LSN News › Sri Lanka

රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 112ක් මෙරටට ගෙන්වා ගැනීමට පියවර: නීතිවිරෝධී දේපළ බිලියන ගණනක් රාජසන්තක කෙරේ!

ගතවූ වසර තුනක කාලය තුළ හෙරොයින් (ඩයිඇසටයිල් මෝෆීන්) කිලෝග්‍රෑම් 4483ක් පොලිස් භාරයට ගෙන තිබේ. එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 107.942කි.

LSN Sri Lanka · 29 October 2026

රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 112ක් මෙරටට ගෙන්වා ගැනීමට පියවර: නීතිවිරෝධී දේපළ බිලියන ගණනක් රාජසන්තක කෙරේ!

‘මුළු රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (29) කොළඹදී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේ, රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රධාන පෙළේ සැකකරුවන් 112 දෙනෙකු රටවල් 13කින් හඳුනාගෙන ඇති අතර, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි.

2024, 2025 සහ 2026 යන වසර තුන ඇතුළත රතු නිවේදන සහිත, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 68 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වූ බවත්, ඔවුන්ට එරෙහිව මෙරට පවතින නීතියට අනුව ඉදිරි කටයුතු සිදු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. ඉදිරි වසර වන විට හඳුනාගෙන ඇති සෙසු සැකකරුවන් ද දිවයිනට ගෙන්වාගෙන නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

විදේශගතව සිටිමින් නීතිවිරෝධී ලෙස මුදල් උපයන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් විසින් අක්‍රමික ලෙස රැස්කරගත් දේපළ රාජසන්තක කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සහ අපරාධයකින් උත්පාදිත දේපළ විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ මඟපෙන්වීම යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ කොට්ඨාස දෙකක් හරහා විමර්ශන ආරම්භ කර ඇත.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස රජයේ සතු කරගැනීමට ප්‍රවේශයන් ලබාගත් දේපළවල විස්තර මෙසේය:

2024 වසර: රුපියල් මිලියන 1490ක දේපළ

2025 වසර: රුපියල් මිලියන 1549ක දේපළ

2026 වසර (මෙතෙක්): රුපියල් මිලියන 1656ක දේපළ

මෙලෙස රාජසන්තක කිරීමට නීතිමය පියවර ගෙන ඇත්තේ අපරාධකරුවන් විසින් අකාලයේ උපයා ගත් රන් ආභරණ, යාන වාහන, ඉඩම් දේපළ සහ මුදල් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

‘මුළු රටම එකට’ මෙහෙයුමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මත්ද්‍රව්‍ය උදුරා දැමීමයි. ඒ අනුව ගතවූ වසර තුනක කාලය තුළ හෙරොයින් (ඩයිඇසටයිල් මෝෆීන්) කිලෝග්‍රෑම් 4483ක් පොලිස් භාරයට ගෙන තිබේ. එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 107.942කි. මීට අමතරව රුපියල් මිලියන 454ක් වටිනා කොකේන් සහ එක්ස්ටසි වැනි මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගෙන ඇත.