LSN News › Sri Lanka

කොළඹ රථවාහන තදබදයට තිත තබන්නට නව මෙට්‍රෝ බස් 112ක් ධාවනයට: මාර්ග 7ක් ආවරණය වෙයි!

මෙම නව මෙට්‍රෝ බස් රථ සේවාව බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් ඔස්සේ ක්‍රියාත්මකය. මාර්ග 07ක් ආවරණය කරන සමස්ත බස් රථ 112ක් මෙලෙස අද සිට ජනතා අයිතියට පැවරිණි. ඉදිරි සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50ක් ගෙන්වා යාපනය, මහනුවර සහ ගාල්ල යන නගරාන්තර සේවාවන් සඳහා යෙදවීමට රජය අපේක්ෂා කරයි.

LSN Sri Lanka · 29 September 2026

කොළඹ රථවාහන තදබදයට තිත තබන්නට නව මෙට්‍රෝ බස් 112ක් ධාවනයට: මාර්ග 7ක් ආවරණය වෙයි!

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය අවම කරමින්, මගී ජනතාව වෙත වඩාත් සුවපහසු මෙන්ම ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම නව මෙට්‍රෝ බස් රථ සේවාව බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර, නියමිත කාලසටහනකට අනුව මගීන්ට තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි මෙහෙයුම් සංවිධානය කර ඇත. කොළඹ නගරයට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණය.

රුපියල් බිලියන 3ක ප්‍රතිපාදනවලින් ඇරඹි යෝධ ව්‍යාපෘතිය

නවීන මෙට්‍රො බස් සේවාවක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ 2025 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීම වෙනුවෙන් සුවපහසු, පතුල පහත් (Low-floor) බස් රථ 100ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

එම ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබුණු බස් රථ 104ක් සහ ජපන් රජය වෙතින් ප්‍රදානය කරන ලද බස් රථ 08ක් ඇතුළුව සමස්ත බස් රථ 112ක් මෙලෙස අද සිට ජනතා අයිතියට පැවරිණි.

ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම සහ ඩිජිටල්කරණය

මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම (LANKA METRO TRANSIT PVT) මේ වන විට සැලසුම්කරණ, ප්‍රසම්පාදන, යටිතල පහසුකම් සංවර්ධන සහ පරීක්ෂණ මෙහෙයුම් අදියර සාර්ථකව අවසන් කර ඇත.

ආරම්භක මෙට්‍රෝ බස් මාර්ග ජාලය ප්‍රධාන මාර්ග 7කින් සමන්විත වන අතර සමස්ත මාර්ග කොරිඩෝවෙහි දිග කිලෝමීටර 188.7ක් පමණ වේ. මෙට්‍රො බස් මෙහෙයුම් සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩිජිටල්කරණ පද්ධතියේ සැලසුම්ද අවසන් කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. මෙම ඩිජිටල් පද්ධතිය හරහා නවීන බස් රථ සමූහ කළමනාකරණය (Fleet Management), මගී තොරතුරු පද්ධති, ගාස්තු එකතු කිරීමේ නවීන ක්‍රමවේද සහ මෙහෙයුම් අධීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

මීට අමතරව මෙට්‍රො බස් ඩිපෝ සඳහා වන සැලසුම් අවසන් කර ඉදිකිරීම් කටයුතු ඇරඹී ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව බස් නැවතුම්පොළ පහසුකම් සංවර්ධනය කරමින් පවතී. ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින්ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

"මෙය රටේ ආර්ථික ශක්තිමත්භාවයේ සංකේතයක්" - අමාත්‍ය බිමල් රත්නායක

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, මෙම පියවර වත්මන් රජයේ දෙවසරක ගමන පිළිබඳ පැහැදිලි සංකේතයක් බවයි.

"අද සිට නාගරික ප්‍රවාහනය වෙනුවෙන් බස් රථ 122ක් පොදු ප්‍රවාහන සේවයට එක් වෙනවා. මේ ආණ්ඩුව පත් වී වසර දෙකක් සම්පූර්ණ වන මොහොතේ මේ රට ගමන් කරන දිශානතිය පෙන්වා දෙන සංකේතයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දීමට කැමතියි. නිදහස් සෞඛ්‍යය සහ අධ්‍යාපනය හා සමාන මට්ටමකට පොදු ප්‍රවාහන සේවයත් ගෙන ආ යුතු බව ජනාධිපතිවරයා ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අවධාරණය කළා. ඒ දිරිගැන්වීම අද අපට විශාල ශක්තියක් වුණා."

මෙට්‍රො සේවය ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 7.5ක් පමණ යොදවා ඇති අතර, එය රටේ ආර්ථික ශක්තිමත්භාවය තහවුරු කෙරෙන ලිට්මස් පරීක්ෂාවක් බඳු යැයිද අමාත්‍යවරයා පැවසීය. දින 356ක් වැනි වසරකටත් අඩු කාලයකදී රාජ්‍ය චක්‍රලේඛ අනුගමනය කරමින් මෙම අභියෝගය ජය ගැනීමට හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි සැලසුම් සහ ජාත්‍යන්තර සහයෝගය

ඉදිරි සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50ක් ගෙන්වා යාපනය, මහනුවර සහ ගාල්ල යන නගරාන්තර සේවාවන් සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. නාගරික ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් හරහා පුද්ගලික අංශයද මීට එක් කර ගැනීමටත්, Park & Ride ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා බස් නැවතුම්පොළවල් ආසන්නයේ රථවාහන ගාල් ස්ථාපිත කිරීමට නගරාධිපතිවරුන්ගේ සහය ලබා ගැනීමටත් නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා බස් රථ 8ක් ලබා දුන් ජපන් රජයට ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙට්‍රෝ සමාගමට තවත් බස් රථ 100ක් ලබා දීමට චීන රජය එකඟතාව පළ කර ඇති බවද අනාවරණය කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදෙස් තානාපතිවරුන්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ආයතනයේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.