Sport · Sri Lanka Bureau
පිනා චාන්ස් එකට දිනන ඇත්ත මැච්වල කුජිතවන හිඟන ක්‍රිකට්වල ඇත්ත...
අප කලක් ක්‍රිකට් ලෝකයේ ගෞරවනීය පෞරුෂයන් වී සිටියෙමු. ඒ යුගය හීනයකි. අතීතයේ මන්දිර තැනූ භූමියක දැන් අප සිප්පිකටුය. ඒ වේදනාව පඩියට ක්‍රිකට් ගහන උන්ට දැනෙනවාදැයි අප දන්නේ නැත. එහෙත් අපට නම් එය ගෙදර වූ මළ ගෙයක වේදනාව ගෙනෙන්නේය.
LSN Sri Lanka ·

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති එක්දින තරගාවලියත් ඉවරය. තරගාවලිය 2ට 1ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කර ඇත.

අද පැවති තෙවන සහ අවසන් එක්දින තරගයෙන් අපි ලකුණු 223කින් පරාදය. පන්දු ඕවර 50ක තරගයේ දි අපි ඕවර 30ක් ක්‍රිඩා කළේ නැත. මෙය එක්දින තරග ඉතිහාසයේ එංගලන්තය ලද පස්වන විශාලතම ජයග්‍රහණය ය. එංගලන්තය පැත්තෙන් වාර්තා ගොඩනැගෙන්නේ එසේය.

රටක ජාතික කණ්ඩායමක් එක්දින තරගයක් ලකුණු 223කින් පරාද වෙනවා කියන්නේ ගාලු පාරේ හෙළිකොට්ටෙන් ඇවිදින්නට උනා වැනි වැඩකි. ඒ විලි ලජ්ජාව අපේ කණ්ඩායමට තිබෙනවා දැයි අපට තේරුමක් නැත. නමුත් ක්‍රිකට් බලන අපට නම් හතර විලිලජ්ජාවේ පණ යන බව ලියා තැබිය යුතුය.

ඕවල් (The Oval) ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 355ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.1කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණය. අපට තේරුම් ගන්නට බැරි මෙන්න මේ හිඟන පරාද වීමය.

තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමේ පවතිද්දී අවසන් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිලට ලකුණු 356ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට සිදු විය. එය හඹා ගොස් ජයගත හැකි ලකුණු ගණනක් නොවන බව ක්‍රිකට් බලන ඕනෑම එකෙක් දන්නේය. ඒ නිසා අපි කවුරුවත් මේ තරගය ශ්‍රි ලංකා කණ්ඩායම දිනාගනු ඇතැයි හීනෙන්වත් හිතුවේ නැත. අප බලාපොරොත්තු වුනේ තරගයකි. තර්කානුකූල පරාජයකි.

ඒ අපේක්ෂාවට ඉතාම සාධාරණ හේතුවක් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට තිබිණි. අප තුන්වන සහ අවසන් තරගයට පැමිණෙන්නේ දෙවැනි තරගය එංගලන්ත කණ්ඩායම තියුණු ලෙස පරාජය කරමිනි. එහිදී එංගලන්තය කුසල් මෙන්ඩිස්ගේ උඩපන්දු කීපයක් අතහැරියේය. කුසල් ලකුණු 121ක් ලැබුවේය. තරගය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටි ජොස් බට්ලර් ජයග්‍රහණය දකිමින් ආබාධයකට ලක් වුනේය. අප තරගය ජයගන්නා විට තරගයේ අපට ඉහළින් වාසනාව තිබුණේය. අපට අවශ්‍යව තිබුණේ මේ තරගයේ දී අපි ලක් එකට ක්‍රිකට් ගහන උන් නොව, දක්ෂතා පූර්ණ කණ්ඩායමක් බව ලෝකයට පෙන්වන්නටය.

එහෙත් ලෝකය දැක්කේ තරගාවලි දෙකේ තරග 06ක සමස්ථය අතරින් ලබා ගත් එකම ජයග්‍රහණයත් අහම්බෙන් ඇදෙන ස්විප් එකක් වගේ වාසනාවට ගහපු රැල්ලකින් ගොඩ ගිය එකක් බවය. එංගලන්ත කණ්ඩායම තමන් ලද එකම පරාජයත් මේ ජයග්‍රහණය තුළ මුලුමනින්ම සඟවා ගත්තේය.

තරගය ඇදුනු හැටි

එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ටොම් බැන්ටන් පන්දු 105කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් සමගින් සිය මංගල එක්දින ශතකය (ලකුණු 126) වාර්තා කළේය. නායක හැරී බෲක් පන්දු 66කදී ලකුණු 77ක් රැස් කළ අතර ආබාධයට ලක්වූ ජොස් බට්ලර් වෙනුවට කණ්ඩායමට කැඳවා තිබූ ජෝර්ඩන් කොක්ස් පන්දු 52කදී වේගවත් ලකුණු 76ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලියම් ඩෝසන් ලකුණු 26කට කඩුලු 3ක් බිඳ හෙලීය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 35ක් පමණි. තීරණාත්මක තරගයකදී ශ්‍රී ලංකා පිතිකරණය නැවතත් අසාර්ථකය. ඒ ලංකාවේ මෑත ක්‍රිකට්වල හැටිය. තිරණාත්මක තරගවලදී කුජිත වී පැරදීම නියතයක් බඳුය.

ලකුණු 356ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 01කට දැවී ගියේය.

කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් ද ප්‍රථම පන්දුවාර 10 තුළදීම ක්‍රීඩාගාරයට හැරී ගියහ.

අනතුරුව පවන් රත්නායක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වූ අතර, චරිත් අසලංක ද ජෝ රූට් අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 77කට කඩුළු 05ක් දැවි ගොස්ය.

අවසානයේ තවත් පන්දුවාර 20කට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 132කට සීමා විය. අප අපේ ක්‍රිකට්වල තරම සහතිකකර පෙන්නුවේය.

බැන්ටන් සහ බෲක්ගෙන් ප්‍රබල සබඳතාවක්

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ බෙන් ඩකට් ලකුණු නොලබා දැවී ගිය ද, ටොම් බැන්ටන් සහ හැරී බෲක් එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 117කදී ලකුණු 150ක සබඳතාවක් ගොඩනැගූහ. පළමු පන්දුවාර 25දී ඔවුන් ලබාගෙන සිටියේ ලකුණු 108කි. කඩුලු 2ක් බිඳී ගොස් තිබිණි. එහෙත් ඉතිරි පන්දු වාර 25 තුළ ඔවුහු ලකුණු 247ක් රැස් කළහ.

ශ්‍රී ලංකා ප්‍රධාන පන්දු යවන්නන් පස්දෙනාම පන්දුවාරයකට ලකුණු 6.8කට වඩා වැඩි වේගයකින් ලකුණු ලබා දී තිබිණි. ලබා දෙන උඩපන්දු අතහැරී ගියේය. හැරී බෘෘක් ලබා දුන් උඩපන්දුව කුසල් මෙන්ඩිස් අත්හැරි ආකාරය සිහිවේ. එය තරගය කණපිට ගැසූ අවස්ථාවකි.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය උඩපන්දු කිහිපයේ වාසිය ද එංගලන්ත පිතිකරුවෝ උපරිමයෙන් ලබා ගත්හ.

තරගාවලියේ වීරයා විල් ජැක්ස්ය. අවසන් තරගයේ වීරයා ටොම් බැන්ටන් ය.

සංචාරය පුරාම දක්නට ලැබුණු දුර්වලතාව

මෙම එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාව සහභාගී වූ ජාත්‍යන්තර තරග 6න් ජය ගැනීමට හැකි වූයේ එක් තරගයක් පමණය. විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ලෙස පරාදය. එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස පරාදය.

ආරම්භක කඩුලු ඉක්මනින් බිඳ වැටීම, ස්ථාවර සබඳතා ගොඩනැගීමට අපොහොසත් වීම සහ වේගපන්දු සහ දඟපන්දු ලෙස වෙනසක් නැතිව පිතිකරුවන් දැක්වූ අස්ථාවර භාවය මුළු සංචාරය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබුණි.

අප කලක් ක්‍රිකට් ලෝකයේ ගෞරවනීය පෞරුෂයන් වී සිටියෙමු. ඒ යුගය හීනයකි. අතීතයේ මන්දිර තැනූ භූමියක දැන් අප සිප්පිකටුය. ඒ වේදනාව පඩියට ක්‍රිකට් ගහන උන්ට දැනෙනවාදැයි අප දන්නේ නැත. එහෙත් අපට නම් එය ගෙදර වූ මළ ගෙයක වේදනාව ගෙනෙන්නේය.