LSN News › Sri Lanka

ඥානසාර හිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් අලුත් ජනාධිපති සමාවක් ඉල්ලති!

තමන්ට නැවතත් ආගමික කටයුතු කරගෙන යාමට අවස්ථාවක් ලබා දිය යුතු බව පවසමින්, ජනාධිපති දිසානායකගෙන් නව සමාවක් ඉල්ලා සිටින ලෙස ඥානසාර හිමියන් ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නයෙන් ආයාචනා කළහ.

LSN Sri Lanka · 20 September 2026

ඥානසාර හිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් අලුත් ජනාධිපති සමාවක් ඉල්ලති!

2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන් වෙත පිරිනමන ලද ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුව, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නව ජනාධිපති සමාවක් ඉල්ලා සිටිති.

ඉරිදා (20) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති "නමයයි පහ විකෘතිය" නමැති සිය ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ දී අදහස් දක්වමින් ඥානසාර හිමියන් ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැදිහත් වන ලෙසයි.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ඥානසාර හිමියන් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව සිය අනාගතය පිළිබඳව තමන් අවිනිශ්චිතතාවයක පසුවන නමුත් රටේ නීතියට ගරු කිරීමට තමන් සූදානම් බවයි.

"මගේ අනාගතය කොහොම ලියවිලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මෙය මම බිය වන වෙලාවක් නෙමෙයි. රටේ නීතියට ගරු කිරීමේ වගකීමක් සැමදෙනාටම තියෙනවා. මම නීතියට හිස නමනවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ," යැයි උන්වහන්සේ පැවසූහ.

පූර්ව ජනාධිපති සමාව පිරිනැමීමේ දී ඊට සම්බන්ධ නිලධාරීන් අතින් සිදු වූයේ යැයි කියන ක්‍රියාපටිපාටික දෝෂයන් සඳහා තමන් වන්දි ගෙවිය යුත්තේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

"නිලධාරීන් ක්‍රියාපටිපාටියේ වැරැද්දක් කළා නම්, මට දඬුවම් කරන්නේ ඇයි? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනුගමනය කළ ක්‍රියාපටිපාටියේ සිදුවූ ඕනෑම වැරැද්දක් නිවැරදි කිරීමට වත්මන් ජනාධිපතිවරයාට පුළුවන්," යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

තමන්ට නැවතත් ආගමික කටයුතු කරගෙන යාමට අවස්ථාවක් ලබා දිය යුතු බව පවසමින්, ජනාධිපති දිසානායකගෙන් නව සමාවක් ඉල්ලා සිටින ලෙස ඥානසාර හිමියන් ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නයෙන් ආයාචනා කළහ.

එමෙන්ම සිය 87 වියැති මෑණියන් පිළිබඳව ද සංවේදී ලෙස අදහස් දැක්වූ උන්වහන්සේ, තමන් සිරගත වුවහොත් ඇය නැවත දැක ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි බියක් පවතින බව ප්‍රකාශ කළහ.

"සමහර විට අපි ආයෙත් හමු වෙයි, නැත්නම් හමු නොවෙන්නත් පුළුවන්. ඒ ගැන මට කිසිම කණගාටුවක් නැහැ," යැයි උන්වහන්සේ පැවසූහ.

තමන් කිසිදු දේශපාලනඥයෙකුගේ අනුගාමිකයෙකු නොවන බව පවසමින් දේශපාලන චරිත වෙනුවෙන් පෙනී සිටින බවට නැගී ඇති චෝදනා ද උන්වහන්සේ මෙහිදී ප්‍රතික්ෂේප කළහ.

"අපි කාගේවත් අනුගාමිකයෝ නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ," යැයි උන්වහන්සේ සඳහන් කළහ.

තමන්ට එරෙහි නීතිමය කටයුතු ආරම්භ වූයේ වත්මන් ආණ්ඩුව යටතේ නොව හිටපු යහපාලන ආණ්ඩුව සමයේ දී බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

වසර ගණනාවක් තිස්සේ තමන්ට සහාය දුන් සැමට ස්තූතිය පළ කළ ඥානසාර හිමියෝ, තමන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා සමාව ද අයැද සිටියහ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පනවා තිබූ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරමින්, 2019 වසරේ දී ඥානසාර හිමියන්ට පිරිනමන ලද ජනාධිපති සමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 10 වනදා තීන්දු කළේය.

උන්වහන්සේගේ මෙම නවතම ආයාචනය පැමිණෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මීළඟ නීතිමය පියවරයන් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින පසුබිමක ය.