අනාරක්ෂිත ඇතුන් 13ක් රැකගැනීමට හමුදා අනුකණ්ඩ යොදවයි: ඒකාබද්ධ මෙහෙයුම් මධ්යස්ථානයක් ක්රියාත්මකයි!
මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්රියාත්මක වන ආකාරය පැහැදිලි කළ පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි ප්රකාශ කළේ, ඇතුන් හඳුනාගත් ප්රදේශ 13 හි හමුදා අනුකණ්ඩ මෙන්ම අදාළ ප්රදේශවල වනජීවී නිලධාරීන් සහ වනජීවී කාර්යාල සම්බන්ධීකරණය කරමින් විශේෂ ඒකකයක් පිහිටුවන බවය.
LSN Sri Lanka ·

ගම්මාන ආශ්රිතව වෙසෙන, දැඩි අනාරක්ෂිත මෙරට ප්රකට සහ වැදගත් ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන තිබේ. අද සිට ක්රියාත්මකවන මෙම විශේෂ වැඩපිළිවෙල ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි සඳහන් කළේය.

ගම්මාන ආශ්රිතව ගැවසෙන මෙම ඇතුන් 13 දෙනාගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පරිසර අමාත්යාංශයේදී පැවැත්විණි. පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි, නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හඳුනාගත් අනාරක්ෂිත ඇතුන් 13 දෙනා

මෙම විශේෂ සුරක්ෂිතතා වැඩපිළිවෙල යටතේ ආරක්ෂාව සැලසෙන ඇතුන් 13 දෙනා සහ උන් සැරිසරන ප්රදේශ පහත පරිදි හඳුනාගෙන ඇත:

• මහනාම – කුමන සහ ආරුගම්බේ ප්රදේශය

• කාශ්යප – බූන්දල සහ වීරවිල ප්රදේශය

• විජයබා – දිගම්පතහ සහ මින්නේරිය ප්රදේශය

• සුරනිමල – කලා වැව ආශ්රිත ප්රදේශය

• අග්බෝ– මහ කනදරාව ප්රදේශය

• සුමේධ – උඩවලව ප්රදේශය

• සූර්යා – මැදවච්චිය සහ හලාවත ප්රදේශය

• මහාසේන– ලුණුගම්වෙහෙර ප්රදේශය

• දීඝාභය – මහවිලච්චිය ප්රදේශය

• ගජබාහු – යාන්ඔය, වහල්කඩ සහ පදවිය ප්රදේශය

• වන්නියා– මුල්ලතිව් ප්රදේශය

• මාදුරුඔය සැරිසරන ඇතුන් දෙදෙනා

ආරක්ෂක යාන්ත්රණය ක්රියාත්මක වන ආකාරය

මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්රියාත්මක වන ආකාරය පැහැදිලි කළ පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි ප්රකාශ කළේ, ඇතුන් හඳුනාගත් ප්රදේශ 13 හි හමුදා අනුකණ්ඩ මෙන්ම අදාළ ප්රදේශවල වනජීවී නිලධාරීන් සහ වනජීවී කාර්යාල සම්බන්ධීකරණය කරමින් විශේෂ ඒකකයක් පිහිටුවන බවය.

එම ඒකකය මගින් මෙම ඇතුන් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවෙමින් තොරතුරු හුවමාරු කරගන්නා අතර, යම් අනතුරක් හෝ මැදිහත්වීමක් අවශ්ය වන ඕනෑම මොහොතක වහාම ක්රියාත්මක වීම සඳහා විශේෂ යාන්ත්රණයක් සකස් කර තිබේ.

අද දිනයේ සිට ක්රියාත්මක වන මෙම කෙටිකාලීන වැඩපිළිවෙල, දෙවන අදියරේදී දිගුකාලීන වැඩපිළිවෙලක් බවට පත් කිරීමට අපේක්ෂිතය.

මීට අමතරව, ඒකාබද්ධ මෙහෙයුම් මධ්යස්ථානයක් මගින් සමස්ත ක්රියාවලියම සම්බන්ධීකරණය කිරීමටත්, අදාළ ප්රදේශවල ප්රජාව මෙම සුරක්ෂිතතා වැඩපිළිවෙල සඳහා සක්රීයව සහභාගී කරවා ගැනීමටත් ඊයේ පැවැති සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වී ඇත.