ආබාධිත තැනැත්තන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීමට පාර්ලිමේන්තු කමිටුවෙන් යෝජනා රැසක්!
තදබදයකින් තොරව වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම, දැඩි මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගන්නා අතරම ආබාධිත තැනැත්තන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව රාජ්‍ය ආයතන දැනුවත් කිරීම සහ ආයතනික මට්ටමින් ඒ පිළිබඳ සාධනීය ආකල්ප වර්ධනය කිරීම කෙරෙහි ද කමිටුවේ අවධානය යොමුවිය.
LSN Sri Lanka ·

ආබාධිත තැනැත්තන් සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ අදාළ පනත් සංශෝධනය කිරීම සඳහාවන විශේෂ යෝජනා මාලාවක් පාර්ලිමේන්තු විශේෂ කමිටුව විසින් ඉදිරිපත් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටුව මගින් පත් කරන ලද මෙම කමිටුවේ සමාරම්භක රැස්වීම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර, එහිදී මෙම තීරණාත්මක යෝජනා ඉදිරිපත් විය.

දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ආබාධ සහිත තැනැත්තන් සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හිමිකම තවදුරටත් පුළුල් කිරීම, දිස්ත්‍රික් මට්ටමින් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් සැලසීම සහ පුද්ගලික ශාරීරික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වාහන වෙනස්කම් (Modifications) සිදුකිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ හඳුන්වාදීම කෙරෙහි කමිටුවේ විශේෂ අවධානය යොමුවී ඇත.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) දැනට පවතින පටිපාටි වෙනස් කිරීම සහ අදාළ ගැසට් නිවේදන සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එහිදී ඉදිරිපත් වූ ප්‍රධාන යෝජනා අතර:
දෘශ්‍ය ආබාධ සහිත පුද්ගලයන්ගේ පෙනුමේ පරාසය (Field of vision) ඇගයීමට ලක්කරමින්, ඔවුන්ට තවත් වාහන කාණ්ඩ රැසක් ධාවනය කිරීමට ප්‍රවේශය ලබාදීම.

ශ්‍රවණාබාධිත රියදුරු බලපත්‍ර අපේක්ෂකයන් වෙනුවෙන් සංඥා භාෂා පරිවර්තකයන්ගේ (Sign language interpreters) සේවය ලබාදීම.

ශ්‍රවණාබාධිත රියැදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ සංකේත/සලකුණු භාවිත කිරීම.

එක් රියැදුරු බලපත්‍ර හිමියෙකුට සිය අවශ්‍යතාවලට අනුව සකස් කරන ලද වාහන (Adapted vehicles) එකකට වඩා ලියාපදිංචි කිරීමට අවසර දීම.

පවතින පාලන සහ පරිපාලනමය බාධා ඉවත් කිරීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර පවතින ඩිජිටල් පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

තදබදයකින් තොරව වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම, දැඩි මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගන්නා අතරම ආබාධිත තැනැත්තන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව රාජ්‍ය ආයතන දැනුවත් කිරීම සහ ආයතනික මට්ටමින් ඒ පිළිබඳ සාධනීය ආකල්ප වර්ධනය කිරීම කෙරෙහි ද කමිටුවේ අවධානය යොමුවිය.