LSN News › Sri Lanka

නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට ඔක්තෝබර් 13 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

මෙම විමර්ශනය ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත පදනම් වේ. ඊට සමාන්තරව, එම ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක් අල්ලස් ලෙස ලබාගත් බවට අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවකටද ඔහු සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

LSN Sri Lanka · 29 September 2026

නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට ඔක්තෝබර් 13 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනය සහ ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ඉඩම් ගනුදෙනුවට අදාළ නඩු කටයුතු යන දෙකටම සම්බන්ධව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ, එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබේ.

මෙම විමර්ශනය ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත පදනම් වේ. ඊට සමාන්තරව, එම ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක් අල්ලස් ලෙස ලබාගත් බවට අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවකටද ඔහු සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

ඒ අතර, කොළඹ කොටුවේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රය ක්‍රිෂ් සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70ක් අල්ලස් ලෙස ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩුවේ සිව්වන සැකකරු ලෙසද නාමල් රාජපක්ෂ

නම් කර තිබේ.

එම නඩුවේ ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එම නඩුව ඔක්තෝබර් 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.

නාමල් රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් 04 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ අතර, එතැන් සිට ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.