අධිකරණයේ දී හෙළිවුන රටට මතක නමුත් ගෝඨාට මතක නැති කතාව...
රටේ මිනිස්සුන්ට අවුරුදු 15කට එපිට සිදුවූ එම සිද්දිය පහසුවෙන් අමතක වෙන්නේ නැත. ඔවුන් තවමත් පෙර ජවයෙන්ම මේ සිද්ධිය ප්‍රශ්න කරන්නේ එබැවිනි. අමතකව ඇති බොහෝ දේ මතක් කරගැනීමට තවත් කල් ඉතිරිව ඇති බව කිව යුතුව ඇත.
LSN Sri Lanka ·

2011 දෙසැම්බර් 9 වැනිදා යාපනයේ අවරංගල්හිදී අතුරුදහන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන්වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ හබියාස් කෝපුස් නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ( 2026 සැප්තැම්බර් 29 වැනිදා ) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබා දුන්නේය.

සාක්ෂි විමසීම ආරම්භ වූයේ පස්වරු 1.20ට පමණ කොළඹ අධිකරණයට ඔහු පැමිණීමෙන් විනාඩි 10කට පසුවය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ ගෝඨාභය රාජපක්ෂව ප්‍රශ්න කළ අතර සාක්ෂි සටහන් කර ගැනුණේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදීය. වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 වැනිදාට කල් දැමිණි.

සිද්ධිය සහ නඩුවේ පසුබිම

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගිය ජන අරගල ව්‍යාපාරයේ (පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය) ක්‍රියාකාරීන් දෙදෙනෙකි. 2011 දෙසැම්බර් 9 වැනිදා සවස 5.00ට පමණ කුගන් සිය අවරංගල් නිවසින් යතුරුපැදියකින් පිටත් වූයේය. එහෙත් කවදාවත් ඔවුන් ඉන් පසු දුටුවේ නැත.

පසුදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් යාපනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීමට සූදානම්ව සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔවුන් පැහැරගෙන ගිය බව ඥාතීන් සහ සාක්ෂිකරුවෝ කීහ. යතුරුපැදිය පසුව පොලිසියට හමු විය. ලලිත් - කූගන් අතුරුදහන් විය. ඔවුන්ගේ ඉරණම තවමත් නිල වශයෙන් තහවුරු වී නැත.

2012දී ඥාතීන් අභියාචනාධිකරණයට ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සම මත සාක්ෂි වාර්තා කිරීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට භාර දෙනු ලැබීය. 2017දී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සාක්ෂිකරු ලැයිස්තුවට එක් කෙරිණි. 2019 මාර්තුවේ නොතීසි නිකුත් වුවද ආරක්ෂක හේතු දක්වමින් ඔහු යාපනයට නොපැමිණියේය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වුනේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුද නඩුව දිගු විය. 2025 ජූලි 30දා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාක්ෂි දීමට සූදානම් බව දැනුම් දුන් ඔහු කොළඹදී සාක්ෂි දීමට ඉල්ලා සිටියේය. 2026 පෙබරවාරි 6දා යාපනය අධිකරණයේදී මාර්ගගත සාක්ෂි සඳහා ඉල්ලීමක් කළ අතර ජූනි 2දා එයට අවසර ලැබිණි. අද සාක්ෂි විමසීම සිදු වූයේ ඒ අනුවය.

එවකට රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල 2011 දෙසැම්බර් 15දා කැබිනට් මාධ්‍ය හමුවේදී ලලිත් සහ කූගන් ජීවත්ව සිටින බව ප්‍රකාශ කළේය. පසුව යාපනය අධිකරණයේදී ඔහු පැවසුවේ එම ප්‍රකාශය කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දැනුම්දීම මත බවය. ගෝඨාභය රාජපක්ෂට නොතීසි යැවුණේ මේ හේතුව මතය. 2025දී මෙම පරීක්ෂණය සී.අයි.ඩී. හි මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ ඒකකයට භාර දෙනු ලැබ ඇත.

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරියේ අද නිහඬ විරෝධතාවක්ද පැවැත්විණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසුවේ වසර 16කට පසුවත් ලලිත් සහ කුගන් ගැන තොරතුරක් නැති බවය.

අධිකරණයේදී මතු වූ ප්‍රශ්න සහ පිළිතුරු

නීතිඥ නුවන් බෝපගේ අසන ලද ප්‍රධාන ප්‍රශ්න සහ ගෝඨාභය රාජපක්ෂ ගේ පිළිතුරු මෙසේය.

සිවිල් ජනතාව අතුරුදහන් වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්දැයි නීතිඥ බෝපගේ ඇසුවේය. ගෝඨාභය පැවසුවේ පුද්ගලයන් විවිධ හේතු මත අතුරුදහන් වන බවත් සෑම අතුරුදහන් වීමක්ම ආරක්ෂක කවුන්සිලයට වාර්තා නොවන බවත්ය. විශේෂ අවස්ථාවල තොරතුරු ලැබෙන බවද කීවේය.

මාධ්‍යවේදී කීත් නොයා ගැන නීතිඥවරයා අසනු ලැබූ විට “මතකයි. සිද්ධියක් වුණා කියලා යම්තාක් දුරට මතකයි. විස්තර මතක නැහැ” යැයි ගෝඨාභය පිළිතුරු දුන්නේය. අද ඒ සඳහා සූදානම් වී නොපැමිණි බවත් ඔහු කීවේය. කීත් නොයා අතුරුදහන් වූ බවට තමන් දන්නේ නැති බවත්, පැහැරගෙන ගොස් වදහිංසාවට ලක්වූ බව දන්නේ නැති බවත්, අතුරුදහන් වී පසුව හමු වූ බව දන්නා බවත් ගෝඨාභය පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධව දැනුම්වත් කරමින් දුරකථන ඇමතුමක් ආවේදැයි අසනු ලැබූ විට “අවුරුදු 15කට කලින් වෙච්ච දෙයක්. දැන් මට මතක නැහැ කවුද කතා කළේ කියලා” යැයි ගෝඨාභය කීවේය. එවකට පොලිස්පති ජයන්ති වික්‍රමරත්නට හෝ ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් හෙන්දා විතාරණයට දැනුම් දුන්නේදැයි අසනු ලැබූ විටද ගෝඨාභය කීවේ තමන්ට මතක නැති බවය. එවැනි සිද්ධියක් දැනගත්තේ නම් පොලිස්පතිවරයාට දැනුම් දෙන්නට ඇතැයි ද ඔහු පැවසුවේය.

කීත් නොයාට තුවාල සිදුකර යම් ස්ථානයකට අතහැර දැමූ බව දන්නේදැයි අසනු ලැබූ විට “මට මතක නැහැ ස්වාමීනි” යැයි පිළිතුරු දුන්නේය.

ඔහුව ඝාතනය නොකර මුදාහැරියේ ගෝඨාභයගේ විධානය මත බවට නීතිඥවරයා යෝජනා කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. “මම මුලින්ම කිව්වා එහෙම සිද්ධියක් වුණා. ඒක මොන විදියකට වුණාද, කවුරු කළාද මම දන්නේ නැහැ. අවුරුදු 15කට පස්සේ ඇහුවම මට මතක නැහැ.”

2017 ජනවාරි වාර්තාවක තම සම්බන්ධය ගැන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වාර්තා කර තිබෙන බවට සහ යුද හමුදා ත්‍රිපෝලි අනුඛණ්ඩයේ නිලධාරීන් පස්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බවට යෝජනා කළ විටද ගෝඨාභය කීවේ තමන්ට මතක නැති බවත් නොදන්නා බවත්ය.

ආරක්ෂක ලේකම්වරයා ලෙස පැහැරගැනීම් සහ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වී උපදෙස් දුන්නා යන යෝජනාව ගෝඨාභය ප්‍රතික්ෂේප කළේය.

“මම භූමියේ කිසිම ක්‍රියාන්විතයකට සම්බන්ධ වී නැහැ. මට ආරක්ෂක ලේකම්වරයා ලෙස තිබූ රාජකාරිය වන්නේ රජයෙන් ගන්නා ප්‍රතිපත්ති ඒ ආයතන වෙත සම්ප්‍රේෂණය කිරීම. මම සෘජුව භූමියේ ක්‍රියාන්විතයන්ට සම්බන්ධ වෙලා නැහැ.”

පොදුවේ ඔහුගේ ප්‍රකාශනය තුළ තිබුණේ දිගු කාලයක් ගොස් ඇති නිසා සිද්ධීන් මතක නැති බවත්, හමුදා සහ බුද්ධි අංශ අතුරුදහන් වීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන්නේ දේශපාලන වාසි සහ රටේ නමට හානි කිරීමට බවත්ය.

ආරක්ෂක ලේකම් සහ පසුව ජනාධිපති ලෙස අතුරුදහන් වීම් ගැන දැනුමක් තිබුණේදැයි අසනු ලැබූ විටද එය දේශපාලන වාසි සඳහා කරන චෝදනා බව පැවසීය.

සරලව කියනවා නම් මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් වූ ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ සිද්ධි මතක නැති තත්ත්වයකය. එබැවින් ලලිත් සහ කූගන් අතුරුදහන් වී දැන් අවුරුදු 15ක් ගතවී ඇතත් ඔවුන්ට සිදුවූයේ කුමක් දැයි තවම නිල වශයෙන් අනාවරණය වී නැත. විමර්ශන ක්‍රියාත්මකය. නොවැම්බර් 27 වැනිදා යළි සාක්ෂි විමසීමට නියමිතව ඇත.

ඒත් රටේ මිනිස්සුන්ට අවුරුදු 15කට එපිට සිදුවූ එම සිද්දිය පහසුවෙන් අමතක වෙන්නේ නැත. ඔවුන් තවමත් පෙර ජවයෙන්ම මේ සිද්ධිය ප්‍රශ්න කරන්නේ එබැවිනි. අමතකව ඇති බොහෝ දේ මතක් කරගැනීමට තවත් කල් ඉතිරිව ඇති බව කිව යුතුව ඇත.