දිවයිනට බලපා ඇති නියඟය, ගංවතුර සහ නායයෑම් අවදානම පිළිබඳ මේ වනවිට තත්ත්වය කුමක් ද?
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් සැප්තැම්බර් 20 වැනිදා පස්වරුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තෙවැනි මට්ටමේ (Level 3 / Red) ඉහළම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. මෙම රතු නිවේදනය සැප්තැම්බර් 20 පස්වරු 2.00 සිට සැප්තැම්බර් 21 පස්වරු 2.00 දක්වා වලංගු විය.
LSN Sri Lanka ·

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය සහ බෙංගාල බොක්කෙහි අන්දමන් මුහුද ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය දෙසට හමන සුළං ධාරා හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් දැඩි වී තිබේ.

අන්දමන් මුහුදේ පවතින අඩු පීඩන පද්ධතිය කෙළින්ම ශ්‍රී ලංකාව හරහා ගමන් නොකළද, ඒ හරහා තෙතමනය සහිත සුළං ගොඩබිමට ඇදී ඒම නිසා විශේෂයෙන්ම තෙත් කලාපයට ඉදිරි පැය කිහිපයේදී ද තද වැසි ඇදහැලීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත.

මේ වන විට පවතින ප්‍රධානතම තර්ජන බවට පත්ව ඇත්තේ තද වැසි, නායයෑම් සහ ගංගා පිටාර ගැලීමෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්ය.

පසුගිය පැය 12-24 තුළ වාර්තා වූ තත්ත්වය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 20 වැනිදා පෙරවරු 8.30 සිට සැප්තැම්බර් 21 වැනිදා පෙ.ව. 7.00 දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනයන් මෙසේ සටහන් කර ඇත:

• මාලිබොඩ (කෑගල්ල) – මිලිමීටර් 104

• කළුපහන (කෑගල්ල) – මිලිමීටර් 95.5

• මස්කෙළිය (නුවරඑළිය) – මිලිමීටර් 85.5

• පොල්පිතිගම (කුරුණෑගල) – මිලිමීටර් 85

• දම්මුල්ල (රත්නපුර) – මිලිමීටර් 82.5

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි හෝ ගගුරුම් සහිත වැසි පැවැතිණි.
ගංගා සහ ජලාශවල තත්ත්වය

ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ:

මහවැලි ගඟ: නාවලපිටිය ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමක් දක්වා ජල මට්ටම ඉහළ ගිය අතර, ගම්පොළ, පේරාදෙණිය සහ ගෙලිඔය යන පහත්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

කැලණි ගඟ: නොර්වුඩ්, කිටුල්ගල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලින් ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

කළු ගඟ, ගින් ගඟ, නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය: ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, කළු ගඟ සහ මගුරු ඔය ද්‍රෝණිවල ඇතැම් පහත්බිම් ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ජල මට්ටම් පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර අවශ්‍ය වුවහොත් ඉදිරියේදී වැඩිදුර ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරන බවය.

නායයෑම් අවදානම

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් සැප්තැම්බර් 20 වැනිදා පස්වරුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තෙවැනි මට්ටමේ (Level 3 / Red) ඉහළම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. මෙම රතු නිවේදනය සැප්තැම්බර් 20 පස්වරු 2.00 සිට සැප්තැම්බර් 21 පස්වරු 2.00 දක්වා වලංගු විය.

රතු නිවේදන නිකුත් කළ ප්‍රධාන ප්‍රදේශ:

• මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරළේ සහ ඊට ආසන්න ප්‍රදේශ

• කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට

• නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නොර්වුඩ්

තෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමක් පවතින විට, වර්ෂාව තවදුරටත් පවතී නම් අධි-අවදානම් ස්ථානවල වෙසෙන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතුය. මීට අමතරව කොළඹ, ගාල්ල, කළුතර, මාතර, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා දෙවැනි සහ පළමු මට්ටමේ (Amber / Yellow) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මක වේ.

ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය (සැප්තැම්බර් 22 පෙ.ව. දක්වා)

වර්ෂාපතනය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 21 පෙ.ව. 7.00 ට තද වැසි පිළිබඳ ඇම්බර් (Amber) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර එය සැප්තැම්බර් 22 පෙ.ව. 7.00 දක්වා වලංගු වේ.

ඒ අනුව පහත ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක:

• බස්නාහිර පළාත

• සබරගමුව පළාත

• වයඹ පළාත

• මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
වෙනත් ප්‍රදේශවල කාලගුණය:

උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ - මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද සිදුවිය හැක.

මුහුදු ප්‍රදේශය - දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදිග දෙසින් හමා එයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔප්පුව මුහුදු තීරය විටින් විට රළු විය හැක. බටහිර සහ දකුණු වෙරළට ඔප්පුව මුහුදේ රළ උස මීටර් 2.0-2.5 ක් පමණ ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතුය.

ගංගා සහ නායයෑම් පිළිබඳ විශේෂ උපදෙස් - ජලපෝෂක ප්‍රදේශවලට දිගින් දිගටම තද වැසි ඇදහැලුණහොත් කැලණි, මහවැලි, කළු ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැක. ගංගා දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව නිලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සූදානමින් සිටිය යුතුය.

එසේම, නිකුත් කර ඇති රතු නිවේදන කාලසීමාව අවසන් වුවද, තවදුරටත් වර්ෂාව පවතින බැවින් පස් කඩාවැටීම්, ගල් පෙරළීම් සහ නායයෑම් තත්ත්වයන් සිදුවිය හැක. එම නිසා ප්‍රදේශවාසීන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) හෝ NBRO ආයතනයේ නවතම නිවේදන පිළිබඳව විමසිලිමත් විය යුතුය.

නියඟයේ තත්ත්වය

නියඟයෙන් පීඩා විඳින පිරිස් තවමත් ඒ ආකාරයෙන්ම පීඩාවට පත්ව සිටිති. නිරිතදිග තෙත් කලාපයේ තද වැසි සහ ගංවතුර තත්ත්වයක් පැවතියත්, වියළි කලාපයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ උඩවලවේ වැනි ප්‍රදේශවලත් කුඩා වැව් වියළී යාම, පානීය ජල හිඟය සහ ගොවිපළ හානි අඛණ්ඩව පවතී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැප්තැම්බර් 19 වනදා දක්වාම නියඟ තත්ත්ව වාර්තා නිකුත් කරමින් සිටින අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව අක්කර 37,000කට වැඩි වී කෙත් විනාශ වී ගොවීන් 32,000කට අධික පිරිසක් අසරණ වී ඇත. රජය තවමත් බවුසර් මගින් ජලය බෙදාහරින අතර, සැප්තැම්බර් 19 දින ගුවන් හමුදාව නියඟ පීඩිත ප්‍රදේශවලට භික්ෂූන් වහන්සේලා රැගෙන ගොස් වැසි පැතීමද සිදු කළේය.

එල් නිනෝ බලපෑම නිසා මේ වසරේ අවසානයේ වැසි බලාපොරොත්තු වුවද, වියළි කලාපයේ ජනතාවට මේ මොහොතේත් ජලය සහ ජීවනෝපාය අර්බුදය නිමා වී නැත.