නේපාලය විනාශ කළ ඛේදවාචකයට ලෝකයේ හැම මිනිහෙක්ම වගකිව යුතු හැටි විද්‍යාඥයෝ පැහැදිලි කරති!
2000 වසරේ සිට කලාපයේ ග්ලැසියර වසරකට මීටර් බාගයකින් පමණ තුනී වෙමින් පවතී. මෙය පාෂාණ මත ඇති පීඩනය වෙනස් කර තිබේ. Permafrost හෙවත් ශීත වූ පස දියවීම ද පාෂාණ තලය දුර්වල කිරීමට හේතු වී ඇති බව අධ්‍යයනය පෙන්වා දෙයි.
LSN Sri Lanka ·

අගෝස්තු අග නේපාලයේ සහ ටිබෙටයේ කොටස් ගංවතුරෙන් යට කර, 1,400කට පමණ මරණයට පත් කර, තවත් දහස් ගණනක් අතුරුදහන් කළ භයානක හිම ග්ලැසියර කඩා වැටීමට මානව ක්‍රියාකාරකම් නිසා ඇති වූ දේශගුණික විපර්යාසය බෙහෙවින් දායක වී ඇති බව මේ සම්බන්ධව අධ්‍යයනය කරන විද්‍යාඥයෝ පැවසූහ.

හිමාලයේ ලංටාං ලිරුං කන්දෙන් පසුගිය මාසයේ ගල් බිත්තියක් සහ හිම ග්ලැසියරයක් වර්ග කිලෝමීටර් 2ක පමණ ප්‍රමාණයක් කඩා වැටුණි. මෙම සිද්ධියේදී දේශගුණික විපර්යාසයේ නිශ්චිත භූමිකාව තීරණය කිරීම අපහසු වුවද, ඉහළ යන උෂ්ණත්වය එයට පූර්ව කොන්දේසි නිර්මාණය කළ බව අධ්‍යයනයට සම්බන්ධ පර්යේෂකවරු පවසති.

World Weather Attribution (WWA) සමූහයේ පර්යේෂකයන්ට අනුව, කලාපයේ ඉක්මනින් උණුසුම් වන උෂ්ණත්වය නිසා ග්ලැසියර තුනී වී ඇති අතර, හිමාලයේ පාෂාණ තුළ ගැඹුරින් තිබූ අයිස් සහ වසර ගණනාවක් තිස්සේ තදින් මිදී පවතින "ශීත කළ පස" (Permafrost) ද දිය වී ඇත.

ඉම්පීරියල් කොලේජ් ලන්ඩන්හි දේශගුණ විද්‍යාඥ ෆ්‍රෙඩෙරිකේ ඔටෝ පැවසුවේ, “ Permafrost දියවීම, ග්ලැසියර තුනී වීම සහ හිම වෙනුවට වැඩි වර්ෂාව ලැබීම හරහා මෙම ව්‍යසනයට පූර්ව කොන්දේසි නිර්මාණය කිරීමේදී මානව ක්‍රියාකාරකම් නිසා ඇති වූ දේශගුණික විපර්යාසය විශාල භූමිකාවක් ඉටු කළ බවට කිසිදු සැකයක් නැත” යනුවෙනි.

අගෝස්තුවේ හිමාල කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 05කින් ඉහළ ගිහින්

අධ්‍යයනයට අනුව, අගෝස්තු මාසයේ හිමාල කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 5ක් පමණ ඉහළ ගොස් තිබුණි. එම ඉහළ යාමෙන් සෙල්සියස් අංශක 1.5ක් දේශගුණික විපර්යාසය නිසා ඇති වූවකි. පසුගිය වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාසවල අසාමාන්‍ය ලෙස වැඩි හිම පතනයක් ද තිබූ අතර, උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ එය අතිරේක දියවන ජලය එකතු කළේය.

2000 වසරේ සිට කලාපයේ ග්ලැසියර වසරකට මීටර් බාගයක් පමණ තුනී වෙමින් පවතී. මෙය පාෂාණ මත ඇති පීඩනය වෙනස් කර තිබේ. Permafrost හෙවත් ශීත වූ පස දියවීම ද පාෂාණ තලය දුර්වල කිරීමට හේතු වී ඇති බව අධ්‍යයනය පෙන්වා දෙයි.

මෙම ව්‍යසනය සිදුකවූ හිමාලයේ ලංටාං ලිරුං කන්දටම 2015දී බලපෑ මැග්නිටියුඩ් 7.8ක භූමිකම්පාව නිසා යටින් තිබූ පාෂාණ දුර්වල කිරීමට දායක වී තිබිය හැකි නමුත්, එහි නිශ්චිත බලපෑම තවමත් පැහැදිලි නැත. උට්‍රෙක්ට් විශ්වවිද්‍යාලයේ කඳුකර ජලවිද්‍යාඥ වෝල්ටර් ඉමර්සීල් පැවසුවේ, “මෙය භූවිද්‍යාත්මකව අවදානම් සහිත බෑවුමක් වූ අතර, 2015 භූමිකම්පාවෙන් දුර්වල වී තිබිය හැකියි. නමුත් ග්ලැසියර සහ Permafrost දියවීමත් කඩා වැටීමට පෙර අවසන් කාලයේ අධිකව දියවූ ජලය එකතු වීම සහ අසාමාන්‍ය උණුසුමත් නිසා එය තවත් අස්ථාවර වුනා ” යනුවෙනි.

ව්‍යසනයේ පරිමාණය

අගෝස්තු 26 වැනිදා ලංටාං ලිරුං කන්දෙන් මීටර් 5,150ක් පමණ උසින් පාෂාණ-අයිස් කඩා වැටී, මීටර් 1,400ක් පමණ පහළට ගසාගෙන ගොස් භූමිකම්පාවකට සමාන කම්පනයක් ඇති කළේය. එය ඉක්මනින් අපද්‍රව්‍ය සහිත ගංවතුරක් බවට පත් වී, පැයට කිලෝමීටර් 188ක පමණ වේගයෙන් නිම්නය ඔස්සේ ගලා ගියේය. රසුවාගධි දේශසීමාවට මිනිත්තු හතකින් ළඟා වූ මෙම ගංවතුර ටිමුරේ, ස්‍යාබ්‍රුබේසි වෙළඳපොළ සහ ත්‍රිශූලී නිම්නයේ ජනාවාස, පාලම් සහ ජලවිදුලි ව්‍යාපෘති විනාශ කළේය.

නේපාල ජාතික ආපදා අවදානම් අඩු කිරීමේ හා කළමනාකරණ අධිකාරියට අනුව, තහවුරු වූ මරණ සංඛ්‍යාව 1,400කට ආසන්නය. දහස් ගණනක් තවමත් අතුරුදහන්ය. සොයාගත් මෘත දේහ අතරින් හඳුනාගෙන පවුල්වලට භාර දී ඇත්තේ සුළු ප්‍රතිශතයකි. චීන පැත්තේද මරණ සහ අතුරුදහන් වාර්තා වී ඇත.

අනුවර්තනයේ සීමාවන්

World Weather Attribution අධ්‍යයනය අවධාරණය කරන්නේ මෙය සාමාන්‍ය ගංවතුරක් නොව, පවතින අනතුරු ඇඟවීමේ පද්ධතිවල සැලසුම් හා පුරෝකථන සීමාවන් ඉක්මවා ගිය සංකීර්ණ, වේගවත් සිදුවීමක් බවය. නේපාලයේ සාම්ප්‍රදායික ගංවතුර සඳහා අනතුරු ඇඟවීම් ජීවිත බේරා ගැනීමට උපකාරී වී ඇති නමුත්, මෙවැනි කඳුකර ගල්-අයිස් කඩා වැටීම්වල වේගය හා පරිමාණය ඉදිරියේ අනුවර්තනයේ සීමාවන් පැහැදිලි වේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාසය මෙම බෑවුම කඩා වැටීමේ එකම හේතුව නොවන බවය. එය දැනටමත් අවදානම් සහිත භූවිද්‍යාත්මක ව්‍යුහයක් මත අස්ථාවරකාරී සාධකයක් ලෙස ක්‍රියා කළේය. එසේ වුවද, පොසිල ඉන්ධන දහනය නිසා හිමාලයේ උෂ්ණත්වය ගෝලීය සාමාන්‍යයට වඩා වේගයෙන් ඉහළ යමින් පවතින බැවින්, මෙවැනි භූ-අවදානම් ඉදිරියේදී තවත් බරපතල විය හැකිය.