LSN News › Sri Lanka

හෙට ප්‍රකාශවන පාස්කු මහ නඩුවේ තීන්දුව ....

දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, ඉදිරිපත් කර තිබූ සමස්ත චෝදනා සංඛ්‍යාව 23,270කි. නඩු විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවෙකු මියගියේය.

LSN Sri Lanka · 21 September 2026

හෙට ප්‍රකාශවන  පාස්කු මහ නඩුවේ තීන්දුව ....

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව නවුෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව හෙට (22) ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියම කර තිබේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ වසර පහකට ආසන්න කාලයක් පුරා විභාග වූ මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස තීන්දුව දීමට දින නියම විය.

කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල දේවස්ථාන මෙන්ම සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේ එල්ල කෙරුණු මෙම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව කුමන්ත්‍රණය කිරීම, ඊට අනුබල දීම ඇතුළු චෝදනා යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, ඉදිරිපත් කර තිබූ සමස්ත චෝදනා සංඛ්‍යාව 23,270කි. නඩු විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවෙකු මියගියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන් විසින් පොලිසිය හමුවේ ලබාදී තිබූ ප්‍රකාශ 10ක් සාක්ෂි ලෙස පිළිගැනීමට නඩු විභාගය අතරතුර අධිකරණය තීන්දු කිරීම ද විශේෂත්වයකි. ඊට අමතරව රජයේ රස පරීක්ෂක වාර්තා, ඩී.එන්.ඒ. (DNA) වාර්තා සහ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තා ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එසේම ප්‍රහාරය සඳහා යොදාගත් පුපුරන ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය, කඩු ඇතුළු තියුණු ආයුධවල සිට ගිනිඅවි දක්වා පැමිණිල්ල විසින් නඩු භාණ්ඩ 2,076ක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් ලෙස නවුෆර් මව්ලවි නොහොත් මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර්, මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ නොහොත් ගෆුර් මාමා, හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්, මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඉබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්, මොහොමඩ් මන්සූර් මොහොමඩ් සම්සුදීන්, අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිද්රවුස්, මොහොමඩ් රමීස් මොහොමඩ් සජිත්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් ෂාෆි, හුසේනුල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන්, මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ්, රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහිම්, මොහොමඩ් හනීෆා සයිනුල් ආබ්දීන්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හැරිස්, කච්චි මොහොමඩ් මොහොමඩ් ජෙම්සිත්, සයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්, මීරා සාහිබ් මොහොමඩ් නෆ්ලි, මොහොමඩ් අමීර් මොහොමඩ් ආයතුල්ලා, මොහොමඩ් අන්සාදරීන් මොහොමඩ් ඉල්මි නොහොත් ඉල්මි සහ මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අය නම් කර තිබේ.