LSN News › Sri Lanka

තිදෙනෙක් ඝාතනය කළ බද්දේගම සිද්ධිය - ලොකු පැටීට රිදවන්න ඉලක්ක කරගත් කලු නෝනා කවුද?!

රටේ ඕනෑම හන්දියකට ගොස් කුඩු පැකට් එකක් ලබා ගන්නට හැකි තරම් ඒ ජාලය සක්‍රීය ය. රටේ ටොන් ගණනක් කුඩු ඇල්ලුවත් කුඩු හිඟයක් පෙනෙන්නේ නැත. පාතාල කල්ලිවල මහ උන් රටෙත් නැත. පිටටරවලත් ඉන්නේ සැඟවීගෙනය. නමුත් උන්ගේ ජාල සක්‍රීය ය. උන් තම නියෝග ක්‍රියාත්මක කරවමින් තවමත් මහ පාරේ මීනි මරති. මේ කතාවේ ඇති බිහිසුණුම තැන එතැනය. මක්නිසාද යත් අපට ඇති අත්දැකීම් අනුව පිළිකාවක් පැතිරණු විට බොහෝ විට පිළිකාව මරා දමන්නට පෙර රෝගියා මිය යන බැවිනි.

LSN Sri Lanka · 29 September 2026

තිදෙනෙක් ඝාතනය කළ බද්දේගම සිද්ධිය - ලොකු පැටීට රිදවන්න  ඉලක්ක කරගත්  කලු නෝනා කවුද?!

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේ වවුලගල සමූපාකාර ගොඩනැගිල් ඉදිරිපිට දී සැප්තැම්බර් 27 උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් කාන්තාව ද සැප්තැම්බර් 28 රාත්‍රියේ මිය ගියාය. ඇය එම ප්‍රහාරයෙන් මුලින්ම මියගිය කළු නෝනා ගේ මවය. දැන් ඒ ත්‍රී රෝද රථයේ ගමන් කළ තිදෙනාම ඝාතකයින් විසින් මරා දමා ඇත.

ප්‍රහාරය එල්ල වන්නේ කුලී ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටි පිරිසක් ඉලක්ක කරමිනි. SP AAO 6574 දරණ රතු පැහැති ත්‍රිරෝද රථය පසුපස එන මෝටර් රථයකින් ගමන් ගත් පිරිසක් ත්‍රි රෝද රථයේ මග හරස් කර නවත්වා T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ප්‍රසිද්ධියේ සිදුකරන ඝාතනය රටම දැක්කේය.

රියදුරු ස්ථානයේදීම මියගිය අතර කාන්තාවන් දෙදෙනා බද්දේගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට මාරු කර යවා තිබුණි. එහිදී කළු නෝනා එදිනම මියගියාය. මව ඊළඟ දින රාත්‍රියේ මියගියාය.

මියගිය අය

ත්‍රීරෝද රථ රියදුරු ලලිත් සුසන්ත ද සිල්වා අම්බලන්ගොඩ, කුලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සිදුවූ 27 වැනිදා මිය ගිය කාන්තාව කුඩාවිදානගේ සුසිතා ඉරෝෂණී හෙවත් කළු නෝනාය. ත්‍රී රෝද රථයෙන් බැස ජීවිතය බේරා ගැනීමට පලා යන කාන්තාවගේ දර්ශනය දෙස රට බලාගෙන සිටියේ කම්පාවෙනි. ඒ කාන්තාවට වෙඩික්කරු පන්න පන්නා ගොස් වෙඩි තැබුවේය. ඒ වෙඩි පහරට ලක්ව ඝාතනය වන්නේ කළු නෝනාය. දැනට පෙනෙන ආකාරයට ඝාතකයින්ගේ ප්‍රධාන ඉලක්කය ඇය ය. කළු නෝනාට වයස අවුරුදු 47කි. ඇය අංක 84/27, රතුකුරුස නිවාස, ගොඩහේන, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිකාරියකි.

ඊයේ රාත්‍රියේ දී මිය ගිය වූ ඩී. එන්. ජී. මල්ලිකා ඇයගේ මවය. ඇය ද පදිංචිව ඉන්නේ කළු නෝනා සමග එම ලිපිනයේමය. ඇය මිය යන්නේ ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

පොලිස් තක්සේරුව

මූලික විමර්ශනවලදී මෙය දකුණු පළාතේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් ලෙස හඳුනාගෙන ඇත. පොලිසිය කියන්නේ ප්‍රහාරය විදේශගතව සිටින සෝබන හන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සංවිධානය කර ඇති බවය.

කරන්දෙණියේ සුද්දා ලොකු පැටීගේ ප්‍රතිවාදියෙකු ලෙස විස්තර කෙරේ. ප්‍රහාරකයන් සිව්දෙනෙකු මෝටර් රථයකින් පැමිණ T-56 අවි දෙකක් රැගෙන එකක් පමණක් භාවිත කළ බව පොලිසිය පවසයි. CCTVහි වෙඩික්කරු ත්‍රීරෝද රථය පසුපස හඹා ගොස් නැවත නැවත වෙඩි තබන අයුරු රටම දුටුවේය.

කළු නෝනා ප්‍රධාන ඉලක්කය වන්නේ ඇයි.

වාර්තාවන පරිදි කළු නෝනා යනු 2025.11.04 වන දින සිට අධි ආරක්ෂිත වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටී නැමැති පාතාල අපරාධකරු ඉතා සමීපව ඇසුරු කළ බව කියන කාන්තාවකි. එහෙන්ම ඔහුගේ විශ්වාවන්තම සමීපතමයෙකි. ඔහුගේ අපරාධ ජාලයේ සැලකිය යුතු බරක් ඇද දීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ අපරාධකල්ලිවල වෛරයට පාත්‍රවූ තැනැත්තියකි. විශේෂයෙන්ම ලොකු පැටී හා පවතින අතිශය ලෙන්ගතු සම්බන්ධය හේතුවෙන් ඔහුට තදින් රිදවීම සඳහා ඉලක්ක කර ගත හැකි චරිතයක් ලෙස හඳුනා ගෙන තිබුණු තැනැත්තියක බව ද කියැවිනි.

කළු නෝනා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ හෙරොයින් ග්‍රෑම් 21.710ක් සන්තකයේ තබාගැනීමේ නඩුවකට මුහුණ දෙමින් සිටියාය. විමර්ශකයින් පවසන්නේ ඒ මත් කුඩු ද ලොකු පැටිගේ මත් කුඩු ජාලයේ ඒවා බවය.

මේ නඩුව මත ඉරිදා දිනවල බද්දේගම දිසා අපරාධ කොට්ඨාසයේ පෙනීසිට අත්සන් තැබීමට ඇයට අධිකරණය නියම කර තිබුණි. කළු නෝනා ප්‍රහාරයට ලක් වන්නේ සැප්තැම්බර් 27 එම අත්සන් කිරීමෙන් පසු ආපසු එමින් සිටියදීය.

මේ වනවිට වාර්තාවන වන මූලික තොරතුරු විමර්ශන සඳහා ගොනු වෙමින් ඇත. මේ ඝාතන සිද්ධියේ සුල මුල පෙළ ගැසෙන්නේ මෙසේය.

2025.11.04 දින අම්බලන්ගොඩ මෝදර දෙවාලයේ හිටපු සභාපති මිරන්ත වරුෂ විතාන මහ මගදී වෙඩි තබා ඝාතනය කරන්නේය. එය ද සීසීටීවී දර්ශනවල පැහැදිලිව දක්නට ලැබුණු ඝාතනයකි. මිරන්ත වරුෂවිතාන ගමන් කළ ස්කූටි වර්ගයේ යතුරුපැදිය හරස් කර ඔහුව වෙඩි තබා ඝාතනය කරන ඝාතකයින් පලා යන්නේය. ඔවුන් පැමිණෙන්නේ මෝටර් රථයකිනි.

මිරන්ත වරුෂවිතාන යනු ලොකුපැටිගේ මස්සිනාය. මෙම ඝාතනය සිදුකළ බවට චෝදනා ලබන්නේ ලතුවාහන්දි රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකුපැටී විසින් මෙයෙවන ඔහුගේ කල්ලිය ය. මේ ඝාතනය හේතුවෙන් ලෙයට ලෙයින් පලි ගන්නට සැරසෙන කරන්දෙණියේ සුද්දා ඒ සඳහා තෝරා ගනු ලබන්නේ ලොකු පැටීට හොඳින්ම දැනෙන අයෙකි. සුද්දා කළු නෝනාව ඉලක්ක කරන්නේ ඒ නිසා බව කියැවිනි.

එමෙන්ම ලොකු පැටීගේ මස්සිනා වූ මිරන්ත වරුෂවිතාන ඝාතන සිද්ධියේ දී ලොකු පැටී වෙනුවෙන් ඒ සඳහා කළු නෝනා ද යම් භූමිකාවක් කර ඇති බවට තොරතුරු විය. ඝාතනය සඳහා ඔත්තු බැලීම මෙන්ම ආයුධ සැපයීම සම්බන්ධ සැකයක් ද ඒ අතර තිබී ඇත.

තවද 2024.07.08 වන දින ලොකුපැටීගේ මෙහෙයවීමෙන් ඝාතනය කළ බව කියන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ්වසන්ත යන අයවලුන් ඝාතනය සදහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙහි රියදුරු සොයා දී ඇත්තේත් කළු නෝනා විසින් බව කියැවිනි. ලොකු පැටීමේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සඳහා අධාර අනුබල දීම් හේතුවෙන් ඇයට නඩු බොහෝමයක් පවතින බවට ද තොරතුරු වාර්තා විය.

මේ සියලුම කරුණු කළු නෝනා ඝාතනයට අඩුවැඩි වශයෙන් කරුණු සපයා ඇති බව විමර්ශන තොරතුරුවලින් පෙනෙන්නේය. ඇය ඝාතනය කරන්නට පැමිණි ඝාතකයින්ගේ ඉලක්කවලට කළු නෝනාගේ අම්මා සහ කුලී රථ රියදුරු ගොදුරු වන්නේය. දැනට පෙනෙන කතාව එසේය.

සැකකරුවන් අත්අඩංගුවට

සිද්ධිය සිදුවූ දිනයේම පස්වරුවේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ බද්දේගම පෙඩෘවත්තට හැරෙන හන්දිය සහ හල්පාතොට ප්‍රදේශවලදීය.

පොලිසිය පවසන්නේ ඔවුන්ට එරෙහිව ඇත්තේ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබල දීමේ සැකයක් බවය. සැකකරුවන් වයස අවුරුදු 22ත් 33ත් අතර වන අතර කහවත්ත, පල්ලේබැද්ද සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඔවුන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16.170ක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මීට අමතරව, ප්‍රහාරකයන් පලා යාමට යොදාගත් බවට සැකකෙරෙන අංක තහඩු වෙනස් කළ රතු පැහැති කුඩා මෝටර් රථයක් බද්දේගම වවුලගල ප්‍රදේශයේ අතහැර තිබී සොයාගෙන තිබේ. විමර්ශනවලින් පෙනී යන්නේ සැකකරුවන් වාහන කිහිපයක් මාරු කරගෙන ප්‍රහාරයට පැමිණි බවය.

පොලිසිය අවධාරණය කරන්නේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධාර කරුවන් පමණක් බවත්, T-56 අවිය භාවිත කළ ප්‍රධාන වෙඩික්කරුවන් සොයා ගැනීමේ විමර්ශනය බද්දේගම පොලිසිය සහ ගාල්ල අපරාධ කොට්ඨාසය යටතේ තවදුරටත් පවතින බවත්ය.

මෙය 2026දී රට තුළ වාර්තා වූ 39වන වෙඩි තැබීමය. එක තැන තිදෙනෙක් මරා දමා ඇත්තේය. දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාල අතර ගැටුම් නිසා එළිපිට මහපාරේ සිදුවන ඝාතන නැවතත් සමාජය තිගස්වමින් කරලියට පැමිණ තිබේ.

එක් අතකින් මේ තත්ත්වය රටේ අපරාධ ජාල පිළිකා ලෙස පැතිර ගොස් ඇති ආකාරය අනාවරණය කරයි. පිළිකාව ඉවත් කළ හැකිය. එහෙත් පැතිර ඇති ජාලය තුළ පිළිකා සෛල වර්ධනය වෙමින් පැතිරෙමින් අඛණ්ඩ ව්‍යසනය පවත්වාගෙන යන්නේය. කරන්දෙණියේ සුද්දා රටෙත් නැත. අඩුම තරමින් ඌ ඩුබායිවලත් නැති බව කියැවේ. මැදපෙරදි කලාපයෙනුත් පැන ගොස් ඇති බව ඇතැම් තොරතුරු කියනු ඇසේ. ලොකු පැටී මේ වනවිට ඉන්නේ ලංකාවේ තිබෙන වඩාත්ම ආරක්ෂිතම බන්ධනාගාරය තුළය. එහෙත් උන්ගේ ජාල ක්‍රියාත්මකය.

රටේ ඕනෑම හන්දියකට ගොස් කුඩු පැකට් එකක් ලබා ගන්නට හැකි තරම් ඒ ජාලය සක්‍රීය ය. රටේ ටොන් ගණනක් කුඩු ඇල්ලුවත් කුඩු හිඟයක් පෙනෙන්නේ නැත. පාතාල කල්ලිවල මහ උන් රටෙත් නැත. පිටටරවලත් ඉන්නේ සැඟවීගෙනය. නමුත් උන්ගේ ජාල සක්‍රීය ය. උන් තම නියෝග ක්‍රියාත්මක කරවමින් තවමත් මහ පාරේ මීනි මරති. මේ කතාවේ ඇති බිහිසුණුම තැන එතැනය. මක්නිසාද යත් අපට ඇති අත්දැකීම් අනුව පිළිකාවක් පැතිරණු විට බොහෝ විට පිළිකාව මරා දමන්නට පෙර රෝගියා මිය යන බැවිනි.