LSN News › Sri Lanka

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පිටුපස පදික වේදිකාවක් ගිලා බසී: තිදෙනෙකු රෝහලට!

ගිලා බැසීම හේතුවෙන් පදික වේදිකාවේ අඩි පහක පමණ විශ්කම්භයකින් සහ අඩි හයක පමණ ගැඹුරින් යුත් වළක් නිර්මාණය වී තිබෙන බව පොලීසිය පවසයි.

LSN Sri Lanka · 29 September 2026

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පිටුපස පදික වේදිකාවක් ගිලා බසී: තිදෙනෙකු රෝහලට!

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ පිටුපසින් බෝගම්බර පැරණි බන්ධනාගාරය දෙසට ඇති මාර්ගයට යාබද පදික වේදිකාවේ ඇතිවූ හදිසි ගිලා බැසීමකින් තුවාල ලත් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර ඊයේ (29) පෙරවරු 8:30 ට පමණ සිදුව ඇත.

ගිලා බැසීම හේතුවෙන් පදික වේදිකාවේ අඩි පහක පමණ විශ්කම්භයකින් සහ අඩි හයක පමණ ගැඹුරින් යුත් වළක් නිර්මාණය වී තිබෙන බව පොලීසිය පවසයි.

ගිලා බැසීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කළ තිදෙනෙකු ඒ තුළට වැටී තුවාල ලැබීම හේතුවෙන් මෙලෙස මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

ගිලා බැසීම සිදුවූ ස්ථානය අසළින් මැද ඇළ ගලා බසින බවත්, ඇළ මාර්ගයේ ජල පහර හේතුවෙන් ඇතුළතින් පොළොව ඛාදනය වී මෙම ගිලා බැසීම සිදුවන්නට ඇති බවට සැකකරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ පැවසුවාය.

අදාළ ස්ථානය නිරීක්ෂණය කර වහාම නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා නගර සභාවේ සේවක පිරිසක් යොමුකර තිබෙන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.