති ආරම්භක ලෝක මලල ක්‍රීඩා අවසන් ශූරතාවලියේදී රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුව පෙරළා දිවයිනට පැමිණෙන අතරතුර, රුමේෂ්ගේ ජැව්ලින් කිහිපයකට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානය තුළදී මෙම හානිය සිදුව තිබිණි. ගුවන් ගමන අවසානයේ සිය උපකරණවලට හානි සිදුව ඇති බව නිරීක්ෂණය වීමෙන් පසුව ඔහු විසින් ඒ පිළිබඳව ගුවන් සේවා බලධාරීන්ට නිල වශයෙන් පැමිණිලි කරනු ලැබීය. නිල වාර්තාවල හෙල්ල විසිකිරිම් හතරකට හානි සිදුව ඇති බව සඳහන් වුවද,

තරග සඳහා භාවිත කරන හෙල්ල පහක් ඉතා සුරක්ෂිතව ඇසුරුම් කර භාරදුන් නමුත් ඒ සියල්ලම කැඩී පැමිණ ඇති බව ජාත්‍යන්තර වාර්තා සහ ක්‍රීඩකයාගේ පුහුණුකරු වැඩිදුරටත් පෙන්වා දෙයි.

<sp

an style="color:#dc2626">සිදුවූ හානිය පිළිබඳව අදහස් දැක්වූ රුමේෂ් තරංග මෙසේ පැවසීය.

“මම මීටර් 90ට වැඩි විසිකිරීම්වලට යොදාගත් හෙල්ල තුනටම හානි වෙලා තියෙන්නේ. මේක ගුවන් සේවයේ වරදක් වෙන්න පුළුවන්. ඒත් සිදුවූ දේ වෙලා ඉවරයි. මම මේක ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මගේ ඉදිරි ගමන මම යනවා.”

මෙය කේවල් කළ හැකි මුදලකට එහා ගිය චිත්තවේගීය වටිනාකමකින් යුතු අලාභයක් බවයි ඔහු පවසන්නේ. එම ජැව්ලින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල, ලෝක ශූරතාවලිය සහ 2028 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් භාවිත කිරීමට සැලසුම් කර තිබූ ඒවා වීම ඊට හේතුවයි.

23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ මේ වසරේ ලෝකයේ අංක එකේ ජැව්ලින් විසිකිරීමේ ක්‍රීඩකයා බවට පත් විය. රෝමයේ පැවැති දියමන්ති ලීග් තරගාවලියේදී මීටර් 92.62ක ජාතික වාර්තාවක් පිහිටුවූ ඔහු, සියර්ක්හිදී මීටර් 92.07ක දුරක් සටහන් කිරීමට සමත් විය. එමෙන්ම බුඩාපෙස්ට්හි ලෝක අවසන් ශූරතාවලියේදී ඔහු රන් පදක්කම දිනාගත්තේ මීටර් 91.09ක විසිකිරීමක් වාර්තා කරමිනි. මේ වසරේදී මීටර් 90 සීමාව ඉක්මවා විසි කිරීමට ඔහු භාවිත කළ ජැව්ලින් තුනම මෙම අනතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාම විශාල පාඩුවකි. ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ජැව්ලින් විසිකිරීමේ තරග ඉදිරි දිනවලදී ආරම්භ වීමටද නියමිතව තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මීට පෙර සඳහන් කළේ රජයේ මැදිහත්වීමෙන් රුමේෂ්ට නව ජැව්ලින් කට්ටලයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඔහුගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් රජය පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය. මුදලට වඩා එහා ගිය බැඳීමක් ක්‍රීඩකයාට මෙම මෙවලම් සමඟ පැවැති බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්නද අවධාරණය කළේය.

තුර්කි ගුවන් සේවය සිය කණගාටුව පළ කරමින් විමර්ශනයකට සහ වන්දි ලබාදීමට එකඟ වීමත් සමඟ, කඩිනමින් අලාභ තක්සේරුව අවසන් කර ක්‍රීඩකයාට නව උපකරණ ලබාදීම සැමගේ අපේක්ෂාවයි. ලෝක මට්ටමේ ශූරයෙකුගේ තරග උපකරණ ගුවන් ගමනකදී මෙලෙස හානියට පත්වීම ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේද දැඩි අවධානයට ලක්වූ කරුණක් විය.

රුමේෂ් සඳහන් කළ පරිදි මෙය ඔහුට "ලොකු ප්‍රශ්නයක් නොවන" නමුත්, රටකට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩකයන්ගේ මෙවලම් සුරක්ෂිතව පරිහරණය කිරීමේ මහත් වගකීමක් ගුවන් සේවා ආයතන මෙන්ම අදාළ අධිකාරීන් සතුව පවතින බව මෙම සිදුවීම නැවත වරක් තහවුරු කරයි.