LSN News › Sri Lanka

ඥානසාර භික්ෂුවට නව ජනාධිපති සමාවක් ඉල්ලා මිහින්තලෙන් මහජන අත්සන් ව්‍යාපාරයක් අරඹයි....

සැප්තැම්බර් 20 වැනිදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී තම පොතක් එළිදැක්වීමේ උත්සවයේ දී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නව ජනාධිපති සමාවක් ඉල්ලා එය ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටියේය. මිහින්තලේ දී අද ආරම්භ වූ අත්සන් එකතු කිරීමේ වැඩසටහන එම ඉල්ලීම ක්‍රියාත්මක වීමක් සේ පෙනෙන්නේය.

LSN Sri Lanka · 26 September 2026

ඥානසාර භික්ෂුවට නව ජනාධිපති සමාවක් ඉල්ලා මිහින්තලෙන්  මහජන අත්සන් ව්‍යාපාරයක් අරඹයි....

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාවක් ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් එකතු කිරීමේ විශේෂ වැඩසටහනක් අද (සැප්තැම්බර් 26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ විය.

මිහින්තලය රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන භික්ෂුව සහ භික්ෂු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. විහාරාධිපති හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ඉල්ලීමක් කරමින්, ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ධම්මරතන භික්ෂුව මෙසේ පැවසූහ.

“අනෝජන් නමැති හින්දු සහෝදරයාට මරණ දඬුවම ලබාදෙන්න තීරණය කරලා තියෙනවා. නමුත් සිංහල, දෙමළ භික්ෂු භික්ෂුණී සියලුම ආගම්වල නායකයින් කියනවා ඔහුට සරල දඬුවමක් දීලා අපේ රටට පිටුහල් කරන්න කියලා.

අභය දෙන්න කියලා ලෝකෙට ඉස්සෙල්ලාම කිව්වේ මේ පුදබිමේ. මිහිඳු හාමුදුරුවෝ කිව්වේ ඔබ අයිතිකරු නෙමෙයි භාරකාරයා පමණි කියලා.

මේ අභයදානය දුන් ස්ථානයේ ඉඳන්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දෙන්න කියලා.

අපි ඒ සඳහා අත්සන් ලබාගෙන මහානායක හාමුදුරුවන්ට ලබා දී ජනාධිපතිතුමාට එම අත්සන් පත්‍රය ලබා දීමට කටයුතු කරනවා.”

2018 දඬුවම සහ 2019 සමාව

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට 2018දී අභියාචනාධිකරණය විසින් වසර 6ක සිර දඬුවමක් නියම කරන ලදී. ඥානසාර භික්ෂුවට එම දඬුවම හිමි වන්නේ නිශ්චිත වරදකට වරකරු කරමිනි.

සිද්ධිය

දිනය 2016 ජනවාරි 25 වැනිදා ය. අධිකරණයේ විභාග වෙමින් තිබුණේ අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ හෙබෙයාස් කෝපුස් නඩුවය. එම නඩුවේදී හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි. සන්ධ්‍යා එක්නැලිගොඩ එම නඩු විභාගයට පැමිණ සිටියාය.

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අධිකරණ ශාලාවට ඇතුළු වී නඩුවට මැදිහත් වීමට ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ එම භික්ෂුව නඩුවේ පාර්ශ්වයක් නොවන බැවිනි. එවිට ඔහු විවෘත අධිකරණයේදී රජයේ නීතිඥවරුන්, අධිකරණ නිලධාරීන් සහ පරීක්ෂකයන්ට බැන වැදුණේය. ඔවුන්ට “නපුංසකයෝ”, “ද්‍රෝහීන්” යැයි කීවේය. ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ඔත්තුකරුවෙකු බවත් කීවේය. මේ රට යුද්ධයක් පැවති රටක් බවත් සිහිපත් කළේය. චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට ඇප නොදීම ගැනද කෝපයෙන් කතා කළේය.

ඉන්පසු අධිකරණ ශාලාවෙන් පිටව යද්දී සන්ධ්‍යා එක්නැලිගොඩගේ කණ ළඟින් නැඹුරු වී කුණුහරුප වචනවලින් තර්ජනය කළ බව වාර්තා විය. ඇයට බැන වැදී, ඇය සහ ඇගේ සැමියා දෙමළ අන්තවාදීන්ට සහාය දෙන බව කියා, යුද්ධ වීරයන්ට අපකීර්තියක් ගෙන එන බව කියා තර්ජනය කළ බව අධිකරණය පසුව පිළිගත්තේය. සන්ධ්‍යා එක්නැලිගොඩ එම තර්ජනය පිළිබඳව හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කළාය.

මෙයින් ඇතිවුන නඩු දෙකකි:

අධිකරණයට අපහාසය – හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණයට පැමිණිලි කළේය. 2018 අගෝස්තු 8 වැනිදා අභියාචනාධිකරණය චෝදනා 4කට වරදකරු කර වසර 6ක සිර දඬුවමක් (සමගාමීව) ඥානසාර භික්ෂුව වෙත නියම කළේය.

සාපරාධී අඩන්තේට්ටම් සහ බිය ගැන්වීම – දණ්ඩ නීති සංග්‍රහයේ 346/386 සහ 486 වගන්ති යටතේ. 2018 මැයි 24 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග විසින් ඥානසාර භික්ෂුව වරදකරු කළේය. ජුනි 14 වැනිදා මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් දෙකක් (සමගාමීව), රු. 1,500ක් දඩයක් සහ සන්ධ්‍යා එක්නැලිගොඩට රු. 50,000ක වන්දියක් නියම කළේය.

සරලව කිවහොත්, උසාවි භූමියේදී ඥානසාර භික්ෂුව විසින් කළේ නඩු විභාගය බාධා කිරීම, නීතිඥවරුන්ට සහ අධිකරණයට අපහාස කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩව එල්ටීටීඊ ඔත්තුකරුවෙකු ලෙස හැඳින්වීම සහ සන්ධ්‍යා එක්නැලිගොඩට කුණුහරුප කියා තර්ජනය කිරීමය. අධිකරණය මෙය සාපරාධී තර්ජනයක් සහ අධිකරණ අපහාසයක් ලෙස නඩු දෙකක දී තීන්දු කළේය

2019 මැයි 23 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඥානසාර භික්ෂුවට පොදු සමාවක් ප්‍රදානය කර නිදහස් කරන්නේය. එවිට ඔහු වසර 6ක දඬුවමෙන් මාස නවයකටත් අඩු කාලයක් පමණක් විඳ තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (සැප්තැම්බර් 10)

සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) ඇතුළු පාර්ශ්වයන් මේ ජනාධිපති සමාවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සම විභාග කිරීමෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඩුල්ල 2026 සැප්තැම්බර් 10 වැනිදා මෛත්‍රීපාල සිරිසේනගේ එම සමාව බලරහිත බවට තීන්දු කළේය.

අධිකරණය පැවසුවේ එම සමාව අත්තනෝමතික වූ බවත්, මහජන විශ්වාසය සහ ස්වභාවික යුක්තිය උල්ලංඝනය කළ බවත්ය. ජනාධිපති සමාව බලය ජනතාව වෙනුවෙන් භාරකාරත්වයෙන් දරන බලයක් බවත් එය අධිකරණ සමාලෝචනයට යටත් බවත් අධිකරණය අවධාරණය කළේය.

ඉන් පසු ඥානසාර භික්ෂුව වත්මන් ජනාධිපති අනුරකුමාර දිසානායකගෙන් තවත් ජනාධිපති සමාවක් ඉල්ලා සිටියේය. ඔහු ප්‍රසිද්ධියේ මේ සමාව ඉල්ලා සිටියේ සැප්තැම්බර් 20 වැනිදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී තම පොතක් එළිදැක්වීමේ උත්සවයේ දී ය. මේ සමාව ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා මැදිහත් වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මිහින්තලේ අද ආරම්භ වූ අත්සන් එකතු කිරීමේ වැඩසටහන එම ඉල්ලීම ක්‍රියාත්මක වීමක් සේ පෙනෙන්නේය. මිහින්තලයේ අධිපතිත්වය දරන වලවාහැංගුනවැවේ ධම්මරතන යනු පාරිජිකාව වූ භික්ෂු ප්‍රතිරූපයක් බවට සමාජය තුළ මතයක් තිබේ. බීමතින් අඩ නිරුවත්ව සිට කාන්තාවකට අමු තිත්ත කුණුහරපයෙන් බනිමින් තමන් සහ ඇය අතර පැවති ලිංගික හැසිරීම් ගැන කියන වීඩියෝ පටයක් ද පසුගිය වකවානුවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේය. මේ වීඩියෝ පටයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත් බව වලවාහැංගුනවැවේ ධම්මරතන භික්ෂුව කීවේය.

කෙසේ වෙතත් වලවාහැංගුනවැවේ ධම්මරතන භික්ෂුව මුල් වී ලබා ගන්නා අත්සන් පත්‍ර මහානායක හිමිවරුන් හරහා ජනාධිපතිවරයා වෙත භාර දීමට සංවිධායකයෝ සැලසුම් කර ඇත. මහානායක හිමිවරුන් මේ කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැදැයි සමාජය බලා සිටී.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ සමාව ප්‍රදානය කිරීමේ බලය ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ නව සමාවක් ලබා දෙන්නේ නම් එය නීතියට අනුකූලව, අදාළ සියලු කරුණු සලකා බලා කළ යුතු බවයි.