World · Sri Lanka Bureau
ඉරානය ගැන ට්‍රම්ප් තීරණාත්මක මායිමක: තර්ජන මැදින් පෙනෙන යථාර්ථය!
මිලියන 90 කට අධික ජනගහනයක් වෙසෙන රටක් විනාශ කර දමන බවට තර්ජනය කිරීම මූලෝපායික රාජ්‍ය තාන්ත්‍රිකභාවය නොවේ. එය හුදෙක් පීඩනය එල්ල කිරීමක්, තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීමක් සහ එකම එක තීරණාත්මක පියවරකින් මෙම ගැටුම අවසන් කළ හැකි බවට ජනාධිපතිවරයා තවමත් තදින් විශ්වාස කරන බව පෙන්වන මතක් කිරීමක් පමණි.
LSN Sri Lanka ·

ඉරානය සම්බන්ධයෙන් තමන් සිටින්නේ “තීරණ ගන්නා මට්ටමේ ” (Deciding mode) බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු භාවිත කරන භාෂාව ඉතා ඍජු මෙන්ම සැර එකකි. නමුත් ඔහු ඉදිරිපත් කරන විකල්පයන් නම් එතරම් සරල නැත.

පසුගිය ඉරිදා ෆොක්ස් නිවුස් (Fox News) පුවත් සේවයේ මාධ්‍යවේදී ට්‍රේ යින්ග්ස්ට් (Trey Yingst) සමඟ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, තමන් ඉදිරියේ විකල්ප තුනක් ඇති බවයි. එනම්

ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම

ආර්ථික පීඩනය හමුවේ එම රට ක්ෂය වීමට හැරීම,

නැතහොත් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට එළැඹීමයි.

ඔබ “මුළු මහත් ජාතියම පිපිරුවා හැරීමට” පියවර ගන්නේ කවදාදැයි මධ්‍යවේදියා විමසූ ට්‍රම්ප්, ඉරානය යහපත් ලෙස හැසිරිය යුතු බවත්, ඉදිරියේදී “ඉතා විශාල දේවල්” සිදුවිය හැකි බවත් පවසා තිබේ.

පිටතට පෙනෙන ප්‍රධාන පුවත එය වුවද, ඊට යටින් ඇති සැබෑ යථාර්ථය වඩාත් සංකීර්ණ මෙන්ම පටලැවිලි සහගතය.

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මෙම අර්බුදකාරී වාතාවරණය මාස හයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඇදී යමින් පවතී. කෙටි කාලීන මෙහෙයුමකින් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගත හැකි වෙතැයි ආරම්භයේදී පැවැති විශ්වාසය, මේ වන විට ජය පරාජයෙන් තොරව ඇදී යන දීර්ඝ සටනක් බවට පත්ව ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට බාධා පැමිණීම, යුධ වියදම් ඉහළ යාම සහ ඇමෙරිකාව තවත් “වරදක්” කළහොත් ඊට “වේදනාකාරී ප්‍රහාරවලින්” පිළිතුරු දෙන බවට ටෙහෙරානයෙන් එල්ල වන අනතුරු ඇඟවීම් හමුවේ තත්ත්වය තවත් උග්‍ර වී තිබේ.

අනෙක් අතට, මෙවර නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුරදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) හමුවීමට තමන් සූදානම් බවද ට්‍රම්ප් පවසා ඇත. එනම් එක පැත්තකින් දරුණු තර්ජන එල්ල වන අතරතුර, අනෙක් පැත්තෙන් සාකච්ඡා සඳහා වන ඇරයුමද එකට පැවැත්වෙයි.

මිලියන 90 කට අධික ජනගහනයක් වෙසෙන රටක් විනාශ කර දමන බවට තර්ජනය කිරීම මූලෝපායික රාජ්‍ය තාන්ත්‍රිකභාවය නොවේ. එය හුදෙක් පීඩනය එල්ල කිරීමක්, තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීමක් සහ එකම එක තීරණාත්මක පියවරකින් මෙම ගැටුම අවසන් කළ හැකි බවට ජනාධිපතිවරයා තවමත් තදින් විශ්වාස කරන බව පෙන්වන මතක් කිරීමක් පමණි. මෙම යුද්ධය ට්‍රම්ප්ගේ ඉතිරි ධුර කාලය පුරාම ඇදී යා හැකි බවට ඔහුගේ උපදේශකයින්ද ඔහුට අනතුරු අඟවා තිබේ.

එසේම ආර්ථික වශයෙන් රටක් හුදෙකලා කර අඩපණ කිරීමද පිරිසිදු විකල්පයක් නොවේ. එමගින් ප්‍රථමයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව වන අතර, වොෂින්ටනයට වෙනස් කිරීමට අවශ්‍ය යැයි කියන පාලක පන්තිය තව තවත් දැඩි ස්ථාවරයකට තල්ලු වීම පමණක් ඊින් සිදුවේ.

කෙසේ වෙතත්, පවතින අවම විනාශකාරී මාවත වන්නේ ගිවිසුමකට එළැඹීමයි. නමුත් මාස ගණනාවක් තිස්සේ සිදුවූ ප්‍රහාර, වැටලීම් සහ ප්‍රසිද්ධියේ එල්ල කරගත් තර්ජනවලින් පසුව දෙපාර්ශ්වයටම තවදුරටත් එවැනි එකඟතාවකට පැමිණිය හැකිද යන්න සැබෑ ප්‍රශ්නයයි.

ට්‍රම්ප්ගේ අලුත්ම ප්‍රකාශවලින් ඊට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඒවායින් පෙන්නුම් කරන්නේ විනාශය, සෙමින් සිදුවන කඩා වැටීම හෝ ගිවිසුම යන දැඩි විකල්ප තුන අතර තවමත් මෙම තීරණය සිරවී ඇති බව පමණි.

එම විකල්පයන් කීමට සරල විය හැකිය. නමුත් එම තීරණය වැරදී යාමේ ආදීනව නම් කිසිසේත්ම සරල නොවනු ඇත