Sport · Sri Lanka Bureau
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය
යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකීම් සහගතභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම පෙරදැරි කරගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මෙම නව විධිවිධාන සකස් කර තිබේ.
LSN Sri Lanka ·
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම උදෙසා "ශ්‍රී ලංකා ක්‍රිකට්" සංස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2026 ජූනි 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය හිමිව තිබිණි.

ඊට අනුකූලව නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කරන ලද පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිශ්කාශනය ද ලැබී ඇත.

යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකීම් සහගතභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම පෙරදැරි කරගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මෙම නව විධිවිධාන සකස් කර තිබේ.

ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු සහභාගිවන්නන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම, දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව මුදාගෙන ආරක්ෂා කරගැනීම මෙන්ම, අදාළ ආයතනයේ බලතල සහ කර්තව්‍යයන් නීත්‍යානුකූලව නියාමනය කිරීම සඳහා වන ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත