LSN News › Sri Lanka

සෞදියේ මරණ දඬුවම නියම වූ සිවරාසා බේරාගන්න රජයෙන් කරන රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම විදේශ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කරයි...!

සිවරාසා වෙනුවෙන් සමාව ඉල්ලා ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් සෞදි අරාබි රාජධානියේ රජු වෙත විශේෂ ලිපියක් යොමු කිරීමටද ඉදිරියේදී කටයුතු යොදා ඇති බව කී ඇමතිවරයා මේ ක්‍රියාවලියට බාධාවන කිසිවක් නොකරන ලෙසත් අනවශ්‍ය ප්‍රකාශ සිදුනොකර වගකීමකින් කටයුතු කරන ලෙසත් දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

LSN Sri Lanka · 22 September 2026

සෞදියේ මරණ දඬුවම නියම වූ සිවරාසා බේරාගන්න රජයෙන් කරන රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම විදේශ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කරයි...!

සෞදි අරාබි රාජධානියේ සිරගතව සිටින ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන අනෝජන් සිවරාසාට නියම වී ඇති මරණ දඬුවමෙන් ඔහුව මුදා ගැනීම සඳහා සහනයක් ලබා ගැනීමට, සෞදි නීතිය යටතේ ලබා ගත හැකි සියලුම සුදුසු රාජ්‍යතාන්ත්‍රික, කන්සියුලර් සහ නීතිමය මාර්ග ඔස්සේ රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවේ දි විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කළේය.

1999 දෙසැම්බර් 20 වන දින උපත ලැබූ කල්මුණේ, නට්පිමුනෙයි 02, වලව් පාර, අංක 259 ලිපිනයේ පදිංචි අනෝජන් සිවරාසා මහතා 2025 සැප්තැම්බර් 04 වන දින සෞදි අරාබියට ගොස් ඇත්තේ 'ජෆූරා අප්ස්ට්‍රීම් පයිප්ලයින් ෆේස් 2' (Jafurah Upstream Pipeline Phase 2) ව්‍යාපෘතිය යටතේ 'ඩෙනිස් ඇරබියා කම්පැනි ලිමිටඩ්' (Denis Arabia Company Limited) ආයතනයේ රැකියාව සඳහාය.

තමන්ගේ මුහුණුපොතේ (Facebook) පළකළ සටහනක් හේතුවෙන් රැකියාවට හානි සිදුවීම නිසා ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සහාය ඉල්ලා පවුලේ සාමාජිකයන් 2026 ජූලි 01 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිත ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ සමාගමෙන් කරුණු විමසා ඔහුව ගෙන්වා ගැනීමට සහාය ඉල්ලා සිටියද, ජූලි 02 වන දින සමාගමේ මානව සම්පත් කළමනාකරු දැනුම් දී ඇත්තේ සිවරාසා සෞදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ ආගමික වශයෙන් සංවේදී ප්‍රකාශයක් හරහා සයිබර් අපරාධ නීති උල්ලංඝනය කිරීම සහ ආගමික අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණි. ඉන් අනතුරුව 2026 ජූලි 27 වන දින පැවැති නඩු විභාගයේදී ත්‍රිපුද්ගල අපරාධ අධිකරණය විසින් සෞදි අරාබියේ සයිබර් අපරාධ නීතියේ 03-1 වගන්තිය යටතේ ඔහුව වරදකරු කළද, මහජන අභිචෝදකවරයා (Public Prosecutor) චෝදනා කළ 'ආගමික අපහාසය' යන චෝදනාවට අධිකරණය ඔහුව ඒ අවස්ථාවේ දී වැරදිකරු කර තිබුණේ නැත.

කෙසේ වෙතත්, තානාපති කාර්යාලය මගින් පත්කළ නීති සමාගම හරහා දඬුවම අඩු කරන ලෙස අභියාචනයක් ඉදිරිපත් කරන අතරතුර, මහජන අභියෝඡක කාර්යාලය විසින් දඬුවම වැඩි කර ෂරියා නීතිය යටතේ දඬුවම් දෙන ලෙස ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ අභියාචනාධිකරණය, පෙර තීන්දුව වෙනස් කරමින් අදාළ ක්‍රියාව මුහම්මද් නබිතුමාට අපහාස කිරීම හා අවමන් කිරීමක් ලෙස අර්ථකථනය කර සිවරාසාට මරණ දඬුවම නියම කර ඇත. එමෙන්ම, සයිබර් අපරාධ නීතිය යටතේ නියම කර තිබූ සෞදි රියාල් මිලියන 03ක දඩය ඉවත් කර, ඉලෙක්ට්‍රොනික උපකරණ රාජසන්තක කිරීමටත්, සමාජ මාධ්‍ය ගිණුම වසා දැමීමටත් අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම තීන්දුවේ ඉංග්‍රීසි පරිවර්තන පිටපත ලැබීමෙන් පසු නඩු තීන්දුව දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් පවතින අතර, ඉදිරි අභියාචනා හෝ සමාලෝචන ක්‍රියාවලීන් සඳහා සෞදි අරාබියේ සහ ශ්‍රී ලංකාවේ නීති විශේෂඥයින්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි. දැනටමත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා තමන්ගේම වියදමින් සෞදි අරාබියට ගොස් අදාළ නීතිඥ සමාගම් හා නීති අංශ සමඟ සාකච්ඡා කර නීතිමය මැදිහත්වීම සිදු කිරීමට එකඟතාව පළ කර ඇත.

එමෙන්ම ඒ ඔහුට ජීවිත දානය ලබා ගැනීම සඳහා විශේෂ ඉල්ලිමක් කිරීමට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් සෞදි ආරාබිය බලා යන්නට සැලසුම් කරන බවත්, නියෝජ්‍ය කථානායකවරයාගේ මූලිකත්වයෙන් යන එම ගමනට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ද සහභාගී කරවන ලෙසත් ඇමතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

සිවරාසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයෙකු වන බැවින්, මෙම නීතිමය කටයුතු සඳහා වැය වූ සහ ඉදිරියට වැය වන සියලුම වියදම් රජය විසින් දරන අතර ඔහුගේ දෙමාපියන් ගෙවූ මුදල්ද ප්‍රතිපූර්ණය කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයා කීවේය..

එමෙන්ම, ඉදිරි සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත අතර, මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීම, සමාව ලබා ගැනීම හෝ දඬුවම ලිහිල් කර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු කරවන බව ඔහු පාර්ලිමේන්තුවට දැන්වූයේය.

මීට අමතරව, සිවරාසා වෙනුවෙන් සමාව ඉල්ලා ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් සෞදි අරාබි රාජධානියේ රජු වෙත විශේෂ ලිපියක් යොමු කිරීමටද ඉදිරියේදී කටයුතු යොදා ඇති බව කී ඇමතිවරයා මේ ක්‍රියාවලියට බාධාවන කිසිවක් නොකරන ලෙසත් අනවශ්‍ය ප්‍රකාශ සිදුනොකර වගකීමකින් කටයුතු කරන ලෙසත් දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.