LSN News › Sri Lanka

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට කියන්න විජිත හේරත් නිව්යෝර්ක් යයි!

සැප්තැම්බර් 28 වනදා ඇරඹෙන රාජ්‍ය නායක සහ අමාත්‍ය මට්ටමේ ඉහළ මට්ටමේ සතියේ (High-Level Week) සාමාන්‍ය විවාදය ඇමතීමට නියමිත අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

LSN Sri Lanka · 26 September 2026

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට කියන්න විජිත හේරත් නිව්යෝර්ක් යයි!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙයවීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් සිදු කිරීමට නියමිතය.

</p>

<p>

මේ සඳහා ඇමතිවරයා අද ( සැප්තැම්බර් 26 වනදා) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිත අතර සැප්තැම්බර් 27 සිට 30 දක්වා එහි රැඳී සිටිනු ඇත. සැප්තැම්බර් 28 වනදා ඇරඹෙන රාජ්‍ය නායක සහ අමාත්‍ය මට්ටමේ ඉහළ මට්ටමේ සතියේ (High-Level Week) සාමාන්‍ය විවාදය ඇමතීමට නියමිත අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

</p>

<p>

"විශ්වාසය නැවත ගොඩනැගීම, පරිවර්තනයන් කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්" යන තේමාව යටතේ මෙවර සැසිවාරය පැවැත්වෙයි. යුද්ධ, දේශගුණික බලපෑම්, අසමානතාවය සහ වේගවත් තාක්ෂණික වෙනස්කම් හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි ඇති විශ්වාසය නැවත ගොඩනැගීම කෙරෙහි මෙවර විශේෂ අවධානයක් යොමු කෙරේ.

</p>

<p>

මෙම සංචාරය අතරතුරදී විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විදේශයන්හි රාජ්‍ය තාන්ත්‍රික අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

</p>

<p>

මෙවර සැසිවාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී නොවනු ඇත. පසුගිය වසරේ පැවැති 80 වැනි සැසිවාරය ජනාධිපතිවරයා විසින් සමුළුව අමතනු ලැබූ අතර, මෙවර අමාත්‍ය මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට විදේශ අමාත්‍යවරයා පියවර ගෙන ඇත.