LSN News › Sri Lanka

ලාෆ්ස් ගෑස් මිල පහත හෙළයි: 12.5kg සිලින්ඩරයක් රුපියල් 745කින් අඩු වෙයි!... ඒත් තිබුණු මිලට වඩා රුපියල් 1030කින් වැඩියි!

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහගේ ඉල්ලීම සහ පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීමෙන් පසු ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට තීරණය කළ බව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කරයි..

LSN Sri Lanka · 17 November 2026

ලාෆ්ස් ගෑස් මිල පහත හෙළයි: 12.5kg සිලින්ඩරයක් රුපියල් 745කින් අඩු වෙයි!... ඒත් තිබුණු මිලට වඩා රුපියල් 1030කින් වැඩියි!

ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් පහත දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745කින් අඩු කර ඇති අතර එහි නව සිල්ලර මිල රුපියල් 5,995ක් දක්වා පහළ දමා ඇත.

එමෙන්ම, මීට පෙර රුපියල් 2,720ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 322කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 2,398ක් ලෙස සංශෝධනය කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ සෞදි ඇරම්කෝ (Saudi Aramco) ගිවිසුම් මිල ගණන් සහ නැව් ගාස්තු ඇතුළු ආනයනික පිරිවැය ඉහළ ගියද, පසුගිය මාස තුනක කාලය පුරා මිල සංශෝධනයක් සිදු නොකර එම අමතර පිරිවැය සමාගම විසින් දරාගත් බව එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත්, එමගින් ඇති වූ අඛණ්ඩ මූල්‍ය අලාභය තවදුරටත් දරාගත නොහැකි වූ බැවින් පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් (රුපියල් 4,965 සිට රුපියල් 6,740 දක්වා) සහ කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 732කින් (රුපියල් 1,988 සිට රුපියල් 2,720 දක්වා) ඉහළ දැමීමට සිදුවූ බව සමාගම පෙන්වා දෙයි.

මෙම අධික මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (16) දින ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන්ව කැඳවනු ලැබීය. එහිදී අදාළ මිල වැඩි කිරීම අනුමත කළ නොහැකි බව පාරිභෝගික අධිකාරිය දැනුම් දී ඇති අතර, ගෑස් සිලින්ඩර වෙනුවෙන් පාරිභෝගිකයන් තැන්පත් කර ඇති මුදල් සඳහා සාධාරණ වටිනාකමක් ලබා දීමටත් දිවයින පුරා අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වාගෙන යාමටත් පියවර ගන්නා ලෙස අධිකාරිය සමාගමට උපදෙස් දී තිබේ.

එම සාකච්ඡාවලින් අනතුරුව රැස්වූ ලාෆ්ස් ගෑස් අධ්‍යක්ෂ මණ්ඩලය, නව මිල අඩු කිරීම හරහා සමාගමට තවදුරටත් මූල්‍ය අලාභ සිදු වුවද, අමාත්‍යවරයාගේ ඉල්ලීමට ගරු කරමින් සහ පාරිභෝගිකයන්ට සහනයක් සැලසීමේ අරමුණින් මෙලෙස මිල පහත හෙළීමට තීරණය කර ඇත.

මේ අතර, දිස්ත්‍රික් මට්ටමින් පවතින නව ගෑස් මිල ගණන් සහ ගෑස් ලබාගත හැකි ස්ථාන පිළිබඳ තොරතුරු 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකි බව ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.

කෙසේ වෙතත්, මෙලෙස මිල පහත දැමුවද පසුගිය 13 වැනිදාට පෙර පැවති ලාෆ්ස් ගෑස් මිල ගණන්වලට සාපේක්ෂව නව මිල තවමත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක පවතී. ඒ අනුව, පෙර පැවති රුපියල් 4,965ක මිලට වඩා නව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල (රු. 5,995) තවමත් රුපියල් 1,030කින් වැඩි වන අතර, පෙර රුපියල් 1,988ක් වූ කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල (රු. 2,398) තවමත් රුපියල් 410කින් ඉහළය.

එමෙන්ම, වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ (Litro) ගෑස් මිල ගණන් හා සැසඳීමේදීද ලාෆ්ස් නව මිල ගණන් බෙහෙවින් වැඩිය. දැනට කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365කටත්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,750කටත් අලෙවි වේ.

එවැනි පසුබිමක නව මිල අඩු කිරීමෙන් පසුව පවා ලාෆ්ස් 12.5kg සිලින්ඩරයක් ලිට්‍රෝ සිලින්ඩරයකට වඩා රුපියල් 1,630කින්ද, 5kg සිලින්ඩරයක් රුපියල් 648කින්ද මිලෙන් ඉහළය.