මධ්‍යම පළාතේ අධික වැසි: ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘතයි!
පවත්නා වැසි තත්ත්වය තවත් වැඩි වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බැවින්, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
LSN Sri Lanka ·

පවතින වැසි තත්ත්වයත් සමඟ පාසල් පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරූ බලය තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන පවසයි.

පළාතේ විවිධ ප්‍රදේශවලට වර්ෂාව පතිත වීමේ අඩුවැඩි වීමක් දක්නට ලැබෙන බැවින්, පළාතේ පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් එකවර තීරණයක් ගැනීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ද ඇය සඳහන් කළාය.

අධික වැසි තත්ත්වය හේතුවෙන් මතුව තිබෙන අවදානම සැලකිල්ලට ගෙන මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් විදුහල්පතිවරුන් සමඟ සාකච්ඡා කර වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු පියවර ගෙන තිබූ බව ද ලේකම්වරිය ප්‍රකාශ කළාය.

මේ අතර ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇත.

පවත්නා වැසි තත්ත්වය තවත් වැඩි වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බැවින්, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාවත් සමඟ සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් තිබේ.

නුවරඑළියට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ග්‍රෙගරි වැවේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එම වැවේ සොරොව්ව ද විවෘත කර ඇත. මේ හේතුවෙන් කොත්මලේ ජලාශයට ජලය ගලාබසින නානුඔය ඇළේ ජල මට්ටම ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ග්‍රෙගරි වැවේ ජල මට්ටම ඉහළ යෑමත් වැව වටා පවතින අධික සුළං තත්ත්වයත් හේතුවෙන්, එහි පවත්වාගෙන යනු ලබන බෝට්ටු සේවාව ද තාවකාලිකව අත්හිටුවීමට නුවරඑළිය මහ නගර සභාව පියවර ගෙන ඇත.