LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ආසියානු ක්‍රීඩා උළෙල: මැලේසියාව පරදා ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයට පිවිසෙති!

පසුගිය හැංෂෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේදීද පදක්කමක් දිනාගැනීමේ වැඩි බලාපොරොත්තුවකින් පසුවෙයි.

LSN Sri Lanka · 18 September 2026

ආසියානු ක්‍රීඩා උළෙල: මැලේසියාව පරදා ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයට පිවිසෙති!

ජපානයේ නිෂ්ෂින්හි කොරෝගි ක්‍රීඩා උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් මැලේසියානු කණ්ඩායම පරදා ලකුණු 86ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (සැප්තැම්බර් 18) සමත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ කෙලින්ම අර්ධ අවසන් පූර්ව වටයෙන් තරග වැදීමේ අවස්ථාව හිමිව තිබූ අතර, මෙය ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලේදී තරග වැදුණු පළමු තරගයද වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 160ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඉනිම ආරම්භ කළ ඉමේෂා දුලානි ලකුණු 2කට දුවද්දී දැවී යාමකට හසුවුවද, දෙවැනි කඩුල්ල සඳහා පිටිය එක්වූ චමරි අතපත්තු සහ හසිනි පෙරේරා ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟූහ. ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ චමරි අතපත්තු පන්දු 37කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් ඇගේ 15 වැනි ජාත්‍යන්තර විස්සයි 20 අර්ධ ශතකය සපූරා ගත්තාය. ඇයට අගනා සහයක් දුන් හසිනි පෙරේරා පන්දු 26කදී ලකුණු 23ක් රැස් කළාය.

ඉනිමේ අවසන් පන්දුවාරවලදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු රැස්කිරීමේ වේගය ඉහළ නැංවූ කවිෂා දිල්හාරි පන්දු 27කදී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 44ක්ද, හර්ෂිතා සමරවික්‍රම පන්දු 18කදී ලකුණු 25ක්ද ලබා ගැනීමට සමත් වූහ. ඉනිම නිමා වන විට හන්සිමා කරුණාරත්න නොදැවී ලකුණු 01ක් ලබා සිටියාය. මැලේසියානු පන්දු යැවීමේදී නුරින් ඉමානිනා පන්දුවාර 4ක් යවා ලකුණු 29කට කඩුලු 3ක් දවාගත්තාය.

ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය මැලේසියානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට ඉඩක් හිමි වූයේ නැත. පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 74ක් පමණි. මැලේසියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභිනියන් වූ විනිෆ්‍රඩ් ඩුරයිසිංගම් ලකුණු 28ක් (පන්දු 47) සහ මහිරා ඉසාටි ඉස්මායිල් ලකුණු 24ක් (පන්දු 42) රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූ චමරි අතපත්තු පන්දුවාර 2කදී ලකුණු 3කට කඩුලු 2ක්ද, කවිෂා දිල්හාරි පන්දුවාර 3කදී ලකුණු 4කට කඩුලු 2ක්ද, මිතාලි අයෝධ්‍යා ලකුණු 15කට කඩුලු 2ක්ද දවාගත්හ. සුගන්දිකා කුමාරි පන්දුවාර 3ක් යවා ලකුණු 9ක්ට සීමා කළාය. ඇය කඩුලු දවා ගත්තේ නැත.

මෙම ජයග්‍රහණයත් සමඟ සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේදී ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව තරග වැදීමට වැඩි ඉඩකඩක් පවතී. පසුගිය හැංෂෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේදීද පදක්කමක් දිනාගැනීමේ වැඩි බලාපොරොත්තුවකින් පසුවෙයි.

ලකුණු පුවරුව සංක්ෂිප්තව:

ශ්‍රී ලංකාව: පන්දුවාර 20කදී 160/4 (චාමරි අතපත්තු 63, කවිෂා දිල්හාරි 44*, හර්ෂිතා සමරවික්‍රම 25, නුරින් ඉමානිනා 29/3)

මැලේසියාව: පන්දුවාර 20කදී 74/7 (විනිෆ්‍රඩ් ඩුරයිසිංගම් 28, මහිරා ඉසාටි ඉස්මායිල් 24, චාමරි අතපත්තු 3/2, කවිෂා දිල්හාරි 4/2, මිතාලි අයෝධ්‍යා 15/2)

ප්‍රතිඵලය: ශ්‍රී ලංකාවට ලකුණු 86ක ජයක්.