LSN News › Sri Lanka

භාර ආඥාපනත සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

LSN Sri Lanka · 29 September 2026

භාර ආඥාපනත සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

1917 අංක 9 දරන භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහාවන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

</p>

<p>

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම සංශෝධන යෝජනා කර ඇත.

</p>

<p>

එම යෝජනා ඇතුළත් කරමින් භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2024 දෙසැම්බර් 18 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ලබා දී තිබිණි.

</p>

<p>

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.