අන්දමන් මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ – ධීවරයින්ට අවධානයෙන් සිටින ලෙස ඉල්ලයි!
ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් සැප්තැම්බර් 23 වනදා පමණ වන විට උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් – දකුණු ඔඩිෂා වෙරළට ආසන්නව ළඟා විය හැකිය. ශ්‍රී ලංකාවට සෘජුවම බලපෑම් කිරීමක් අපේක්ෂා නොකෙරේ.
LSN Sri Lanka ·

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) දින පස්වරු 2.00ට නිකුත් කළ මුහුදු කාලගුණ අනාවැකියේ සඳහන් කරයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය වැඩි විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් සැප්තැම්බර් 23 වනදා පමණ වන විට උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් – දකුණු ඔඩිෂා වෙරළට ආසන්නව ළඟා විය හැකිය. ශ්‍රී ලංකාවට සෘජුවම බලපෑම් කිරීමක් අපේක්ෂා නොකෙරේ.

දිවයින අවට මුහුදු තත්ත්වය

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30–40 පමණ වෙයි.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා වැඩි විය හැක. එම ප්‍රදේශ විටින් විට රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0–2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට මුහුද තාවකාලිකව ඉතා රළු විය හැක.

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර යාත්‍රා සඳහා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ. අදාළ කලාපයේ කටයුතුවලින් වැළකී සිටින ලෙස එහි දැනුම් දී ඇත.

ගොඩබිමේ වැසි තත්ත්වය

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ තද වැසි ලැබීමේ හැකියාවක් පවතී. මේ සඳහා ඇම්බර් වර්ණ දෙවැනි මට්ටමේ උපදෙස් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ධීවරයින්, නාවිකයින් සහ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදන අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.