LSN News › Sri Lanka

ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසමේ අත් අඩංගුවට...

මෙම මුදල පිළිබඳ චෝදනා අලුත් නැත. 2016 ජූලි 11දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ ක්‍රිෂ් සමාගමෙන් ලැබුණු රු. මිලියන 70ක් “අතුරුදහන්” වී ඇති බවට චෝදනාව මතය.

LSN Sri Lanka · 24 September 2026

ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසමේ අත් අඩංගුවට...

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

චෝදනාව වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍ර භූමිය ක්‍රිෂ් සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක් අවස්ථා තුනකදී අල්ලස් ලෙස ලබා දුන් බවටවන චෝදනාවය.

අත් අඩංගුවට ගත් සැකකාරිය අද (සැප්තැම්බර් 24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය..

කොළඹ කොටුවේ හිල්ටන් හෝටලයට ඉදිරිපිට පිහිටි පැරණි ට්‍රාන්ස්වර්ක්ස් ඉඩම අක්කර 4.3ක් පමණ වේ. ඉන්දීය ක්‍රිෂ් සමූහය මෙහි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් යෝජනා කළේය. භූමිය නාගරික සංවර්ධන අධිකාරියට අයත් විය. එම භූමිය ක්‍රිෂ් සමාගමට ලබා දීම සදහා සඳහා ජානකී සිරිවර්ධන මැදිහත්කාරිය ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

රු. මිලියන 70 කුමක් ද?

මෙම මුදල පිළිබඳ චෝදනා අලුත් නැත. 2016 ජූලි 11දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ ක්‍රිෂ් සමාගමෙන් ලැබුණු රු. මිලියන 70ක් “අතුරුදහන්” වී ඇති බවට චෝදනාව මතය.

ඔහුගේ පාර්ශ්වය කියා සිටියේ මුදල රග්බි Super Sevens තරගාවලිය සඳහා ලැබුණු බවය. විමර්ශකයන් කියා සිටියේ එම අරමුණට මුදල යොදවා ඇති බව පැහැදිලිව තහවුරු නොවූ බවය.

2025 ජනවාරි අග දී නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අධිචෝදනා ගොනු කළේ සාපරාධී විශ්වාසය කඩ කිරීම යටතේය. එනම් ලංකාවේ රග්බි දියුණුවට යැයි කියා ක්‍රිෂ් සමාගමෙන් ලබා ගත් මුදල අයථා ලෙස පරිහරණය කිරීම චෝදනාව මතය.

එම වසරේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් ඉඩම් බද්ද සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කළ බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි. එබැවින් “මිලියන 70 අල්ලස් ලෙස නාමල්ට දුන්නා” යන චෝදනාව සහ “රග්බි සඳහා ලැබුණු මුදල වැරදි ලෙස භාවිත කළා” යන අධිචෝදනාව එකම සිදුවීමේ වෙනස් නීතිමය කෝණ දෙකක් බව පෙනේ.

ජානකී සිරිවර්ධන මීට කලින් අත්අඩංගුවට ගත් අවස්ථාව

2022 නොවැම්බර් 4දා CID ඇයව අත්අඩංගුවට ගත්තේ තිළිණි ප්‍රියමාලිගේ බිලියන ගණනක මූල්‍ය වංචාවට උදව් කළ බවට චෝදනා මතය. ඇයව පසුව ඇප මත මුදා හැරියේය. එම නඩුව ක්‍රිෂ්–නාමල් මිලියන 70 නඩුවෙන් වෙනස්ය.

නාමල් රාජපක්ෂ — වත්මන් තත්ත්වය

මේ වන විට නාමල් රාජපක්ෂ ශ්‍රීලංකන් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2026 සැප්තැම්බර් 4දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටී. එහි චෝදනාව ඩොලර් 800,000 (එවකට රු. මිලියන 100ක් පමණ) මුදල් අල්ලස් ලෙස ලැබූ බවය.