LSN News › Sri Lanka

සෞදියේ සිරගත ශ්‍රී ලාංකික තරුණයාගේ තත්ත්වයට රජයේ විශේෂ අවධානයක්!

අනෝජන් සිවරාසාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහුට ලබා දිය හැකි සියලුම සහායන් ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.

LSN Sri Lanka · 18 September 2026

සෞදියේ සිරගත ශ්‍රී ලාංකික තරුණයාගේ තත්ත්වයට රජයේ විශේෂ අවධානයක්!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට භාජනය වී සිටින ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාගේ තත්ත්වය සම්බන්ධයෙන් මෙරට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

</p>

<p>

රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ සිදුවීමේ වර්ධනය අඛණ්ඩව නිරීක්ෂණය කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

</p>

<p>

රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යාංශය පවසයි.

</p>

<p>

අනෝජන් සිවරාසාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහුට ලබා දිය හැකි සියලුම සහායන් ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.

</p>

<p>

මෙම නිවේදනයෙන් ඔහුට එරෙහි චෝදනා, දඬුවමේ වර්තමාන තත්ත්වය හෝ අභියාචනයේ ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිත තහවුරු කිරීමක් සිදු කර නැත. රියාද් තානාපති කාර්යාලය සෞදි අධිකරණ බලධාරීන්ගෙන් ලිඛිත තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින බව පසුව එළිදැක්වුණු වාර්තාවල සඳහන් වේ.