LSN News › Sri Lanka

ලෝක අවම වැටුප් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට: ජාත්‍යන්තර දත්ත සහ වත්මන් තත්ත්වය පිළිබඳ පූර්ණ විශ්ලේෂණයක්!

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 2024 වසරට අදාළ දත්ත පදනම් කරගනිමින් Visual Capitalist වෙබ් අඩවිය විසින් සිදු කරන ලද ගෝලීය අධ්‍යයනයකට අනුව, ලෝකයේ අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒය ලෝකයේ පහළම අවම වැටුප් ලබන ශ්‍රම බලකායක් සිටින ලෝකයේ රටවල් සියයට 20 තුළ ගත කරන අතිශය දුක්ඛිත තත්ත්වයකි.

LSN Sri Lanka · 28 August 2026

ලෝක අවම වැටුප් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට: ජාත්‍යන්තර දත්ත සහ වත්මන් තත්ත්වය පිළිබඳ පූර්ණ විශ්ලේෂණයක්!

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 2024 වසරට අදාළ දත්ත පදනම් කරගනිමින් Visual Capitalist වෙබ් අඩවිය විසින් සිදු කරන ලද ගෝලීය අධ්‍යයනයකට අනුව, ලෝකයේ අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ.

මෙම ගෝලීය සංසන්දනයේදී සාමාන්‍ය වෙළඳපොළ ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය මත පමණක් පදනම් නොවී, එක් එක් රටවල ජීවන වියදම සහ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය (Purchasing Power Parity - PPP) සැලකිල්ලට ගෙන තිබීම විශේෂත්වයකි. ඒ අනුව මාසික අවම වැටුප් "ජාත්‍යන්තර ඩොලර්" (International Dollars) බවට සමකාලීන කර ඇති අතර, එමගින් අදාළ මුදලින් අදාළ රට තුළදී සැබවින්ම මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය සංසන්දනය කර ඇත.

ශ්‍රී ලංකාවේ ස්ථානය සහ PPP අගය

මෙම දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ PPP (මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය) -සකස් කළ මාසික අවම වැටුප ඇමරිකානු ඩොලර් 200ක් ලෙස සටහන් වේ. මෙය සෘජු වෙළඳපොළ ඩොලර් හුවමාරු අනුපාතය අනුව ගණනය කළ රුපියල් අගයක් නොවන නමුත්, දළ ඇස්තමේන්තුවක් ලෙස ශ්‍රී ලංකාව තුළ රුපියල් 66,000ක පමණ ක්‍රය ශක්තියකට (මිලදී ගැනීමේ හැකියාවකට) සමාන වේ.

ලෝකයේ අවම වැටුප් ලබන පහළම රටවල්

ලෝකයේ අවම වැටුප් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් පසුවන අවසාන රටවල් 10 මෙසේය:

1. නයිජර් – ඩොලර් 196

2. භූතානය – ඩොලර් 180

3. හයිටි – ඩොලර් 167

4. ගිනියාව – ඩොලර් 153

5. මධ්‍යම අප්‍රිකානු ජනරජය – ඩොලර් 133

6. සියෙරා ලියොන් – ඩොලර් 121

7. ඝානා – ඩොලර් 100

8. කිර්ගිස්තානය – ඩොලර් 91

9. ගිනි-බිසාවු – ඩොලර් 83

10. ගැම්බියා – ඩොලර් 67

දකුණු ආසියානු සහ ආසියානු කලාපීය තත්ත්වය

දකුණු ආසියානු කලාපය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව පසුවන්නේ පහළම ස්ථානයකය. කලාපයේ අනෙකුත් රටවල් හිමිකරගෙන ඇති ස්ථාන සහ PPP(මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය) - සකස් කළ මාසික අවම වැටුප් පහත පරිදි වේ:

පකිස්ථානය: 68 වැනි ස්ථානය (ඩොලර් 570)

නේපාලය: 78 වැනි ස්ථානය (ඩොලර් 490)

බංග්ලාදේශය: 89 වැනි ස්ථානය (ඩොලර් 379)

ඉන්දියාව:111 වැනි ස්ථානය (ඩොලර් 233)

ශ්‍රී ලංකාව: 120 වැනි ස්ථානය (ඩොලර් 200)

ආසියාවේ ඉහළම අවම වැටුප වාර්තා වන්නේ දකුණු කොරියාවෙනි. දකුණු කොරියාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේ පසුවන අතර එහි PPP (මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය)-සකස් කළ මාසික අවම වැටුප ඩොලර් 2,362කි. ජපානය ඩොලර් 1,839ක අගයක් ලබා ගනිමින් 16 වැනි ස්ථානයේ පසුවේ.

ලෝකයේ ඉහළම අවම වැටුප් ලබන රටවල්

ලෝකයේ පළමු ස්ථානය ස්විට්සර්ලන්තයට හිමිව ඇති අතර එහි PPP අගය ඩොලර් 3,804කි. කෙසේ වෙතත්, ස්විට්සර්ලන්තයේ ජාතික වශයෙන් තනි අවම වැටුපක් නොමැති අතර කැන්ටන් (ප්‍රාන්ත) සහ කර්මාන්ත අංශ අනුව වැටුප් තීරණය වේ.

ලෝකයේ ඉහළම අවම වැටුප් සහිත ඊළඟ රටවල් වන්නේ:

ජර්මනිය: ඩොලර් 2,928

එක්සත් රාජධානිය: ඩොලර් 2,902

නෙදර්ලන්තය:ඩොලර් 2,876

ඕස්ට්‍රේලියාව:ඩොලර් 2,819

ලෝකයේ ඉහළම අවම වැටුප් ලබන රටවල් 10න් 8ක්ම යුරෝපීය රටවල් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

ඇමරිකා එක්සත් ජනපදය මෙම ලැයිස්තුවේ 25 වැනි ස්ථානයේ (ඩොලර් 1,257) පසුවේ. එහිදී පදනම් කරගෙන ඇත්තේ 2009 වසරේ සිට වෙනස් නොවූ පැයකට ඩොලර් 7.25ක් වන ෆෙඩරල් අවම වැටුපයි. නමුත් ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල මීට වඩා වැඩි අවම වැටුප් පවතී.

වාර්තාව පිළිබඳ වැදගත් කරුණු සහ සටහන්

1.ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය තත්ත්වය: මෙම ශ්‍රේණිගත කිරීම 2024 ILO දත්ත මත පදනම් වූවකි. ශ්‍රී ලංකාවේ ජාතික කම්කරුවන්ගේ අවම වැටුප් (සංශෝධන) පනත අංක 11/2025 අනුව, ජාතික අවම වැටුප 2025 අප්‍රේල් 1 වනදා සිට රුපියල් 27,000ක් දක්වා ද, 2026 ජනවාරි 1 වනදා සිට රුපියල් 30,000ක් දක්වා ද ඉහළ නංවන ලදී. එබැවින් මෙම ගෝලීය ලැයිස්තුවේ සඳහන් ශ්‍රී ලංකා අගය වත්මන් නීතිමය අවම වැටුපට වඩා පැරණි දත්තයක් මත පදනම් වූවකි.

2. සැබෑ විනිමය අගය සහ PPP: PPP ගැළපීමෙන් ලැබෙන ඩොලර් 200 යනු ඇමරිකාවේ ඩොලර් 200කින් ලබාගත හැකි මිලදී ගැනීමේ බලයට ශ්‍රී ලංකාව තුළ පවතින සමානතාවයයි. නියමිත සාමාන්‍ය වෙළඳපොළ විනිමය අනුපාතයෙන් ගණනය කළ විට ශ්‍රී ලංකාවේ නීතිමය අවම වැටුප වන රුපියල් 30,000 ඇමරිකානු ඩොලර් 90ත් 100ත් අතර ප්‍රමාණයක් වේ.

3.සංසන්දනාත්මක සීමාවන්: ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ ඉතාලිය වැනි රටවල ජාතික වශයෙන් නීතිමය අවම වැටුපක් නියම කර නොමැති බැවින් ඒවා මෙම ලැයිස්තුවට ඇතුළත් කර නොමැත.

4. අවම වැටුපේ ස්වභාවය:මෙහි දැක්වෙන්නේ නීතිමය වශයෙන් ගෙවිය යුතු පහළම සීමාවයි. බොහෝ ශ්‍රමිකයන්ට ඊට වැඩි වැටුප් ලැබෙන අතර, බදු, සමාජ ආරක්ෂණ දායකත්වයන් සහ රජයට වාර්තා නොවෙන නිල නොවන අංශයේ වැටුප් මෙම සංසන්දනයට ඇතුළත් කර නොමැත.

ඉදිරි ශ්‍රේණිගත කිරීම් පිළිබඳ අනුමානය

2024 ILO දත්තවලට අනුව ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයේ සිටියද, 2025 සහ 2026 වසරවලදී ජාතික අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ PPP අගය ඩොලර් 200 සිට ආසන්න වශයෙන් ඩොලර් 280–340 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.

එම වර්ධනය සිදුවුවහොත් ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවා යාමට ඉඩ ඇති නමුත්, බංග්ලාදේශය, නේපාලය සහ පකිස්ථානය යන රටවලට පහළින් රැඳී සිටිනු ඇත. ඒ අනුව ඉදිරියේදී නිකුත් වන ගෝලීය ලැයිස්තුවල ශ්‍රී ලංකාවේ ස්ථානය 90ත් 110ත් අතර අගයකට ඉදිරියට පැමිණෙනු ඇතැයි දත්ත ඇසුරෙන් අනුමාන කළ හැකිය. එය යම් ප්‍රගතියක් වුවද, ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ ලෝකයේ පහළම වැටුප් ලබන රටවල් පහෙන් පංගුව (20%) අතර බව පැහැදිලිය.