LSN News › Sri Lanka

ක්‍රිෂ් ගනුදෙනුවේ මූල්‍ය අක්‍රමිකතා: නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් සැකකරුවෙකු ලෙස නම් කෙරේ!

කොළඹ කොටුව Transworks Square හි පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් වටිනා ඉඩමක් Krrish Transworks Colombo (Pvt) Ltd වෙත ලබා කඩිනම් කිරදීම සඳහා රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ බරපතල චෝදනාව නාමල් රාජපක්ෂට ගොනු වී තිබිණි.

LSN Sri Lanka · 28 September 2026

ක්‍රිෂ් ගනුදෙනුවේ මූල්‍ය අක්‍රමිකතා: නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් සැකකරුවෙකු ලෙස නම් කෙරේ!

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ක්‍රියාත්මක වන ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' (Krrish) ගනුදෙනුවට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් සිදු කරනු ලබන දීර්ඝ විමර්ශනයකට අනුව ඔහු මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

</p>

<p>

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දේපළ සංවර්ධන සමාගමක් ලෙස සැලකෙන ක්‍රිෂ් සමාගම හා සම්බන්ධ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබා ගැනීමේ චෝදනා පදනම් කරගනිමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

</p>

<p>

මෙම ගනුදෙනුවට අදාළ විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මේ අතර එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් නඩුවකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විශේෂ ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇත. ඒ, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයකට අනුවය.

</p>

<p>

මෙම විමර්ශනයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ (Transworks Square) පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් වටිනා ඉඩමක් ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ (පෞද්ගලික) සමාගම’ (Krrish Transworks Colombo (Pvt) Ltd) වෙත ලබා දීම සම්බන්ධයෙනි.

</p>

<p>

එම ඉඩම අත්පත් කර දීමට සහ ඊට අදාළ අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දීමට සහාය වීම වෙනුවෙන් අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක දැවැන්ත මුදලක් නාමල් රාජපක්ෂ වෙත ලබා දී ඇති බවට එල්ල වී ඇති බරපතළ චෝදනාව මෙම විමර්ශනයට පදනම් වී තිබේ.