අභියාචනාධිකරණයට සහ මහාධිකරණයට නව විනිසුරුවරුන් පත්කිරීමට ජනාධිපතිගෙන් පියවර!
මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ජ්‍යෙෂ්ඨ අධිකරණ සේවා නිලධාරීන් තිදෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර ඇත.
LSN Sri Lanka ·

අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්නගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ.

අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත.

මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ජ්‍යෙෂ්ඨ අධිකරණ සේවා නිලධාරීන් තිදෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු යොදා තිබේ.

එලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස හෙට (23) දින ජනාධිපතිවරයා අතින් පත්වීම් ලැබීමට නියමිතව ඇත්තේ පහත සඳහන් නිලධාරීන් ය.

පෙරුමාල් සිවකුමාර්

ආනන්දි කනගරත්නම්

ඤාණේස ලලිත් කන්නන්ගර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් ලෙස නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න දිවුරුම් දීමට නියමිතය.