LSN News › Sri Lanka

විපක්ෂයේ උද්ඝෝෂණයට එන වැඩි හරියක් අන්ත දූෂිතයො: ආණ්ඩුවට සත පහක බලපෑමක් නැහැ - බිමල් රත්නායක කියයි!

ඕනෑම අයෙකුට උද්ඝෝෂණය කිරීමේ අයිතිය තිබෙන බවත්, ජනතාව උද්ඝෝෂණ කර ත්‍රිකුණාමලයට පන්නා දැමූ දූෂිතයින් කරන උද්ඝෝෂණවලින් ආණ්ඩුවට සත පහක බලපෑමක් එල්ල නොවන බවත් ඔහු කීය.

LSN Sri Lanka · 20 September 2026

විපක්ෂයේ උද්ඝෝෂණයට එන වැඩි හරියක්  අන්ත දූෂිතයො: ආණ්ඩුවට සත පහක බලපෑමක් නැහැ - බිමල් රත්නායක කියයි!

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙම මස 24 වැනිදා විපක්ෂය සංවිධානය කර තිබෙන උද්ඝෝෂණයට පැමිණෙන වැඩි පිරිසක් අන්ත දූෂිතයින් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායක පවසයි.

</p>

<p>

ඕනෑම අයෙකුට උද්ඝෝෂණය කිරීමේ අයිතිය තිබෙන බවත්, ජනතාව උද්ඝෝෂණ කර ත්‍රිකුණාමලයට පන්නා දැමූ දූෂිතයින් කරන උද්ඝෝෂණවලින් ආණ්ඩුවට සත පහක බලපෑමක් එල්ල නොවන බවත් ඔහු කීය.

</p>

<p>

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාතලේ - මහනුවර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා අද (20) වත්තේගමට ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මෙසේද පැවසීය.

</p>

<p>

"මේ රටේ ජනතාවගේ අවශ්‍යතා හා අරමුණු තේරුම් නොගෙන විපක්ෂය පරණ දූෂිත පවුල්වාදී දේශපාලනයේම යනවා නම් ඒ අයම වඳවෙලා යන එක තමයි වෙන්නේ. ඒ අයම තමයි තමන්ගේ පක්ෂ අහෝසි කර ගන්නේ. ඕනෑම කෙනෙකුට 24 වැනිදාට උද්ඝෝෂණය කරන්න අයිතිය තියෙනවා. මම හිතන්නේ ඔය උද්ඝෝෂණයට එන අයගෙන් වැඩි ප්‍රමාණයක් අන්ත දූෂිතයෝ. ජනතාව උද්ඝෝෂණය කරලා තමයි ඒ දූෂිතයෝ ත්‍රිකුණාමලයට එලෙව්වේ. ඒගොල්ලෝ උද්ඝෝෂණය කළා කියලා රටට සත පහක බලපෑමක් වෙන්නේ නැහැ.

</p>

<p>

මහජනතාව විසින් අවුරුදු දෙකකට කලින් පත්කරගත් ආණ්ඩුවක් මේක. පොදු ජනතාවට හිතෛෂී පාලනයක් හැම පැත්තකින්ම ඇති කරන්න අපි උත්සාහ කරනවා. පාරවල් හදද්දී, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී, වැටුප් හදද්දී මේ සියල්ලේදීම ඒ අරමුණ ඇතිව තමයි අපි වැඩ කරන්නේ. අධිකරණ ප්‍රතිසංස්කරණවලදී වගේම හොරු අල්ලද්දීත් අපි කටයුතු කරන්නේ ඒ විදිහටයි. ජනතාවට කියන්නේ ඒ අයගේ ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා තීන්දු තීරණ ගන්න ක්‍රියාවලියට සම්මාදම් වෙන්න කියලයි."