LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

නීතියට ඉහළින් බලය — ලෝකය ආපසු හැරෙමින් තිබේ ද?

වෙනස් රාජ්‍යයක ස්වාධීන පැවැත්මට ගරු කිරිමේ මූලධර්ම බිහිවූයේ මිනිසා හදිසියේම වඩා යහපත් හෝ ශිෂ්ඨ වූ නිසා නොවේ. ඒවා බිහිවූයේ, කිසිදු සීමාවකින් තොරව බල දේශපාලනය ක්‍රියාත්මක වූ විට එහි බිහිසුණු අවසානය කුමක්දැයි ලෝකය එක පිට එක විඳි මහා ලෝක යුද්ධ දෙකකින් දැක තිබූ බැවිනි.

LSN Sri Lanka · 19 September 2026

නීතියට ඉහළින් බලය — ලෝකය ආපසු හැරෙමින් තිබේ ද?

දෙවැනි ලෝක යුද්ධය අවසන් වූයේ ජයග්‍රාහකයන් සහ පරාජිතයන් පමණක් ඉතිරි කරමින් නොවේ. මිනිස් ඉතිහාසය විසින් ඉතා විශාල ගෙවීමක් කර ඉගෙනගත් අතිශය තීරණාත්මක පාඩමක් ද ලෝකයට ඉතිරි කරමිනි.

එම පාඩම ඉතා සරලය.

"බලවත් රාජ්‍යයකට තමන්ට හැකි සෑම දෙයක්ම කිරීමට නිරපේක්ෂ අයිතියක් නැත."

1945 දී බිහි වූ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ දේශපාලන සහ සදාචාරාත්මක හදවත වූයේ එම සරල සත්‍යයයි. රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාව, අන්‍යෝන්‍ය දේශසීමා හා දේශපාලන ස්වාධීනත්වයට ගරු කිරීම, ජාත්‍යන්තර ගැටලු සාමකාමී සංවාදයෙන් විසඳාගැනීම සහ වෙනත් රාජ්‍යයකට එරෙහිව බලය හෝ බල තර්ජනය භාවිත නොකිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්ම බවට පත් විය.

එහෙත් 2026 ලෝකය දෙස බලන විට අප ඉදිරියේ නැවත නැවතත් මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ලෝකය, බලය නීතියට යටත් කිරීමට උත්සාහ කළ යුගයක සිට, නීතිය බලයට යටත් කරවන අඳුරු යුගයකට නැවත ගමන් කරමින් තිබේ ද?

තීරුබද්දක් නොව දේශපාලන ආයුධයක්

මෙම ප්‍රශ්නය නැවතත් ගෝලීය කතිකාවතේ පෙරමුණට ගෙන එන්නේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සැප්තැම්බර් 18 වැනිදා අත්සන් තබන ලද රුසියාව සහ ඉරානය සම්බන්ධ නව සම්බාධක පනතය.

එහි ප්‍රකාශිත ආසන්න අරමුණ පැහැදිලිය; එනම් යුක්රේනයට එරෙහි රුසියානු යුද යාන්ත්‍රණයට මුදල් සපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තෙල් හා ගෑස් අපනයන ආදායමට එරෙහිව පහර දීමය.

නමුත් මෙහි ඇති වඩාත්ම තීරණාත්මක සහ අනතුරුදායක වෙනස පවතින්නේ රුසියාවට එරෙහි සම්බාධක තුළ පමණක් නොවේ. රුසියානු තෙල් හෝ ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවලින් ඇමරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 100 දක්වා අතිදැවැන්ත තීරුබදු පැනවීමට මෙම නව නීතිය මගින් ඇමරිකානු ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වික බලයක් හිමිවීමය. චීනය සහ ඉන්දියාව වැනි ගෝලීය දකුණේ ප්‍රබල ආර්ථිකයන් පවා මෙහි සෘජු අවදානමට ලක්වීමේ ඉඩකඩ මේ මගින් නිර්මාණය කර ඇත. එමෙන්ම, මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයාට අසීමිත හා පූර්ණ තීරණාත්මක නිදහසක් ද හිමිවෙයි.

ඒ අනුව, 'තීරුබද්ද' යන්නෙහි සාම්ප්‍රදායික හා සම්මත අර්ථය මුළුමනින්ම උඩුයටිකුරු වෙමින් පවතී. එය තවදුරටත් දේශීය කර්මාන්තයක් ආරක්ෂා කිරීමට හෝ වෙළෙඳ අසමතුලිතතාවක් නිවැරදි කිරීමට භාවිත කෙරෙන ආර්ථික උපකරණයක් නොවේ. එය වෙනත් ස්වෛරී රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය තමන්ට අවශ්‍ය පරිදි බලහත්කාරයෙන් වෙනස් කිරීමට යොදාගන්නා භූදේශපාලනික බලපෑම් උපකරණයක් බවට පත්ව ඇත.

මෙහි ඇති මූලික ප්‍රශ්නය රුසියාව නිවැරදි ද, ඇමරිකාව වැරදි ද යන්න නොවන බව කිව යුතුය. මක් නිසාද යත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ද දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව පිළිබඳ ජාත්‍යන්තර මූලධර්මවලට එල්ල වූ බරපතළ අභියෝගයක් බැවිනි. නමුත්, එක් ජාත්‍යන්තර නීති උල්ලංඝනයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝකයේ බලවත්ම ආර්ථිකය සිය වෙළෙඳපොළට ඇති ප්‍රවේශය තුන්වැනි රටවල විදේශ ප්‍රතිපත්තිය පාලනය කිරීමේ ආයුධයක් බවට පත් කරගන්නේ නම්, එය වෙනත් අතිශය අර්බුදකාරී ප්‍රශ්නයක් මතු කරන බව පැහැදිලිය.

එම තත්ත්වය මෙසේ සංක්ෂිප්ත කළ හැකිය. ලෝක පද්ධතිය ඉදිරියට ක්‍රියාත්මක වන්නේ පොදු ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ද? නැතහොත් විශාල වෙළෙඳපොළක්, විශාල හමුදාවක් සහ අසීමිත මූල්‍ය බලයක් ඇති රාජ්‍යයන් ඒකපාර්ශ්විකව නියම කරන කොන්දේසි මත ද?

“අප සමග නොසිටියොත් විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇත”

මෙහිදී බටහිර ප්‍රතිපත්ති විවේචකයන් දිගු කලක් තිස්සේ නැගූ චෝදනාව වඩාත් පැහැදිලි ලෙස තහවුරු වෙයි.

ඇමරිකාව සතු බලය යනු හමුදා ශක්තිය පමණක් නොවේ; ඩොලරය, ඇමරිකානු මූල්‍ය පද්ධතිය, ගෝලීය බැංකු ජාල, තාක්ෂණය, විශාල පාරිභෝගික වෙළෙඳපොළ සහ ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා යනාදී සියල්ල එම බලයේ අත්‍යවශ්‍ය කොටස්ය.

එබැවින්, සෘජු යුද්ධයකට නොගොස් වුවද ඕනෑම රටකට දැවැන්ත ආර්ථික පීඩනයක් එල්ල කිරීමේ හැකියාව වොෂින්ටනය සතුව පවතී. සම්බාධක පැනවිය හැකිය; බැංකු ගනුදෙනු අඩපණ කළ හැකිය; තෙල් මිලදී ගැනීම් සීමා කළ හැකිය. එපමණක් නොව, එම රට සමග සාමාන්‍ය වෙළෙඳ සබඳතා පවත්වන තුන්වැනි රටකට පවා දඬුවම් කිරීමට ඉදිරිපත් විය හැකිය.

Chatham House ආයතනය විසින් කරන ලද විග්‍රහයකට අනුව, 2023 අවසානය වන විට ලොව පුරා ක්‍රියාත්මක වූ ප්‍රධාන වාණිජ, හමුදා සහ මූල්‍ය සම්බාධක 596 අතුරින් 282ක්ම — එනම් සියයට 47කට ආසන්න ප්‍රමාණයක් — පනවා තිබුණේ ඇමරිකාව විසිනි. එම විග්‍රහය විශේෂයෙන් පෙන්වා දෙන්නේ ඇමරිකානු ද්විතීයික සම්බාධක (secondary sanctions) මගින් තුන්වැනි රටවල ආණ්ඩු සහ පෞද්ගලික සමාගම්වල ස්වාධීන තීරණවලට පවා බලහත්කාරයෙන් බලපෑම් කරන බවයි.

එබැවින්, මෙම අලුත් තීරුබදු නීතිය යනු හුදෙකලා සිද්ධියක් නොවේ. එය තම ආර්ථික බලය යොදාගනිමින් සෙසු ලෝකයාගෙන් භූදේශපාලනික අනුකූලතාව බලහත්කාරයෙන් ලබාගැනීමේ පුළුල් ප්‍රවණතාවක අතිදැවැන්ත පියවරකි.

ඇමරිකාවේ තර්කය

වොෂින්ටනයේ නිල තර්කය වන්නේ රුසියානු තෙල් හා ගෑස් මිලදී ගැනීමෙන් ලැබෙන ආදායම සෘජුවම යුක්රේන යුද්ධය පවත්වාගෙන යාමට රුසියාවට මූල්‍ය ශක්තිය සපයන බවයි. ඒ අනුව රුසියාව සමග සාමාන්‍ය ආර්ථික සබඳතා පවත්වාගෙන යාමට තුන්වැනි රටවලට ඉඩදීම හරහා සම්බාධකවල සමස්ත අරමුණම බිඳ වැටෙන බව ඇමරිකානු නීති සම්පාදකයන්ගේ ස්ථාවරයයි.

නව නීතියට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ පක්ෂ දෙකෙන්ම සැලකිය යුතු සහායක් හිමිවූයේ ද මෙම පදනම මතය. නීතියේ ආධාරකරුවන් එය දකින්නේ අහඹු ආර්ථික තර්ජනයක් ලෙස නොව, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට එරෙහිව යොදවන තීරණාත්මක මෙවලමක් ලෙසය. එම තර්කය මුළුමනින්ම බැහැර කළ නොහැකිය.

එහෙත් ප්‍රධාන ගැටලුව වන්නේ මෙවැනි බලයක් යෙදවීම සඳහා සීමාව සලකුණු වන්නේ කොතැනින්ද යන්නයි. අද දිනයේ මෙම අසීමිත බලය යුක්රේනය වෙනුවෙන් භාවිත කළ හැකිය. නමුත් හෙට දිනයේ වෙනත් ඕනෑම ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති අරමුණක් වෙනුවෙන් එය සෙසු ලෝකයාට එරෙහිව භාවිත කළ හැකිය. එසේ නොකරනු ඇති බවට කිසිම සහතිකයක් නැත.රොයිටර් වැනි ජාත්‍යාන්තර මාධ්‍යය දක්වා ඇති ප්‍රධාන අනතුරු ඇඟවීම ද එයය. නීතියේ ඇති පුළුල් වචන භාවිතය සහ ජනාධිපතිවරයාට ලැබෙන අසීමිත තීරණ ගැනීමේ නිදහස, අනාගතයේදී වෙනත් ඕනෑම ස්වෛරී රටක් ඉලක්ක කිරීමට පවා ඉඩ ඉතිරි කර තබයි.

1945 දී ලෝකය ඉගෙනගත් පාඩම

මේ සියල්ල නැවතත් අපව 1945 යුගය වෙත රැගෙන යයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දෙවැනි වගන්තිය මගින් රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාව පැහැදිලිව පිළිගනී. ජාත්‍යන්තර ගැටලු සාමකාමීව විසඳිය යුතු බවත්, වෙනත් රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය හෝ බල තර්ජනය භාවිත නොකළ යුතු බවත් එහි තරයේ සඳහන් වේ.

එම මූලධර්ම බිහිවූයේ මිනිසා හදිසියේම වඩා යහපත් හෝ ශිෂ්ඨ වූ නිසා නොවේ. ඒවා බිහිවූයේ, කිසිදු සීමාවකින් තොරව බල දේශපාලනය ක්‍රියාත්මක වූ විට එහි බිහිසුණු අවසානය කුමක්දැයි ලෝකය එක පිට එක විඳි මහා ලෝක යුද්ධ දෙකකින් දැක තිබූ බැවිනි.

එබැවින්, 1945න් පසු ගොඩනැගූ ජාත්‍යන්තර පද්ධතියේ ප්‍රධාන අරමුණ වූයේ බලය මුළුමනින්ම නැති කිරීම නොවේ; මන්ද එය ප්‍රායෝගික නොවන බැවිනි. එහි සැබෑ අරමුණ වූයේ බලය යන්න නීති, ආයතන සහ පොදු සම්මතයන් තුළ පාලනය කර සීමා කිරීමයි.

අද සිදුවන්නේ එහි ප්‍රතිවිරුද්ධය ද?

අද ඇමරිකාවේ භාවිතය මින් පෙර රුසියාව මෙන්ම චීනය ද අත්හදා බැලුවේය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේය; චීනය ද තම අතිදැවැන්ත ආර්ථික බලය විදේශ ප්‍රතිපත්ති අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගත් අවස්ථා ඕනෑ තරම් තිබේ. රුසියාව සහ චීනය ඇතුළු බලවතුන් ද සම්බාධක සහ වෙළෙඳ සීමා දේශපාලන මෙවලම් ලෙස වැඩි වැඩියෙන් භාවිත කරමින් සිටියහ. එය අද ඇමරිකාව වඩාත් ඍජුව සහ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇත. එබැවින්, අප ඉදිරියේ ඇත්තේ සරල “බටහිරට එරෙහි සෙසු ලෝකය” පිළිබඳ කතාවක් නොවේ. වඩාත් ගැඹුරු ප්‍රශ්නය වන්නේ, ලෝකයේ සියලුම බලවත් රාජ්‍යයන් පොදු ජාත්‍යන්තර නීතිවලට වඩා තම ජාතික බලය කෙරෙහි පමණක් විශ්වාසය තැබීමට පටන්ගෙන තිබේද යන්නයි.

එසේ නම්, එහි ප්‍රබලම හානිය සිදුවන්නේ ඇමරිකාවට, චීනයට හෝ රුසියාවට නොවේ. ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ටය. මන්ද, කුඩා රාජ්‍යයක ආරක්ෂාව සහ පැවැත්ම තීරණය වන්නේ එහි හමුදාවේ ප්‍රමාණයෙන් නොවේ. ජාත්‍යන්තර නීතිය, සාධාරණ වෙළෙඳ නීති, ස්වෛරී සමානාත්මතාව සහ බහුපාර්ශ්වික ආයතන සක්‍රියව ක්‍රියාත්මක වන ප්‍රමාණය මතය “බලවතාට කළ හැකි දේ කිරීමටත්, දුර්වලයාට එය විඳදරාගැනීමටත් සිදුවේ” යන පැරණි ම්ලේච්ඡ තර්කය නැවතත් ජාත්‍යන්තර සබඳතාවල මූලික නියමය බවට පත්වුවහොත්, එහි වන්දිය වැඩියෙන්ම ගෙවීමට සිදුවන්නේ කුඩා රටවලටය.

ප්‍රශ්නය ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොවේ

එබැවින්, මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් නම් පුද්ගලයාගේ චරිතය පිළිබඳ විග්‍රහයකට සීමා කිරීම ද ප්‍රමාණවත් නොවේ. වඩාත් වැදගත් වන්නේ ඔහු නියෝජනය කරන ගෝලීය දේශපාලන පරිවර්තනයයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවම ගොඩනැගීමට නායකත්වය දුන් ජාත්‍යන්තර වෙළෙඳ හා දේශපාලන පද්ධතිය තුළ, රටවල් අතර හැසිරීම පොදු නීතිවලින් පාලනය විය යුතුය යන මූලික අදහස පැවතිණි. ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) මූලික පදනම වූ සමාන සැලකීමේ මූලධර්මය ද එහි කොටසකි.

නමුත් අද වන විට ආරක්ෂාව, වෙළෙඳාම, මූල්‍ය පද්ධතිය සහ භූදේශපාලනය එකිනෙක සමග අතිශය වේගයෙන් මිශ්‍ර වෙමින් පවතී. එහිදී ප්‍රශ්නය වන්නේ ඇමරිකාව තම බලය භාවිත කරනවාද යන්න නොවේ; මන්ද සියලු බලවත් රාජ්‍යයන් එය කරති. ප්‍රශ්නය වන්නේ, එම බලය පිළිගත් ජාත්‍යන්තර නීති හා ආයතනික රාමුව හරහා භාවිත කරන්නේද යන්නය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මානව වර්ගයා ගොඩනැගීමට උත්සාහ කළ ශිෂ්ට ජාත්‍යන්තර පද්ධතිය කිසිදා පරිපූර්ණ එකක් වූයේ නැත. එහි දෙබිඩි ප්‍රමිතීන් තිබිණි; බලවත් රාජ්‍යයන් නීති පසෙකලා ක්‍රියා කළ අවස්ථා තිබිණි; දුර්වල රටවලට එක් නීතියක් සහ බලවත් රටවලට තවත් නීතියක් ක්‍රියාත්මක වූ අවස්ථා ද ඉතිහාසයේ ඕනෑ තරම් ඇත.එහෙත්, පද්ධතියක අඩුපාඩු පැවතීමත්, එහි මූලික සදාචාරාත්මක මූලධර්ම මුළුමනින්ම අත්හැර දැමීමත් යනු දෙකකි. අද අප ඉදිරියේ ඇති සැබෑ අනතුර එයයි.

ලෝකය වඩාත් ශිෂ්ට ස්ථානයක් වූයේ මිනිසාගේ විනාශකාරී බලය වැඩි වූ නිසා නොවේ; එම බලය භාවිත කළ හැකි ආකාරයට සීමා පැනවීමට මානව ප්‍රජාව එකඟ වූ බැවිනි.

එම සදාචාරාත්මක සහ නීතිමය සීමා එකින් එක බිඳ වැටෙන්නේ නම්, අප ගමන් අප පසුකර පැමිණි ම්ලේච්ඡ පැරණි ලෝකය දෙසටමය.