LSN News › Sri Lanka

දිවයිනටම බලපෑ අයහපත් කාලගුණයෙන් 12,000කට වැඩි පිරිසකට පීඩා !

මේ වන විට පවුල් 3,162 කට අයත් පුද්ගලයින් 12,032 පිරිසක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින අතර, පවුල් 304 කට අයත් පිරිස් ස්ථාන 8 ක පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිති. පුත්තලම, මාදම්පේ ප්‍රදේශයේදී දියෙහි ගිලීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. නිවාස 227 කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 2 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

LSN Sri Lanka · 27 October 2026

දිවයිනටම බලපෑ අයහපත් කාලගුණයෙන් 12,000කට වැඩි පිරිසකට පීඩා !

දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 12,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති. අධික වර්ෂාවත් සමග පවුල් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර නායයාම් සහ ගංවතුර අවදානම් ඉහළ යාම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගනු ලැබුවේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, පවතින තද වැසි සහිත කාලගුණයෙන් කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, අම්පාර, මහනුවර, කුරුණෑගල, මාතර, පුත්තලම, රත්නපුර, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇත.

මේ වන විට පවුල් 3,162 කට අයත් පුද්ගලයින් 12,032 පිරිසක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින අතර, පවුල් 304 කට අයත් පිරිස් ස්ථාන 8 ක පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිති. පුත්තලම, මාදම්පේ ප්‍රදේශයේදී දියෙහි ගිලීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් 23 වනදා සිට පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 227 කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 2 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ නිරිතදිග කොටස්වලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවැත්වෙනු ඇති බවයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ඕර්නාබ් සුළි කුණාටු පද්ධතිය ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල නොකළද, චක්‍රවාතය දෙසට ඇදී යන ප්‍රබල වායු ධාරාව හේතුවෙන් දිවයින පුරා වැසි සහිත කාලගුණය තවදුරටත් තීව්‍ර වී ඇත.

ඉහළම වර්ෂාපතනය සහ නායයාම් රතු නිවේදන

අද අලුයම 3.00 න් අවසන් වූ පැය 24 තුළ ඉහළම වර්ෂාපතනය කිලිනොච්චිය පූනරීන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහි අගය මිලිමීටර් 163 කි. මන්නාරම ඉලුප්පෛක්කඩවෙයි ප්‍රදේශයෙන් මිලිමීටර් 148 ක්ද, යාපනය තොල්පුරම් සහ මීසාලෙයි ප්‍රදේශවලින් පිළිවෙලින් මිලිමීටර් 110 ක් හා මිලිමීටර් 101 ක් ලෙසද වර්ෂාපතනයන් වාර්තා වී ඇත.

අධික වැසි සමග රත්නපුර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් පිළිබඳ රතු (ඉවත් වීමේ) නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, කුරුවිට සහ ඕපනායක.

කළුතර දිස්ත්‍රික්කය:බුලත්සිංහල සහ දොඩංගොඩ.

නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළේ සහ නෝර්වුඩ්.

මීට අමතරව ගම්පහ (අත්තනගල්ල), කළුතර (අගලවත්ත, වලල්ලාවිට, මිල්ලනිය, පාලින්දනුවර, ඉංගිරිය, මදුරාවල, මාතුගම), මහනුවර (උඩුනුවර, පස්බාගේ කෝරළේ, ගඟ ඉහළ කෝරළේ, උඩපළාත, යටිනුවර), කෑගල්ල (කෑගල්ල, රුවන්වැල්ල, මාවනැල්ල, රඹුක්කන, දෙහිඕවිට, අරනායක, ගලිගමුව, දෙරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, වරකාපොළ), කුරුණෑගල, නුවරඑළිය (කොත්මලේ නැගෙනහිර සහ බස්නාහිර) සහ රත්නපුර (නිවිතිගල, කිරිඇල්ල, බලංගොඩ, ගොඩකවෙල, ඇහැළියගොඩ, කළවාන) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ (Level 2) නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පළමු මට්ටමේ (Level 1) අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ.

ගංවතුර තත්ත්වය සහ ජලාශ පිටාර ගැලීම

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව කළු ගඟ, නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය දැනට සුළු ගංවතුර මට්ටමක පවතී. කළු ගඟ රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින්ද, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්ද, අත්තනගලු ඔය දුනුමාල ප්‍රදේශයෙන්ද සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කැළණි, ගිං, මහ ඔය සහ දැදුරු ඔය යන ගංගා ද ගංවතුර අවදානම් මට්ටම්වල පවතින බව ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

අධික වර්ෂාව හේතුවෙන් වැව් සහ ජලාශ 30 ක් පිටාර මට්ටමට පැමිණ ඇති අතර දැදුරු ඔය, රාජාංගනය, තබ්බෝව, ඉංගිනිමිටිය සහ කලා වැව යන ප්‍රධාන ජලාශ දැනටමත් පිටාර ගලමින් පවතී.

ඕනෑම හදිසි අවස්ථාවකදී 117 දුරකථන අංකය හෝ 071 680 7807 යන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

පවතින හදිසි කාලගුණික තත්ත්වයට වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා ත්‍රිවිධ හමුදා මූලස්ථානවල මෙහෙයුම් මැදිරි සක්‍රීය කර සූදානමින් තබා ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සඳහන් කළේය.