LSN News › Sri Lanka

පාස්කු ප්‍රහාර විමර්ශන: සුරේෂ් සලේ තවදුරටත් රෝහල්ගත කිරීමට වෛද්‍ය නිර්දේශ – මුරපද තවමත් මතක නැති බව කියයි!

මේ වනවිට සලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නේ දන්ත ප්‍රතිකර්ම සඳහාය. ඔහුගේ දන්ත ප්‍රතිකාර සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිසි ලෙස ලබා දිමට අවශ්‍ය බැවින් ඔහු ලබන 28 දා තෙක් නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු බව ජාතික රෝහලේ වෛද්‍ය නිර්දේශය වි ඇත. මේ වනවිට සලේ 42 වාට්ටුවේ නේවාසිකව සිටී. ඔහු පුරා දින සියයකට වඩා ජාතික රෝහලේ ගත කර ඇත.

LSN Sri Lanka · 22 September 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: සුරේෂ් සලේ තවදුරටත් රෝහල්ගත කිරීමට වෛද්‍ය නිර්දේශ – මුරපද තවමත් මතක නැති බව කියයි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ තවදුරටත් (ලබන 28 වැනිදා දක්වා) කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම සුදුසු බව වෛද්‍ය නිර්දේශයකින් අධිකරණයට දැනුම් දී තිබේ.

එම වෛද්‍ය වාර්තාව අද (සැප්තැම්බර් 22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය නඩු වාරයේදී සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ අධිකරණය පත් කළ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට අවශ්‍ය වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසියක් නිකුත් කර තිබුණි. ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර අද අධිකරණයේ පෙනී සිටියේය.

ඉදිරිපත් කළ වාර්තාවට අනුව සලේ ලබන 28 වැනිදා දක්වා නේවාසික ප්‍රතිකාර ලැබිය යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇත. හෘදය සම්බන්ධ ප්‍රතිකාර අවසන් වී ඇති අතර ඔහු දැනට සාමාන්‍ය වාට්ටුවක (42 වැනි වාට්ටුව) ප්‍රතිකාර ලබයි. දන්ත ප්‍රතිකාර සඳහා ප්‍රතිජීවක ඖෂධ අඛණ්ඩව ලබාදීම අවශ්‍ය බවත්, එම ප්‍රතිකාර අවසන් වූ පසු සුදුසු පරිසරයකට මුදාහැරීමට නිර්දේශ කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයට පැහැදිලි කළේය.

මුරපද තවමත් ලබාදී නෑ

කෙසේ වෙතත්, අධිකරණ නියෝගය අනුව සිය පරිගණකයේ මුරපද ලබාදීමට සලේ මේ දක්වා කටයුතු කර නැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. දින 100කට වැඩි කාලයක් ගතව තිබුණද ඔහු තවමත් මුරපද මතක නැති බව පවසන ස්ථාවරයක සිටින බවත්, මොහු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියකුට තිබිය යුතු මතක ශක්තියක් නොමැති පුද්ගලයෙකු බවත් දිලීප පීරිස් සඳහන් කළේය.

රුපියල් ලක්ෂ හතළිහක් රාජ්‍ය මුදලින් හෘදයට උපකරණයක් සවිකර ඇති බවත්, දැනට සාමාන්‍ය වාට්ටුවක සිටින ඔහු 28 වැනිදාට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනගොස් සුපුරුදු පරිදි විමර්ශන හා ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු වෛද්‍ය වාර්තාවේ වධ හිංසාවට ලක්ව ඇති බව සඳහන් වන බවට කරුණු දක්වනු ලැබීය. එහෙත්, මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කළේ වාර්තාවේ සඳහන් වන්නේ මානසික පීඩනයකට ලක්ව ඇති බව මිස වධ හිංසාවක් නොවන බවයි.

විපක්ෂ නායක ඇතුළු පිරිසගෙන් ඉදිරියේදී ප්‍රකාශ

විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දන්නා මාධ්‍යවේදීන්ගෙන් තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත්ය.

නඩුවේ ප්‍රගතිය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට නියෝග කර ඇති අතර, නඩුව ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සලේ 2026 පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින අතර, ජූනි 7 වැනිදා සිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.