Culture & Entertainment · Sri Lanka Bureau
සියඹලන්ගමුව ‘කාවන්තිස්ස’ දළ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ සමාජ මාධ්‍ය කථිකාව ගැන වනජීවී දෙපාර්තමේන්තුවේ සැබෑ තක්සේරුව මෙන්න!
තහවුරු නොකළ තොරතුරු මඟින් අනවශ්‍ය භීතියක් ඇති නොකරගන්නා ලෙස වනජීවී දෙපාර්තමේන්තුව සමාජයෙන් ඉල්ලා සිටී. කුමක් නිසාද යත් ලෝකයේ ඉහළම වන ජීවී විශේඥවරුන්ටත් උපදෙස් දිය හැකි ඤාණ සම්භාරයක් සහිත විද්වතුන්ට ඇඳගෙන, කොළඹට වී ස්මාට් ෆෝන් එකක කොටමින් හෑලි ලියන බොහෝ පුංචි මිනිසුන් පද්ධතියක පැවැත්මත් අතාර්කිකව බිඳ දමන බැවිනි.
LSN Sri Lanka ·

උස්ගල සියඹලන්ගමුව වැව් ඉහත්තාවේ පිහිටි කුඩා කැලෑරොද තුළ තුවාල ලැබූ ‘කාවන්තිස්ස’ දළ ඇතා තවදුරටත් රැඳී සිටීම, පසුගිය දින කිහිපය තුළ සගයන්ගෙන් වෙන්වී සිටීම සහ ජලයේ බැස සිටීම මුල් කරගනිමින්, ඇතාගේ ජීවිතයට දැඩි අවදානමක් මතුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ වෙමින් පවතී.

නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය මඟින් සිදුකරනු ලබන ප්‍රතිකාරවල සාර්ථකත්වය පිළිබඳව ද ඇතැම් පිරිස් ප්‍රශ්න කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය කණ්ඩායම් යෙදවීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධ ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ක්ෂේත්‍රයේ නිරත පශු වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි අදහස් සහ නිරීක්ෂණ අතුරින් ඇතැම් කරුණු ප්‍රායෝගික වනජීවී සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පවතින නොදැනුවත්කම මත පදනම් වූ ඒවා බවය.

එකම ස්ථානයක රැඳී සිටීම සහ ‘රඝූ’ ඇතා ඇතුළු රැළෙන් වෙන්වීම

සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ‘රඝූ’ ඇතා ඇතුළු අනෙකුත් අලින් ප්‍රදේශයෙන් පිටව ගියද කාවන්තිස්ස ඇතා එකම ස්ථානයක රැඳී සිටින බවය. ක්ෂේත්‍ර පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ පාදයක ඉහළ කොටසේ ඇතිවූ බරපතල තුවාලයක් සහ සෙලියුලයිටිස් (Cellulitis) හෙවත් පටක ප්‍රදාහ තත්ත්වයක් පවතින අවස්ථාවක, මෙවැනි දැවැන්ත සතෙකුට දිගු දුරක් ගමන් කිරීම අතිශය වේදනාකාරී මෙන්ම අහිතකර බවය.

වන අලියෙකු තුවාල ලැබූ විට ස්වාභාවිකවම ගමන් බිමන් සීමා කරමින් විවේකීව සිටීමට උත්සාහ කිරීම සාමාන්‍ය ජීව විද්‍යාත්මක හැසිරීමකි. එසේම, පාදයේ ඇතිවන අධික උණුසුම සහ වේදනාව සමනය කරගැනීමටත්, පාදයට යෙදෙන බර අඩු කරගැනීමටත් සතුන් වැව් ජලයේ බැස සිටීම (Water therapy) ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයකි. එබැවින් ඇතා වැවේ බැස සිටීම තත්ත්වය අයහපත් වීමේ සංකේතයකට වඩා වේදනාව පාලනය කරගැනීමට සතා විසින්ම ගන්නා ස්වාභාවික උත්සාහයක් ලෙස පශු වෛද්‍යවරු හඳුන්වති.

ප්‍රතිකාර ක්‍රියාවලිය සහ පශු වෛද්‍ය කණ්ඩායම්වල සුදුසුකම්

නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සහ වෛද්‍ය පුබුදු මධුවන්ති යන වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකවන ප්‍රතිකාර වැඩසටහන සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකා පිළිබඳව ද වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ මෙම ප්‍රතිකාර ක්‍රියාවලිය තනි තීරණ මත සිදුවන්නක් නොව, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා විජේසිංහගේ ද සෘජු උපදෙස් හා නිරීක්ෂණය යටතේ සිදුකරන ලද්දක් බවය.

දැවැන්ත වන අලියෙකුට ලබා දිය හැකි ප්‍රතිජීවක (Antibiotics), වේදනා නාශක සහ ප්‍රදාහ නාශක ඖෂධ මාත්‍රාවන් සහ ක්‍රමවේද නිසි ප්‍රමිතියෙන් ලබා දී ඇති අතර, රෝග කාරක හා වාහක සතුන් මර්දනය කර (Sedate) තුවාල පිරිසිදු කිරීම ද අඛණ්ඩව සිදුකර ඇත. ඉදිරි දිනවල දී තුවාලයේ අභ්‍යන්තර තත්ත්වය සහ අස්ථිවලට හානි වී ඇත්දැයි බැලීමට ජංගම X-ray යන්ත්‍ර භාවිතයෙන් පරීක්ෂණ සිදුකිරීමට ද සැලසුම් කර තිබේ.

අවශ්‍ය වුවහොත් අතිරේක ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට දෙපාර්තමේන්තුව සූදානම් අතර, දැනට ලබා දී ඇති ප්‍රතිකාර විද්‍යාත්මකව නිවැරදි බව ඔවුන්ගේ තක්සේරුවය.

ජනතාව සීමා කිරීම සහ ආරක්ෂක පියවර

‘භාතිය ඇතා’ හෝ ‘සියඹලන්ගමුව දළ පූට්ටුවා’ වැනි සතුන්ට අතීතයේ මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම් මතක් කරමින් මහජනතාව තුළ යම් බියක් මතුව තිබුණද, සතා අසලට මහජනතාවට ළඟාවීමට ඉඩ නොදීම හමුදාව හෝ වනජීවී නිලධාරීන් විසින් කරනු ලබන වසං කිරීමක් නොවේ.

ප්‍රතිකාර ලබන, අසනීපයෙන් පසුවන වන අලියෙකු වටා විශාල පිරිසක් එක්රැස් වීමෙන් සතා දැඩි මානසික පීඩනයකට (Stress) ලක්වේ. එම පීඩනය නිසා සතාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වන අතර, රුධිර පීඩනය ඉහළ යාම ප්‍රතිකාර සාර්ථක වීමට ද බාධාවකි. මීගහවෙල පොලීසිය සහ වනජීවී නිලධාරීන් යොදවා ප්‍රදේශයට සීමා පැනවීම සිදුකර ඇත්තේ ඇතාට අවශ්‍ය නිශ්චල, සන්සුන් පරිසරය තහවුරු කිරීමට සහ පශු වෛද්‍ය කණ්ඩායම්වල ආරක්ෂාව උදෙසාය.

සමාජ මාධ්‍ය නිරීක්ෂණ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ ස්ථාවරය

සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව දක්වන සංවේදීතාව සහ කාවන්තිස්ස ඇතාගේ ජීවිතය කෙරෙහි දක්වන සැලකිල්ල අගය කරන අතරම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ තහවුරු නොකළ තොරතුරු මඟින් අනවශ්‍ය භීතියක් ඇති නොකරගන්නා ලෙසය. කුමක් නිසාද යත් කොළඹට වී කොම්පියුටරයක් ඉදිරියට ගොස් ලෝකයේ ඉහළම වන ජීවී විශේඥවරුන්ටත් උපදෙස් දිය හැකි ඤාණ සම්භාරයක් සහිත විද්වතුන් සේ හෑලි ලියන ඇත්ම් “ඔස්තාද්ලා“ පද්ධතියක පැවැත්මත් අතාර්කිකව බිඳ දමන බැවිනි.

කාවන්තිස්ස යනු ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ වෙසෙන අතිශය දුර්ලභ, දැවැන්තම දළ පූර්ණ හස්තියා වන බැවින් උන්ගේ ජීවිතය බේරාගැනීම ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන බවත්, අවශ්‍ය සියලුම වෛද්‍ය සහ තාක්ෂණික පහසුකම් මේ වන විටත් සපයා ඇති බවත් බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.