LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සහ කැනඩාවට එරෙහිව ට්‍රම්ප්ගේ දැඩි පිළිවෙත හමුවේ ලොව පුරා මතුවන විරෝධය!

හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මගින් යුද අපරාධ, ජනසංහාර සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ විමර්ශනය කරනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදය කිසිදිනක මෙහි සාමාජිකත්වය ලබාගෙන නොමැත. නිව්යෝර්ක් හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණය "දුෂ්ට" සහ "නිතී විරෝධී ආයතනයක්" ලෙස හඳුන්වමින් එයින් ඉවත් වන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියේය. නමුත් සමුළුව අතරතුර ඔහුගේ උපදෙස පිළිගත්තේ කුඩා නාවුරු (Nauru) රාජ්‍යය පමණි.

LSN Sri Lanka · 29 September 2026

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට  සහ කැනඩාවට එරෙහිව ට්‍රම්ප්ගේ දැඩි පිළිවෙත හමුවේ ලොව පුරා මතුවන විරෝධය!

මෑතකදී වාර්තා වූ සිදුවීම් දෙකකින් ගෝලීය වශයෙන් වර්ධනය වන ප්‍රවණතාවක් පැහැදිලි වේ.

• එකක් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගෝලීය මූල්‍ය පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම පාහේ කොන් කළ හැකි දැවැන්ත සම්බාධක පැනවීමට සූදානම් වීමය.

• දෙවැන්න, කැනඩාවට එරෙහිව පැනවූ බරපතල තීරුබදු හමුවේ ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාව ද ප්‍රති-තීරුබදු පැනවීමත් ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ව්‍යාපාර කිහිපයක පිරිවැය ඉහළ ගොස් තිබේ. ඇමරිකාව පිළිබඳව කැනේඩියානු ජනතාව තුළ පැවැති සුහදතාව ද දැඩි ලෙස පිරිහී ඇත.

වොෂින්ටනයේ බලපෑම් හමුවේ ලොව පුරා බොහෝ ආණ්ඩු ක්‍රියාකරන ආකාරය මෙයින් පැහැදිලි වේ. එකක් ඔවුන් වොෂින්ටනයේ බලපෑමට එරෙහිව නැගී සිටීමය. අනෙක වෙනත් පාර්ශවකරුවන් සොයා යෑමය. එසේත් නැතිනම් ට්‍රම්ප් විසින් දුර්වල කිරීමට උත්සාහ කරන ජාත්‍යන්තර ආයතන වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහි ව්‍යාපාරය

හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඉහත ඡායාරූපයෙන් දැක්වේ. මෙම අධිකරණය මගින් යුද අපරාධ, ජනසංහාර සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ විමර්ශනය කරනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදය කිසිදිනක මෙහි සාමාජිකත්වය ලබාගෙන නොමැත. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු බලකායන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සහ ගාසා යුද්ධය හේතුවෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු නායකයින්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය තම බලතල ඉක්මවා කටයුතු කර ඇති බව ට්‍රම්ප් පරිපාලනය පවසයි. නෙතන්යාහු ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ජපන් ජාතික සභාපතිනී ටොමෝකෝ අකේන් (Tomoko Akane) ඇතුළු ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරුවරුන් සහ පැමිණිලිකරුවන් 12 දෙනෙකුට වැඩි පිරිසකට වොෂින්ටනය විසින් මේ වනවිටත් සම්බාධක පනවා ඇත.

2026 සැප්තැම්බර් අග භාගයේදී වාර්තා වූයේ ට්‍රම්ප් පරිපාලනය තවත් ඉදිරියට යමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයටම සම්බාධක පැනවීමට සූදානම් වන බවය. මෙම පියවරත් සමග කෙටි සහන කාලයකට පසුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඇමරිකානු ඩොලර් භාවිත කිරීම මෙන්ම ඇමරිකානු බැංකු සහ සමාගම් සමග කටයුතු කිරීම ද අතිශය දුෂ්කර වනු ඇත. නිලධාරීන් මෙය හඳුන්වා දුන්නේ අධිකරණය "ගඩොලින් ගඩොල ගලවා" විනාශ කිරීමේ සැලැස්මක කොටසක් ලෙසය.

නිව්යෝර්ක් හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණය "දුෂ්ට" සහ "නිතී විරෝධී ආයතනයක්" ලෙස හඳුන්වමින් එයින් ඉවත් වන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියේය. නමුත් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එම සමුළුව අතරතුර ඔහුගේ උපදෙස පිළිගත්තේ කුඩා නාවුරු (Nauru) රාජ්‍යය පමණි. යුරෝපීය නායකයෝ ඊට පටහැණිව අධිකරණය වෙනුවෙන් පෙනී සිටියහ. ඕලන්ද අගමැති රොබ් ජෙටන් (Rob Jetten) ප්‍රකාශ කළේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය "ප්‍රහාරයකට ලක්ව ඇති" බවත් "එම අධිකරණයට අත නොතබන ලෙසත්" ය. ඇමරිකානු මූල්‍ය බලපෑම්වලින් අධිකරණය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇත.

තමන්ට පැනවූ සම්බාධක ස්වාධීන අධිකරණයකට එල්ල වූ "පැහැදිලි ප්‍රහාරයක්" ලෙස හැඳින්වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය, තමන් තවදුරටත් රාජකාරී කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කළේය.

වෙනෙසුවෙලාව, චැඩ්, මාලි, බුර්කිනා ෆාසෝ සහ නයිජර් යන රටවල් කිහිපයක් අධිකරණයෙන් ඉවත් වීමට හෝ ඉවත් වීමේ සැලසුම් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, සාමාජික රටවල් 120කට වැඩි සංඛ්‍යාවකින් බහුතරයක් තවදුරටත් එහි රැඳී සිටිති. එමෙන්ම මෙම සම්බාධක නීති විරෝධී බව පවසමින් මානව හිමිකම් සංවිධාන ඇමරිකානු අධිකරණ හමුවේ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත.

කැනඩාවට පැනවූ තීරුබදු හමුවේ ඇති වූ බාධා

බලයට පත්වූ තැන් පටන් ට්‍රම්ප් තම ප්‍රධාන බලපෑම් මෙවලම ලෙස තීරුබදු භාවිතා කළේය. 2026 අගෝස්තු මාසයේදී කැනඩාව සමග පැවැති සාකච්ඡා බිඳ වැටුණි. කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney) අවසන් මොහොතේ ඇමරිකාව ඉදිරිපත් කළ "අසාධාරණ ආර්ථික කොන්දේසි" ප්‍රතික්ෂේප කරමින් සාකච්ඡාවලින් ඉවත් විය.

ඉන්පසු එක්සත් ජනපදය විසින් ඩොලර් බිලියන 20ක් පමණ වටිනා කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබදු පැනවීය.

ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාව ද ඇමරිකානු යකඩ, ඇලුමිනියම්, ගෘහ උපකරණ, ඇඳුම් පැළඳුම් සහ කෘෂිකාර්මික උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා සියයට 50ක වටිනාකමකින් යුත් "ඩොලරයට ඩොලරයක්" ප්‍රති-තීරුබදු පැනවීමට කටයුතු කළේය. එම කැනේඩියානු පියවර සැප්තැම්බර් 8 වන දින සිට ක්‍රියාත්මක විය.

කැනඩාවේ මහජන මතය මේ ක්‍රියාවලිය සමග දැඩි ලෙස වෙනස් වූ අතර, එක් මත විමසුමකට අනුව කැනේඩියානුවන්ගෙන් සියයට 41ක්ම දැන් ඇමරිකාව සලකන්නේ "සතුරු රටක්" ලෙසය. කැනේඩියානුවන් ඇමරිකාවේ සංචාරය කිරීම පහත වැටුණි. බොහෝ පාරිභෝගිකයෝ ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමට පටන් ගත්හ.

වොෂින්ටනයේ ඇතැමුන් බලාපොරොත්තු වූ පරිදි මෙම තීරුබදු පැනවීමෙන් ඔවුන්ට පහසු ජයක් ලැබුණේ නැත. බොහෝ අනාවැකිවලට වඩා සාර්ථක ලෙස කැනඩා ආර්ථිකය ස්ථාවරව පැවතුනි. ඇතැම් නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියා වියුක්තිය ඉහළ ගිය ද, සමස්ත ආර්ථික වර්ධනය කඩා වැටුණේ නැත. ඇතැම් ක්ෂේත්‍ර වෙනත් රටවලට අපනයනය කරමින් ඇමරිකානු තීරුබදු මගහැරීමට හැඩගැසුණි.

කැනේඩියානු අමතර කොටස් මත යැපෙන හෝ කැනඩාවට භාණ්ඩ අලෙවි කරන ඇමරිකානු සමාගම්වලට ද මෙහි පිරිවැය දැරීමට සිදුවිය. ඇතැම් ඇමරිකානු විචාරකයින් සමීප මිතුරෙකු සහ ප්‍රධාන වෙළඳ සහකරුවෙකු සමග ඇති කරගත් මෙම ගැටුම මෑත ඉතිහාසයේ සිදුවූ "මෝඩම වෙළඳ යුද්ධයක්" ලෙස හැඳින්වීය.

එහෙත් ඇමරිකාව සිය තීන්දුව මත දැඩිව එල්බගෙන සිටින්නේය. ඇතැම් කැනේඩියානු කිරි නිෂ්පාදන, මත්පැන් සහ මෝටර් සයිකල් සඳහා ආනයන තහනමක් ඇතුළු වැඩිදුර ඇමරිකානු පියවර අද ( සැප්තැම්බර් 29 වනදා) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

වර්ධනය වන ප්‍රතිරෝධී ප්‍රවණතාව

මෙම සිදුවීම් දෙක පුළුල් ගෝලීය තත්ත්වයක සංකේතයන් වේ. එක්සත් ජනපදයේ තීරණ අනාවැකි කීමට නොහැකි තරම් අස්ථාවර මට්ටමකට පත්ව ඇති බව බොහෝ ආණ්ඩු පිළිගෙන ඇත. නමුත් ඔවුන් සියල්ලන්ම සෘජු ගැටුමකට එළඹී නැත. ඒ වෙනුවට ඔවුන්:

• යුරෝපය ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධයෙන් පෙනී සිටිමින්, තමන් තවමත් අගය කරන ජාත්‍යන්තර ආයතන ආරක්ෂා කිරීම.

• කැනඩාව කළා මෙන්, හැකියාව ඇති සෑම විටම ප්‍රති-තීරුබදු පැනවීම.

• ඇමරිකානු ආර්ථිකය මත ඇති යැපීම අඩු කරගැනීම සඳහා නව වෙළඳපොළවල් සොයා යාම.

• එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ගෝලීය වේදිකා තුළ වඩාත් සෘජුව සහ පැහැදිලිව අදහස් දැක්වීම සිදුකරයි.

එක්ව නැගී සිටීම සාර්ථක විය හැකි බවට මිත්‍ර රටවල් තේරුම් ගෙන ඇත. ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ යුරෝපය දැක්වූ පූර්ව ප්‍රතිරෝධය ඇමරිකාවට තම තීරණයෙන් පසුබැසීමට බලපෑවේය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති ප්‍රතිචාර නෛතික ප්‍රවේශයක් රහිත දේශපාලනික ප්‍රකාශයන් වුවද, ඉන් ලැබෙන සංඥාව පැහැදිලිය: එනම් ලෝකයේ බහුතරයකට මෙම අධිකරණය වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බවය.

ශ්‍රී ලංකාව වැනි රටකට මෙයින් ලැබෙන ප්‍රායෝගික පාඩම නම්, ලොව විශාලතම ආර්ථිකය හිමි රට ජාත්‍යන්තර නීති සහ අධිකරණ අමතක කිරීමට උත්සාහ කළද, තවමත් බොහෝ රාජ්‍යයන්ට එම ගෝලීය නීති වැදගත් වන බවය.

සමීප මිතුරන් අතර ඇතිවන වෙළඳ ගැටුම් මගින් භාණ්ඩ මිල ඉහළ ගොස් පැරණි ආර්ථික විශ්වාසයන් බිඳ වැටිය හැකිය. වොෂින්ටනය තීරුබදු සහ සම්බාධක තම පළමු මෙවලම ලෙස භාවිත කරන තාක් කල් මෙම ප්‍රවණතාවන් දෙකම තවදුරටත් ඉදිරියට යාමට ඉඩ ඇත.

එහෙත් තීරුබදු සහ සම්බාධකවලට එරෙහිව ගෝලීය වශයෙන් මතුවන මෙම ප්‍රතිරෝධය, ඇමරිකානු බලපෑම් හමුවේ රාජ්‍යයන් තවදුරටත් නිහඬව සිටිනවා වෙනුවට සංවිධානාත්මකව සහ ප්‍රසිද්ධියේ ඊට එරෙහි වන ආකාරය පිළිබඳ හොඳම උදාහරණයකි. මෙය ලෝකයක් ලෙස ප්‍රාරථනා කළ යුතු තත්ත්වයක ඉඟියක් බව ලියා තැබිය යුතුය.