LSN News › Sri Lanka

සන්තෝසයි... විලි ලජ්ජයි...

LSN Sri Lanka · 19 September 2026

සන්තෝසයි... විලි ලජ්ජයි...

තුනම පරාදය. කුල්ල කුජිත වන්නටම පරාදය. මෙහෙම ක්‍රිකට් ගහන්නේ අහවල් එකකටදැයි හිතෙන්නේය. ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති එංගලන්තයට එරෙහි තෙවන සහ අවසන් විස්සයි20 තරගය අද නිමා වන්නේ කඩුළු 08ක විලි ලජ්ජා නැති පරාජයකිනි.

අපි සියලු දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 124කි. පන්දු ඕවර 18.5ක් ඇතුළේ සියලු දෙනාම දැවී ගියහ. එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 9.4ක දී කඩුළු 2ක් පමණක් දැවි ලකුණු 126ක් ලබා ගත්තේය. පන්දු 62ක් ඉතිරිව තිබෙද්දී එංගලන්තය මැච් එක දිනාගෙනය. මෙම ජයග්‍රහණයත් සමඟින් එංගලන්තය ICC විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානය නැවතත් තමන් සතු කර ගැනීමට සමත් විය.

මුන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් නම් උන්ගේ බඩ රස්සාවට ඇති වගකීම කුමක් දැයි මේ රටේ ක්‍රිකට් බලන අපට දැන් අසන්නට සිදුවන්නේය. එංගලන්තය ලෝකයේ අංක 1 වන්නට පුලුවන. ඔවුන්ට එදිරිව අප පරාජය වන්නටත් පුලුවන. අපට තියන ප්‍රශ්නය එය නොවේ. පන්දු 120ක් කඩුල්ලේ රැඳී ඉන්නට බැරිව ලකුණු 125කට සියලු දෙනා දැවීයන කණ්ඩායමක් රටේ ජාතික කණ්ඩායම වීමය.

නසාර් හුසේන් පෙරේදා හරියටම කතාව කීවේය. “ අතීතයට සාපේක්ෂව දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට්වල ප්‍රමිතියක් නැත.“

ඇත්තටම අප මෙහෙම ක්‍රිකට් ගැසූ ජාතියක් නොවේ. ක්‍රීඩාව තුළ පරාජය පිළිගත හැකිය. හැබැයි ඒ පරාජයට අර්ථයක් තිබිය යුතුය. පිළිගත හැකි යථාර්ථයක් තිබිය යුතුය. රටක් ලෙස අප ප්‍රශ්න කරන්නේ එයය. කාන්තා කණ්ඩායම මැච් එකක මීට වඩා ලොකු තරගයක් දෙන ආකාරය අපි පසුගිය තරගාවලි ගණනාව තුළදීම දුටුවෙමු.

සංගා පෙරේදා අතිශය වෘත්තීය ලෙස පැහැදිලි කර දුන්නේ මේ කතාවය. “අප ඔවුන්ට වඩා හැම අතින්ම පිටුපසිනි. අප ප්‍රාර්ථනා කරන ජාතික විස්සයි 20 කණ්ඩායම හැදෙනවා තබා හදන්නට හිතන්නත් තව සෑහෙන කාලයක් ගතවනු ඇත.“

එල්ලයක් හික්මීමක් මෙන්ම ක්‍රිකට් ඤාණයකින් තොරව එන හැම පන්දුවකටම ඉබාගාතේ පිත්ත වනන ලොන්ත පෝල් ගොබ්බ ඩයල් ටික මේ ක්‍රිකට් ඇතුළේ තව නාකි වුනත් ඔච්චරය.රටක් නියෝජනය කරන්නට කෝටි දෙකකට වැඩි ජනගහණයකින් තෝරා එවන 11 දෙනාගෙන් යාර 70 ඇතුළට යන අත්දැකීම් සහිත ක්‍රීඩකයින් තීරණාත්මක අවස්ථාවක දී ක්‍රීඩා කරන්නේ මේ ආකාරයට නම් අප එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ දැයි වෙනම කල්පනා කළ යුතුය.

අද පැවති තරගය සම්බන්ධව ලෝකය විචාරාත්මක අදහසක් ඉදිරිපත් කර ඇත. ESPNcricinfo දත්ත වාර්තා තහවුරු කර තිබෙන්නේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිශය අසාර්ථක තරගයක් බවය.

ශ්‍රී ලංකා ඉනිමේ අසරණකම සහ තදබල බිඳවැටීම

තරගයේ කාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම දැඩි අස්ථාවර භාවයක් පෙන්නුම් කෙරිනි. ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 10කටත් කමිල් මිෂාර ලකුණු 2කටත් ඉක්මනින්ම දැවී ගියහ. මුන් දෙදෙනාම දැවී යන්නේ ජාතික කණ්ඩායම මුල් පෙළ පිතිකරුවන් ලෙස නොව ගමේ එල්ලේ තරගයක පොල් අඩි ගහන්නට පුරුදු වෙන දෙකේ පන්තියේ පොඩි උන් සේය.

කෙසේ වෙතත් පැතුම් නිස්සංක පන්දු 24කදී ලකුණු 36 සහ කමිඳු මෙන්ඩිස් පන්දු 28කදී ලකුණු 35 ක් ලබා ගත්හ. එහෙත් ඒ එක ඉනිමක්වත් අධිශ්ඨානශීලී සංයමක් පෙන්නුවේ නැත. පෝයට හෙවිසි ගහනවා සේ හතර අතට වනා වගකීම දැරිය යුතු අවස්ථාවේ දී එය මගහැර උන් දෙන්නා කඩුල්ල පූජා කළහ.

නායක චරිත් අසලංක ලකුණු 16කට දුවද්දී දැවී යෑමටකට හසුවන්නේ කිසිසේත්ම අනවශ්‍ය අකාරයටය. ඉන් අනතුරුව පැමිණි පහළ පෙළ පිතිකරුවන්ට එංගලන්ත පන්දු යැවීම හමුවේ අන්දොස් වී ගියේය. කරන්නේ කුමක්දැයි උන් එකෙක්වත් දැනගෙන සිටියේ නැත. මේ අතිශය දුෂ්කර අවස්ථාවේ දී කණ්ඩායමේ සිටිනා අත්දැකීම් සහිත බව කියන වනිඳු හසරංග දැවි යන්නේ හිට් විකට් වීමෙනි. දසුන් ශානක දැවි යන්නේ කඩුල්ලෙන් ඈතට යන පන්දුවකට ගිලිහී ගිය එල්ලය නිසා කඩුළු රකින්නා වෙත උඩ පන්දුවක් ලබා දිමෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6ම ලකුණු 17ක් තුළ අහිමි විය. ඒ අනුව ඕවර 18.5ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 124කට සීමා විය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සොනී බේකර් ලකුණු 17කට කඩුලු 2ක් ද, ජොෆ්‍රා ආචර් ලකුණු 23කට කඩුලු 2ක් ද, විල් ජැක්ස් ලකුණු 31කට කඩුලු 2ක් ද දවා ගත්හ. ජේමි ඕවර්ටන් ඕවර 4 තුළදී ලබා දුන්නේ ලකුණු 15ක් පමණි.

එංගලන්තයේ වේගවත් හා ප්‍රහාරාත්මක ලකුණු හඹා යාම

ලකුණු 125ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු ඉඩක් නොලැබුණි. ආරම්භක පිතිකරු ඇනියුරින් ඩොනල්ඩ් පන්දු 6කින් ලකුණු 13ක් ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා දුන්නේය.

අනතුරුව පිටියට එක්වූ ජොස් බට්ලර් පන්දු 32කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 62ක් රැස් කරමින් තරගය නිමා කළේය. ඔහුට අගනා සහයක් දුන් හැරී බෲක් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තේය. ඒ අනුව ඕවර 9.4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 126ක් ලබා ගනිමින් එංගලන්තය ඉතා පහසු ජයක් වාර්තා කළේය.

සන්තෝසයි - විලි ලජ්ජයි

මෙම තරගය සහ මුළු තරගාවලියම දෙස බලන විට ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම තුළ පවතින ගැඹුරු සහ සංකීර්ණ ගැටලු රැසක් තේරුම්ගත හැකිය.

පිතිකරණයේ අස්ථාවරත්වය සහ ජවය (Power) නැතිකම: නූතන T20 ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන වේගවත් ලකුණු රැස්කිරීමේ හැකියාව හෝ පවර් ප්ලේ ඕවරවලදී උපරිම ප්‍රයෝජන ගැනීමේ උපායමාර්ග ශ්‍රී ලංකා පිතිකරුවන් සතුව නැත. මැද පෙළ පිතිකරුවන් වගකීම් විරහිත ලෙස කඩුලු පූජා කිරීම අඛණ්ඩව සිදුවන්නකි.

කඩුලු අතර ධාවනයේ බරපතල දෝෂ: නායක චරිත් අසලංක දැවී ගිය ආකාරය වැනි අනවශ්‍ය දුවද්දී දැවී යෑම් මගින් පෙන්නුම් කරන්නේ පීඩන අවස්ථාවන්හිදී ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ සන්නිවේදනය අතිශයින්ම දුර්වල මට්ටමක පවතින බවය.

පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ අසාර්ථකත්වය: ප්‍රතිවාදී පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ හැකි පන්දු යැවීමේ විවිධත්වයක් හෝ අඩු ලකුණු ප්‍රමාණයක් සහිතව පන්දු යැවීමක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් දැකගත නොහැකි විය. ඕවර 9.4කින් තරගය නිමාවීම මගින්ම පන්දු යැවීමේ දැඩි අසාර්ථකත්වය පැහැදිලි විය.

තරගයේ වීරයා ලෙස සොනී බේකර් සම්මාන ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස හැරී බෲක් සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම සංචාරය මුළුමනින්ම අමතක කර දැමීමට සිදුවන එකක් වුවද, විස්සයි20 කණ්ඩායමේ ව්‍යුහය, ක්‍රීඩකයන්ගේ ආකල්ප සහ උපක්‍රමශීලී ප්‍රවේශයන් නැවත මුල සිටම සමාලෝචනය කිරීමට මෙය ප්‍රබල පාඩමක් විය යුතුය.