LSN News › Sri Lanka

නාමල්ට නඩු දැමිම - සංකීර්ණ නීති ගැටුම් ඇතිකරන තාක්ෂණික කරුණු නිසා අවසානයේ දි නඩු විසිවෙයි ද?

එයාර්බස් නඩුවේ ඒකාබද්ධ අධිචෝදනාවත්, ක්‍රිෂ් නඩුවේ මහාධිකරණ විසින් ගොනු කර ඇති සාපරාධි විශ්වාසය කඩ කිරිම සම්බන්ධ නඩුවත්, ක්‍රිෂ් සමාගම ලබා දුන් එම මිලියන 70ක මුදල සඳහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති අල්ලස් නඩුවත් ඉදිරියේදී එකිනෙකට සමාන්තරව ගමන් කරනු ඇත.

LSN Sri Lanka · 29 September 2026

නාමල්ට නඩු දැමිම -   සංකීර්ණ නීති ගැටුම් ඇතිකරන  තාක්ෂණික  කරුණු නිසා  අවසානයේ දි නඩු විසිවෙයි ද?

අද නාමල් අධිකරණයට ගෙනාවේය. ඔහු අධිකරණයට ආවේ වැලිකඩ රමාන්ඩ් බන්ධනාගාරයේ සිටය. බන්ධනාගාර බස් රථයෙන් බසින විට මුහුණේ හිනාවක් පිරි තිබිණි. ඔහු මාංචු දැමූ අත් දෙක උස්සා කැමරාවට පෙනී සිටියේය. ජාතික සටනකට නායකත්වය දී ප්‍රතිගාමීන් විසින් දුෂ්ට ලෙස සිර කළ ජාතික නායකයෙක් ජනතාව අභියසට එන අභිමානය නාමල්ගෙන් අපි දුටුවෙමු.

එහෙත් මේ නඩුව ගමේ ගොඩේ එකෙකුට වැටුනා නම් උන් එන්නේ මූන පොහොර උරවල ඔබාගෙනය. නාමල් බන්ධනාගාරගතව ඉන්නේ එයාර් බස් ගනුදෙනුවේ රුපියල් මිලියන 100ක් අල්ලස් සිද්ධියකට සහ ක්‍රෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනු වී ඇති මිලියන 70ක අල්ලස් ගැනීමේ සිද්ධියකටය. චෝදනාවට ලක් වී තිබුණු අල්ලස් මුදලේ වටිනාකම රුපියල් මිලියන 170ක් ය.

මෙම නඩු දෙකටම අද (සැප්තැම්බර් 29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එයාර්බස් අල්ලස් නඩුවට ඔක්තෝබර් 13 දක්වාත්, ක්‍රිෂ් නඩුවට ඔක්තෝබර් 06 දක්වාත් රිමාන්ඩ් නියෝගය ලැබුණි. ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.

එයාර්බස් නඩුව: විමර්ශන අවසන්, ඒකාබද්ධ අධිචෝදනාවක්

අද ප්‍රධාන වශයෙන් කැඳවනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත පවරා ඇති නඩුවය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසමේ විමර්ශන අවසන් බවය. උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු වී ඇති බවත්, අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ විමර්ශන දෙකටම අදාළව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බවත් එම කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය නඩුවාරයේ ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, දූෂණ විරෝධී පනත යටතේ ඇප දීමට ඉදිරිපත් කළ යුතු සුවිශේෂී කරුණු සැකකාර පාර්ශ්වය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවයි.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ විමර්ශන අවසන් බවට අධිකරණයට දැනුම් දී ඇති බැවින් එම පදනම මත නව ඇප ඉල්ලීමක් අවශ්‍ය බවය. අද නියෝගය අධ්‍යයනය කිරීමෙන් පසු නැවත ඇප ඉල්ලිය හැකි බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

ක්‍රිෂ් නඩුව: ඊයේ සැකකරු,- අද රිමාන්ඩ්

රුපියල් මිලියන 70ක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුවටද නාමල් රාජපක්ෂ අද ඉදිරිපත් කෙරිණි. ඔහු මෙම නඩුවේ සැකකරුවෙකු (සිව්වන සැකකරු) ලෙස නම් කෙරුණේ ඊයේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ ක්‍රිෂ් ගනුදෙනුවට යොදා ඇති මුදල මුදල් විශුද්ධිකරණයෙන් උපයා ගත් මුදල් බවට ඉන්දීය රජය දැනුම් දී ඇති බවය. නිලධාරියාගේ කරුණු දැක්වීම මෙසේය:

“නිමල් පෙරේරා යන අය හරහා අවස්ථා දෙකකදී මිලියන 35 බැගින් මෙම සැකකරු බාරගෙන තිබෙනවා. ඒ බව සැකකරුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති අතර එය ඔහු විසින් තහවුරු කළා. මෙම සිදුවීමට අදාළ ප්‍රස්තුත ඉඩම ලබා දීමේදී රාජ්‍ය ආයතන ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙනවා. එක් දවසක් තුළ අධ්‍යක්ෂ මණ්ඩලය මෙය අනුමත කරලා තියෙනවා. ඉන්දියානු රජය මෙරටට දැනුම් දී තිබෙනවා මෙම ගොඩනැගිල්ලේ කටයුතු සඳහා අශුද්ධ මුදල් භාවිතා කර ඇති බවට. මෙම ප්‍රස්තුත ඉඩම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ආයෝජනය කර තිබෙද්දී තමයි නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රිෂ් සමාගමට පැවරීමට ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙන්නේ.

ඒ කාලයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කළේ මොහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ. නාගරික සංවර්ධන අධිකාරිය පැවතියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. එහි ලේකම් ලෙසත් මොහුගේ බාප්පා වන ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේ. මෙම ගනුදෙනුව වන විට රටේ ජනාධිපති ලෙස කටයුතු කළේ මොහුගේ පියා මහින්ද රාජපක්ෂ. මේ සියලු කරුණු සලකා බලා තමයි දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැකකරු සම්බන්ධව සහතිකයක් නිකුත් කරලා තියෙන්නේ.... අධිචෝදනා පත්‍ර ඉක්මනින් ගොනු කිරීමට කටයුතු කරනවා.”

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇප ඉල්ලමින් කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නව දූෂණ විරෝධී පනත යටතේ නොවන බවත්, එබැවින් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සහතිකයේ වලංගුතාවයක් නැති බවත්ය. එම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ පළමු සැකකාරිය වන ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන දැනටමත් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 06 දක්වා රිමාන්ඩ්ය. පළමු සැකකාරිය එදින දක්වා රිමාන්ඩ් බැවින් නාමල් රාජපක්ෂද එදින දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩු දෙකේ කෙටි පසුබිම

2013 ශ්‍රීලංකන් එයාර්බස් යානා මිලදී ගැනීමට සම්බන්ධව සිංගප්පූරුවේ BIZ Solutions Inc. ගිණුමට යුරෝ මිලියන 1.45ක පමණ මුදලක් ලැබී, ඉන් ඩොලර් 800,000ක් Sabre Vision Holdings හරහා ගලා ගොස් 2014–2015දී නිමල් පෙරේරා හරහා රුපියල් මිලියන 100ක් මුදල් ලෙස නාමල් රාජපක්ෂට ලැබුණු බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව චෝදනා කරයි. සැප්තැම්බර් 04 වැනිදා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

එම ගනුදෙනුවටම CID විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වෙනම නඩුවක් පවරා ඇත.

ක්‍රිෂ් නඩුව කොළඹ කොටුවේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ සමාගමට බදු දීමට අදාළය. 2012දී නිමල් පෙරේරා හරහා රුපියල් මිලියන 70ක් ලබා දී ඉඩම් බද්ද සහ අනුමැති ඉක්මනින් ලබා ගැනීමට උපකාර කළ බවට චෝදනාවක් ඇත.

සාගර කාරියවසම්ගේ තර්කය සහ නෛතික ගැටුම

සැප්තැම්බර් 28 වැනිදා නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී පොදු පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ එකම රුපියල් මිලියන 70 සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එකිනෙකට පරස්පර චෝදනා ගොනු කර ඇති බවය. වත්මන් රජය දේශපාලන භීතියෙන් නීතිය අවභාවිත කරන බව ඔහු චෝදනා කළේය. නීත්‍යානුකූල විමර්ශනයකට මුහුණ දීමට පසුබට නොවන බවත්, සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් නීතියට හිස නැමීමට සූදානම් බවත් ඔහු පැවසීය.

ඔහු ඉදිරිපත් කළ කාලරාමුව මෙසේය:

• 2015 දෙසැම්බර් 26දී ‘දූෂණ විරෝධී හඬ’ නැමැති සංවිධානය ක්‍රිෂ් ගනුදෙනුව නැමැති ගනුදෙනුවක සිදුවූ වංචාවක් සම්බන්ධව FCIDට පැමිණිලි කළේය.

• 2016දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා විය. මැයි 27දී FCID ඉන්දියාවේදී අමිත් කටියල් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තාගෙන් ප්‍රකාශ ලබා ගත් අතර, ඔවුන් කියා සිටියේ රුපියල් මිලියන 70 කාල්ටන් රග්බි සෙවන්ස් ක්‍රීඩාව ඉසව්ව සංවිධානය කිරිමට කාල්ටන් ක්‍රීඩා සමාජය වෙත රග්බි ප්‍රවර්ධනය සඳහා ස්වේච්ඡාවෙන් දුන් බවය.

• එම නඩුව සම්බන්ධව 2016 ජූලි 11දී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ජූලි 18දා ඇප මත මුදා හරින ලදී. නීතිපතිවරයා පසුව මේ චෝදනා සම්බන්ධව කොළඹ මහාධිකරණයේ “සාපරාධී විශ්වාසය කඩකිරීම” යටතේ අධිචෝදනා ගොනු කළේය.

• එම නඩුවේ පූර්ව විභාගය 2026 මැයි 29දා පැවති අතර, ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කර 2026 නොවැම්බර් 16දා විභාගයට ගැනීමට නියමිතය.

සාගර කාරියවසම්ගේ නෛතික ප්‍රශ්නය මෙයයි: නීතිපතිවරයාගේ මහාධිකරණ නඩුවේ දී නාමල් රාජපක්ෂට චෝදනා කරන මිලියන 70ක මුදල සම්බන්ධව ගොනු වී ඇති අධිචෝදනාව සාපරාධී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධය. එනම් ක්‍රිෂ් සමාගම සිය කැමැත්තෙන්ම “ ශ්‍රි ලංකාවේ රග්බි ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 70ක් නාමල් රාජපක්ෂට භාර දෙන්නේය. ඔහු එම මුදල වෙනත් කාර්යයන්ට යොදවා ඇති බවට චෝදනා එල්ල වන්නේය. එය අල්ලස් ගැනීමක් නොව, සාපරාධී විශ්වාසය කඩකිරිම සම්බන්ධව චෝදනාවක් බව සාගර කාරියවසම් පෙන්වා දෙන්නේය.

නමුත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැන් කියන්නේ එම මිලියන 70ම නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති ඉඩමක බදු ගැනීමේ ක්‍රියාවලි ඉක්මන් කරගැනීම සදහා නාමල් රාජපක්ෂට දුන් අල්ලස් මුදලක් බවය.

එකම මුදලට එකිනෙකට වෙනස් නෛතික ප්‍රවේශ දෙකක් ආරෝපණය කිරීම ගැටුමක් බව සාගර කාරියවසම් පෙන්වා දී තිබේ. ඔහු පවසන්නේ තම නීතිමය දැනුම යටතේ මේ තත්ත්වය තුළ මහාධිකරණයේ නාමල්ට ගොනු වී ඇති සාපරාධී විශ්වාසය කඩවීමේ නඩුවේ නෛතික පදනම ප්‍රශ්න කරන බවය. ඒ අනුව එම නඩුව පවත්වාගෙන යා හැකි දැයි ගැටලුවක් බවත් ඔහු පෙන්වා දෙන්නේය. ඔහු අවධාරණය කරමින් සලකුණු කරන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තවමත් ඉන්දීය අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ පවා ලබා ගෙන නැති බවය.

නෛතික විශ්ලේෂණය

අධිකරණයේ අද සංවාදයෙන් පැහැදිලි වන කරුණු කිහිපයකි.

පළමුව, එයාර්බස් නඩුවේ රාජ්‍යයේ ස්ථාවරය වන්නේ විමර්ශන අවසන් වී අධිචෝදනා අදියරට යොමු වීමය. එබැවින් ඇප ප්‍රතික්ෂේප කිරීමේදී මහේස්ත්‍රාත්වරයා යොදා ගත්තේ “සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම” යන ප්‍රමිතියය. විමර්ශන අවසන් වීම ඇප සඳහා ස්වයංක්‍රීය හේතුවක් නොවේ; නීතියේ ඇප සීමා සහ සාක්ෂි අවදානම තවමත් බරපතලය.

දෙවනුව, ක්‍රිෂ් නඩුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ තර්කය තුන් කොටසකි:

(අ) නිමල් පෙරේරා හරහා මුදල් ලැබීම සැකකරුගේ ප්‍රකාශයෙන්ම තහවුරු වීම,

(ආ) රාජ්‍ය ආයතන අසාමාන්‍ය වේගයෙන් අනුමැති ලබා දීම,

(ඇ) ක්‍රිෂ් ව්‍යාපෘතියට නීති විරෝධී මුදල් යොදා ඇති බවට ඉන්දීය බලධාරීන් අන්‍යෝන්‍ය නීති සහාය පණිවිඩයක් (MLA පණිවිඩයක්) මගින් දැනුම් දී තිබීම. ( එම අන්‍යෝන්‍ය නීති සහාය ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කියා සිටියේය.)

තෙවනුව, අලි සබ්රිගේ තර්කය තාක්ෂණික නීති ප්‍රශ්නයකි: අත්අඩංගුව සහ සහතිකය යටත් විය යුත්තේ කුමන පනතටද යන්න. මහේස්ත්‍රාත්වරයා අද එම තර්කය පිළිගෙන ඇප දුන්නේ නැත. ඒ වෙනුවට පළමු සැකකාරියගේ රිමාන්ඩ් දිනයට සමගාමීව දෙවන සැකකරුද රඳවා තැබීමේ ප්‍රායෝගික පදනමක් යොදා ගත්තේය.

සිව්වනුව, සාගර කාරියවසම් ඉස්මතු කරන ප්‍රශ්නය නීතිමය වශයෙන් බරපතලය. ප්‍රශ්නය මෙයයි: එකම රුපියල් මිලියන 70ක මුදලක් ගැන චෝදනා දෙකක් තිබේ. එකක් නීතිපතිවරයාගේ මහාධිකරණ නඩුවය. එහිදී කියන්නේ මේ මුදල රග්බි ප්‍රවර්ධනය සඳහා දුන් මුදලක් බවත්, එය වෙනත් කාර්යයකට යෙදවූ බැවින් “ සාපරාධී විශ්වාසය කඩකිරීමක්” ඉන් සිදුව ඇති බවත්ය.

අනෙක අල්ලස් කොමිසමේ නඩුවය. එහිදී කියන්නේ එම ලක්ෂ 70 මුදල ඉඩම් බද්ද ඉක්මනින් ලබා ගැනීම සඳහා දුන් අල්ලස් මුදලක් බවය.

මේ චෝදනා දෙක එකවර සත්‍ය විය නොහැකි බවට පෙනෙන්නට තිබේ. එබැවින් අධිකරණය මේ මුදලේ ස්වභාවය කුමක්ද යන්න පිළිබඳව පසුවට තීරණය කළ යුතුය. මෙය දේශපාලන චෝදනාවක් පමණක් නොවන බව කිව යුතුව ඇත. එය නඩු දෙකේම විභාගයේදී විසඳිය යුතු කරුණකි.

එකම මුදල් ගනුදෙනුවක් වෙනස් නීති යටතේ විමර්ශනය කිරීම තහනම් නැත. නමුත් එම මුදල එකවර “රග්බි මුදලක්” සහ “අල්ලස් මුදලක්” යනුවෙන් දෙයාකාරයෙන්ම ඔප්පු කිරීම සංකීර්ණ නෛතික ගැටලු මතු කරන තත්ත්වයක් තුළ අවසානයේ දී ප්‍රශ්න කෙරෙනු ඇත්තේ මේ නඩුවලින් අපේක්ෂිත සමාජ සාධාරණයේ ප්‍රාර්ථනාවය.

මෙම චෝදනා සියල්ලම තවමත් අධිකරණයේ විභාග වන කරුණු ය. එයාර්බස් නඩුවේ ඒකාබද්ධ අධිචෝදනාවත්, ක්‍රිෂ් නඩුවේ මහාධිකරණ විසින් ගොනු කර ඇති සාපරාධි විශ්වාසය කඩ කිරිම සම්බන්ධ නඩුවත්, ක්‍රිෂ් සමාගම ලබා දුන් එම මිලියන 70ක මුදල සඳහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති අල්ලස් නඩුවත් ඉදිරියේදී එකිනෙකට සමාන්තරව ගමන් කරනු ඇත.

ඒවායේ අවසාන තීරණය ලැබෙනු ඇත්තේ දේශපාලන ප්‍රකාශවලින් නොව ගොනු වී ඇති සාක්ෂි වලිනි. එය එසේ වනු ඇතැයි විශ්වාස කරමු.