Sport · Sri Lanka Bureau
ලෝකය ඉදිරියේ ජාතියක් අසරණ කරන “ක්‍රිකට් බැරි කම“
ලෝකය ඉදිරියේ මෙවැනි ක්‍රිකට් ගහන කණ්ඩායමක් රටකට උරුම කරන්නේ වේදනාව සහ විලි ලජ්ජාව පමණය. සංගා පසුගිය තරගාවලියේ දී කීවේ ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන විස්සයි 20 කණ්ඩායම ඇත්තේ තවත් බොහෝ දුරකින් බවය. ජාතිය අපේක්ෂා කරන එක් දින කණ්ඩායමත් ඇත්තේ තවත් බොහෝ දුරකින් බව ඊයේ අපේ එක් දින කණ්ඩායම පෙන්වා දුන්නේය.
LSN Sri Lanka ·

ආයෙත් පරාදය. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය චෙස්ටර්-ලී-ස්ට්‍රීට්හි රිවර්සයිඩ් පිටියේදී ඊයේ පැවැත්විනි. අපි මේ තරගයේ දී එංගලන්තයට ලකුණු 89ක අන්ත දිරාපත් විදිහට පරාදය.

පළමු පන්දුවට පහර දෙන .එංගලන්තය රැස් කරන්නේ ලකුණු 265කි. එය ඕවර 50 තරගයක දී හඹා යා නොහැකි ඉලක්කයක් නොවේ. එහෙත් අපේ ලොන්තපෝල් ක්‍රිකට් ඔස්තාද්ලාට පන්දු ඕවර 50ක් ක්‍රීඩා කරන්නට බැරි විය. පන්දුවාර 37ක දී සියල්ලෝ දැවී ගියහ. 266ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 37කදීම සියලු දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 176කි.

මේ අපේ රටේ වෘත්තීය ක්‍රිකට් දැන් ස්ථානගතව ඇති තැනය. මේ ක්‍රිකට් ගැහිල්ල පිළිගන්නට ප්‍රේක්ෂක අපට එක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන ලෙස මේ ජාතික කණ්ඩායමෙන් අප ඉල්ලා සිටින්නේය.

හැරී බෲක්ගේ ලකුණු 67 සහ විල් ජැක්ස්ගේ නොදැවී ලකුණු 46 සමඟ එංගලන්තය පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී ගියේය. සිය මංගල අන්තර්ජාතික එක්දින තරගයට එක් වූ සචිඳු කොළඹගේ බලාපොරොත්තුවක් දැල්වූයේය. ඔහු ජෝ රූට්, ජොස් බට්ලර් සහ ජේමි ඕවර්ටන්ව දවා ගනිමින් කඩුලු 3ක් ලබා ගත්තේය. පන්දුවට පහරදීමේ දී ද තමන්ට පිතිකරණ හැකියාවක් ඇති බව පෙන්වා දුන්නේය. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ද කඩුලු 3ක් දවා ගත්තේය. ඔවුන් එංගලන්ත මැද පෙළ පීඩනයට ලක් කළේය. එහෙත් එංගලන්ත කණ්ඩායමට ලකුණු 265ක් රැස් කිරීමට හැකි විය.

එය අන්තර්ජාතික මට්මේ ඕවර් 50 තරගයක ජගහ්‍රහණය ස්ථාවර කරගෙන ක්‍රීඩා කළ හැකි ලකුණු මට්ටමක් නොවේ. හඹා එන්නන්ගේ පහසු ඉලක්කයකි. එසේත් නැතිනම් එම ලකුණු ගාන රැක ගැනීමට මරාගෙන මැරෙන තරගයක් දීමට මුල් පිතිකරණ කණ්ඩායමට සිදුවන අවස්ථාවකි.

එහෙත් එංගලන්තයට අපට වඩාගෙන ගහන්නට තරම් ලකුණු 265 ප්‍රමාණවත් වුනේය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ගොබ්බ පඩංගු එකක් විය. තරගයක අපේක්ෂා සහිත සැලසුම ස්ථාවර කරන සබඳතාවයක් වෙනුවට පැතුම් නිස්සංක ලකුණු 27කටත්, කමිඳු මෙන්ඩිස් ලකුණු 14කටත් දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කළත්, චරිත් අසලංක දැවී යන්නේ එක ලකුණකටය. ජනිත් ලියනගේ දැවී යන්නේ ලකුණු 4කට ය. පවන් රත්නායක ලකුණු 13කටය.

ඉනිමක් බිඳවැටෙන විට අඩුම තරමින් එක ලකුණ බැගින් හෝ අරගෙන පන්දු ඕවර කීපයක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි මේ ක්‍රීඩකයින් එකෙක්වත් එක් දින තරගවලට ආධුනික නැත. චරිත් අසලංක ඊයේ සහභාගී වන්නේ තමන්ගේ 86 වැනි එක් දින ජාත්‍යාන්තර තරගයටය. ජනිත් ලියනගේ ඊයේ ගැහුවේ තමන්ගේ 37වැනි එක්දින ජාත්‍යාන්තර තරගය ය. මැද පෙළ අතුරුදහන් වන්නේ මෙවැනි උන් ඉද්දීය.

පසු පෙළ පිතිකරණයට පිවිසි දුනිත් වෙල්ලාලගේ පන්දු 36 කදි හතරේප පහර 5ක් සහ හයේ පහර 02ක් සමග ලකුණු 45ක් ලබා ගනිමින් තනි ගේමක් ගහන්නට හදන උත්සාහය අපි බලාගෙන සිටියෙමු. ඒ තරුණයා පවුය. බලන් හිටිය අපත් පවුය. විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් ලබා ගනිමින් තරගය අවසන් කළේය. ඒ සිය අවසාන ඕවරයේදී කඩුලු තුනක් ලබා ගනිමිනි.

පන්දු 300ක් ඇති තරගයකදී පන්දු 222කදීම සියලු දෙනා දැවී යාම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රකාශනයක් නොවේ. ඔවුන්ට හඹා යන ඉලක්කයක් සඳහා සැලැස්මක් තිබුණේ නැත.

විස්සයි 20 තරගයක පන්දු 120කට පෙර කඩුළු 10ම පූජා කරන කණ්ඩායමක්, ඕවර් 50 තරගයකදී පන්දු 200ක පමණකින් ඉනිම අවසන් කරන්නේ නම් ඒ ක්‍රිකට් ඇත්තේ පුනරුත්ථාපනය කළ යුතු මට්ටමකය. අපේ ජාතික කණ්ඩායම මේ ගහන්නේ ගමේ ක්‍රිකට් ගහන කොල්ලන්වත් ගහන්නේ නැති ක්‍රිකට්ය.

මේ සටහන තබන මා මේ තරම් පෙළන්නේ අඩුම තරමින් දශක 4ක් ක්‍රිකට් බැලූ අත්දැකීමය. අප වෙනම තලයක සිට ක්‍රිකට් ගැසූ අභිමානයක් සහිත ජාතියක්ව සිටි අයුරු දෑසින් දැක තහවුරු කරගත් අතීතයක් මගේ වයසේ ක්‍රිකට් ලෝලීන්ට තිබෙන්නේය. උද්දච්ඡකම, ජාතික නියෝජනයක ඇති බරෙහි තරම නොදැනීම, මුදල් සහ ලාභ අපේක්ෂාවන් ස්වකීය ක්‍රීඩා ජීවිතයට වඩා ඉහළින් තැබීම අලුත් පරම්පරාවේ ක්‍රීඩාව සිල්ලර කර ඇති ආකාරය අපට පෙනෙන්නේය.

ජාතික තලයේ ක්‍රීඩකයින් මුදල් ඉපයිය යුතුය. ලෝක ශ්‍රේණිගත පා පන්දු ක්‍රීඩකයෙක් අපේ ක්‍රිකට් ආයතන වැනි ආයතන දිනපතා මිලදී ගත හැකි තරම් වත්කම් උපයන්නේය. වෙනස ඔවුන් උපයන මුදල සහ ඔවුන්ට ලබා දෙන වටිනාකමට ඔවුන් සිය ක්‍රීඩා ජිවිතයෙන් සාධාරණයක් කිරීමය. ඔවුන් සිය ක්‍රීඩාවේ ගුණාත්මකභාවය සහ වෘත්තීය භාවය වැඩි දියුණු කර පවත්වා ගැනීම වෙනුවෙන් කැපවීමය. අපේ ජාතික ක්‍රීඩකයින්ට අතට සොච්චමක් ලැබෙන විට මුලින්ම අමතක වන්නේ ක්‍රීඩාව වෙනුවෙන් තමන් කළ යුතු කැප කිරීමේ තරමය. තමන් යාවත්කාලීන විය යුතු තාක්ෂණික පරිචයන්හි ප්‍රමාණය ය.

පසුගිය විස්සයි විස්ස තරගාවලියේ දී හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් එය හරියමට කීවේය.

“ මේ ක්‍රීඩකයින් ලඟ ඔවුන්ගේ පූර්වගාමීන් පවත්වාගෙන ආපු ප්‍රමිතිය නෑ....“

සේදි ගිය විස්සයි 20 තරගාවලියේ දිගුවක් ලෙස එක්දින තරගාවලියේ මුල් තරගය නිමා වන්නේය. ලොකය ඉදිරියේ මෙවැනි ක්‍රිකට් ගහන කණ්ඩායමක් රටකට උරුම කරන්නේ වේදනාව සහ විලි ලජ්ජාව පමණය. සංගා පසුගිය තරගාවලියේ දී කීවේ ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන විස්සයි 20 කණ්ඩායම ඇත්තේ තවත් බොහෝ දුරකින් බවය. ජාතිය අපේක්ෂා කරන එක් දින කණ්ඩායමත් ඇත්තේ තවත් බොහෝ දුරකින් බව ඊයේ අපේ එක් දින කණ්ඩායම පෙන්වා දුන්නේය. මේ තරම් ලොන්ත නොවී අඩුම තරමින් ඊලඟ තරගය පිළිගත හැකි මට්ටමකින් පරාජයවීම දැන් අප මේ කණ්ඩායමෙන් බලාපොරොත්තුවන එකම දේය.