LSN News › Sri Lanka

මට්ටක්කුලිය මාරක අනතුරේ රියදුරු ගංජා භාවිතයෙන් සිටි බවට පොලිසිය අනාවරණය කරයි!

සිද්ධිය වූ අවස්ථාවේ දි තමන් සමග පැමිණි සිය දරුවා වාහනයේ දමා රියදුරු පලාගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

LSN Sri Lanka · 17 September 2026

මට්ටක්කුලිය මාරක අනතුරේ රියදුරු ගංජා භාවිතයෙන් සිටි බවට පොලිසිය අනාවරණය කරයි!

මට්ටක්කුලිය, ෆර්ගියුසන් හන්දියේදී පුද්ගලයින් තිදෙනෙකු මරුට පත් කළ බහු වාහන රිය අනතුරේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේ ගංජා භාවිත කර සිටි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

</p>

<p>

අවුරුදු 52ක මට්ටක්කුලිය පදිංචිකරුවෙකු වන එම රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

</p>

<p>

සැප්තැම්බර් 16 වැනිදා රාත්‍රියේ වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ත්‍රීරෝද රථ දෙකක් හා යතුරුපැදි දෙකක් සමඟ ගැටී මෙම අනතුර සිදුවී ඇත. තුවාල ලැබූ 13 දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් තිදෙනෙකු මියගොස් තිබේ. ඉතිරි 12 දෙනා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

</p>

<p>

මරණකරුවන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. ඉන් දෙදෙනෙකුගේ වයස් අවුරුදු 44 සහ 64 බව හඳුනාගෙන ඇති අතර තෙවැන්නාගේ වයස තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

</p>

<p>

සිද්ධිය වූ අවස්ථාවේ දි තමන් සමග පැමිණි සිය දරුවා වාහනයේ දමා රියදුරු පලාගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.