LSN News › Sri Lanka

කුරුණෑගල මහාධිකරණ අවුරුදු 13ක් තිස්සේ නිවැරදි පුද්ගලයෙකු චූදිත කර නඩු කියලා... චූදිතයා අහිංසකයෙක් බව හඳුනාගෙන සැබෑ සැකකරු සොයා ගන්න අවුරුදු 13ක් ගත වෙයි...

වසර 2013 දී සිදුවූ මංකොල්ලකෑමක සිදුවීමකට අදාළව, සැබෑ සැකකරු වෙනුවට ඔහුගේ සහෝදරයා වරදවා වටහාගනිමින් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකර වසර 13ක් පුරා නඩුව පවත්වාගෙන යාමේ පුවතක් කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා වේ.

LSN Sri Lanka · 30 August 2026

කුරුණෑගල මහාධිකරණ  අවුරුදු 13ක් තිස්සේ  නිවැරදි පුද්ගලයෙකු චූදිත කර නඩු කියලා...  චූදිතයා අහිංසකයෙක් බව හඳුනාගෙන සැබෑ සැකකරු සොයා ගන්න අවුරුදු 13ක් ගත වෙයි...

වසර 2013 දී සිදුවූ මංකොල්ලකෑමක සිදුවීමකට අදාළව, සැබෑ සැකකරු වෙනුවට ඔහුගේ සහෝදරයා වරදවා වටහාගනිමින් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකර වසර 13ක් පුරා නඩුව පවත්වාගෙන යාමේ පුවතක් කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා වේ.

සන්ඩේ ටයිම්ස් වාර්තාව අනුව 2013 වසරේදී මහා මුකලනායය ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑමකට අදාළව නීතිය හමුවේ වරදකරු විය යුතුව තිබුණේ ප්‍රසාද් කුමාර නැමැති අයයි. නමුත් සිදුවූ වැරදි නාම අනුගමනයක් හෝ හඳුනාගැනීමේ අතපසුවීමක් හේතුවෙන්, මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නොමැති ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රියන්ත කුමාර නමැත්තාට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබිණි.

තමන් මෙම මංකොල්ලකෑමට සම්බන්ධ නැති වුවද, තමන්වද මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඇතැයි සිතා ප්‍රියන්ත කුමාර නමැත්තා පසුගිය වසර ගණනාව පුරාම නොවැරදීම කුරුණෑගල මහාධිකරණය හමුවේ පෙනී සිට ඇත.

මෙම දීර්ඝ කාලීන අතපසුවීම හෙළිදරව් වී ඇත්තේ මෑතකදී දිනක ප්‍රියන්ත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වූ අවස්ථාවකදීය. ඔහු උසාවියට පැමිණ නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.

එම අවස්ථාවේදී, ඇපකරුවෙකු ලෙස කටයුතු කළ පවුලේ සාමාජිකයෙකු අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, තමන් ඇප ලබා දුන්නේ දැනට චෝදනා ලබා සිටින තැනැත්තාගේ බාල සොහොයුරා වන ප්‍රසාද් කුමාර වෙනුවෙන් බවයි.

මෙම ප්‍රකාශයත් සමඟ ඇතිවූ සැකය මත, රජයේ නීතිඥ ශෂිකලා කුමාරි හේවාගේ මහත්මිය විසින් චෝදනා ලබා සිටින තැනැත්තා නිවැරදිව හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතාගෙන් ඉල්ලීමක් කරන ලදී.

ගරු විනිසුරුවරයාගේ අවසරය පරිදි රජයේ නීතිඥ හේවාගේ මහත්මිය විසින් ඇපකරුවෙකුගෙන් වැඩිදුර ප්‍රශ්න කරනු ලැබුවාය. එහිදී සාක්ෂි දුන් ඇපකාරිය සඳහන් කළේ, තමන් ඇප වී සිටින්නේ සිය පියා වන ප්‍රසාද් කුමාර නමැත්තාට බවත්, ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කර ඇති බවත්ය. එමෙන්ම මෙතෙක් කල් අධිකරණය හමුවේ පෙනී සිට ඇත්තේ සිය පියාගේ සොහොයුරා (බප්පා) බවද ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.

සිය පියාට අධිකරණයෙන් මෙතෙක් කැඳවීම් (සමන්ස්) ලැබී නොමැති බැවින් ඔහු උසාවියට පැමිණ නැති බවත්, අධිකරණයෙන් කැඳවීම් ලැබෙන තෙක් ඔහු නිවසේ රැඳී සිටින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ඉදිරිපත් වූ කරුණු හා සාක්ෂි සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, මෙතෙක් කල් වැරදීමකින් අධිචෝදනා ලබා සිටි ප්‍රියන්ත කුමාර නමැත්තා නිදහස් කිරීමට නියෝග කළේය. පසුව මෙම නඩුවේ සැබෑ සැකකරු වන ප්‍රසාද් කුමාර නමැත්තාට එරෙහිව නීත්‍යානුකූලව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලදී.

මෙම අමුතුම ආකාරයේ නඩු විභාගය නැවත ලබන සැප්තැම්බර් 22 වනදා කැඳවීමට නියමිතය.