නැගෙනහිර ඉඩම් හා වෙරළ ආරක්ෂා කිරීමේ කමිටුව දෙවැනි වරටත් රැස්වෙයි: අනවසර අත්පත් කර ගැනීම් ගැන මාස දෙකකින් වාර්තාවක් ඉල්ලයි!
නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් වැළැක්වීම, වෙරළ තීරය ආරක්ෂා කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ඉඩම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට මෙම කමිටුව පත් කර තිබේ.
LSN Sri Lanka ·

නැගෙනහිර පළාතේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළත වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති උපදෙස් ලබා දී තිබේ.

නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා පත් කළ කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.

නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් වැළැක්වීම, වෙරළ තීරය ආරක්ෂා කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ඉඩම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට මෙම කමිටුව පත් කර තිබේ.

කමිටුව මෙතෙක් කරන ලද කේෂ්ත්‍ර පරීක්ෂණවල ප්‍රගතිය සහ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

නැගෙනහිර පළාතේ වෙරළ තීරයන්හි සිදුවන අනවසර ඉදිකිරීම්, රජයේ ඉඩම් අත්පත් කර ගැනීම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධව අදාළ නිලධාරීන්ගෙන් තොරතුරු විමසා බැලූ අතර, ඒ පිළිබඳව මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසටද කමිටුව උපදෙස් දෙන ලදී.

මීට අමතරව ආරුගම්බේ වෙරළ තීරයෙහි සිදුව ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධවද අතුරු වාර්තාවක් ලබා ගැනීමටත් මෙහිදි තීරණය වූ අතර, අදාළ වාර්තා සකස් කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ තොරතුරු ලබා ගැනීමටද තීරණය කෙරිණි.

නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති සේනක පල්ලියගුරුගේ ඇතුළු කමිටුවේ සෙසු රාජ්‍ය නිලධාරීහුද, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර, වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී. පාලමකුඹුර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න යන නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.