LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

යුද්ධය ඉක්මනින්ම ඉවර වන බව ට්‍රම්ප් කියද්දී ඉරානයේ තෙල් තහනම් කළහොත් මුළු කලාපයේම තෙල් වෙළඳාම අත්හිටුවන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්!

ඇමරිකානු හමුදාව වහාම මැදපෙරදිගින් පිටව යා යුතු බව පැවසූ ඔහු, ඉරානය මේ වන විටත් නවීන පන්නයේ නව ආයුධ නිර්මාණය කරමින්, ඒවා විශාල වශයෙන් නිෂ්පාදනය කරමින් සිටින බව හෙළි කළේය. ඊලඟ යුද්ධයේ දී එම ආයුධ යුද බිමේ පවතිනු ඇතැයි ද ටෙහාරානය අනතුරු ඇඟවූයේය.

LSN Sri Lanka · 30 September 2026

යුද්ධය ඉක්මනින්ම ඉවර වන බව ට්‍රම්ප් කියද්දී  ඉරානයේ  තෙල් තහනම් කළහොත් මුළු කලාපයේම තෙල් වෙළඳාම අත්හිටුවන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්!

ඉරානයේ බලශක්ති අපනයනයන් අඛණ්ඩව අත්හිටුවීමට පියවර ගතහොත්, එම බලපෑම ඉරානයට පමණක් සීමා නොවී මුළු මැදපෙරදිග කලාපයටම එල්ල වන බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) අනතුරු ඇඟවූයේය.

ගලිබාෆ් මේ අනතුරු ඇඟවීම සිදුකරන්නේ යුද්ධය ඉතා ඉක්මනින් නිමා කරන බවට ට්‍රම්ප් යළිත් වතාවක් ප්‍රකාශ කර පැය 24ක් ගතවන්නට මත්තෙනි. ධවල මන්දිරයේදී මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් කියා සිටියේ, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික ආයුධයක් තැනීමට ඉඩ නොතබන බවත්, මෙම යුද්ධය ඉතාම ඉක්මනින් අවසන් වන බවත්ය. එමෙන්ම ඉදිරියේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙනු ඇති බවද ඔහු පැවසීය.

පසුගිය පෙබරවාරි අග භාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු යුද්ධය ආරම්භ වූ තැන් පටන් ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශ කිහිපයක්ම සිදු කර තිබේ.

ඊයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැති පාර්ලිමේන්තු සභා වාරයක් අමතමින් ගලිබාෆ් කියා සිටියේ, ඉරානයට තෙල් අලෙවි කිරීමට ඉඩ නොදෙන්නේ නම් කලාපයේ වෙනත් කිසිදු රටකට තෙල් අලෙවි කිරීමට ඉඩ නොතබන බවය.

එමෙන්ම ඉරානයේ ආරක්ෂාව තහවුරු නොවන තාක් කලාපයේ කිසිදු යටිතල පහසුකමක ආරක්ෂාව තහවුරු නොවනු ඇති බවද ඔහු පැවසීය. වොෂින්ටනය වැරදි තක්සේරුවක් නොකළ යුතු බව සඳහන් කළ කථානායකවරයා, ඇමරිකාවේ සම්බාධක හෝ තර්ජන හමුවේ ඉරාන ජනතාව බියපත් නොවන බවද අවධාරණය කළේය.

යුද බිමේ සැබෑ තත්ත්වය කුමක්ද?

දැනට මෙම යුද්ධයට මාස හතක් පිරී ඇත. ජූලි මැද භාගයේ සිට ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරාන වරායයන් වටලා සම්බාධක පැනවීම නිසා, ඉරානයේ තෙල් අපනයනය සම්පූර්ණයෙන්ම වාගේ ඇනහිට තිබේ. ඉරාන නිලධාරීන් මෙන්ම බටහිර වාර්තා පෙන්වා දෙන්නේ ඉරානයේ නිල බොරතෙල් අලෙවිය මේ වන විට ශූන්‍ය මට්ටමටම ඇද වැටී ඇති බවය.

කෙසේ වෙතත්, නෞකා ගමනාගමන නිරීක්ෂණ ආයතන සහ ඇමරිකානු නිලධාරීන් පවසන්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ සෙසු රටවල් හෝමුස් සමුද්‍ර සන්ධිය සහ විකල්ප මාර්ග ඔස්සේ තෙල් ප්‍රවාහනය ඉහළ නංවා ඇති බවය. යුද්ධය පටන් ගත් පසු සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන කලාපීය අපනයනකරුවන් දිනකට බාරල් මිලියන 13 ක් දක්වා තෙල් අපනයනය කර ඇත. මෙය සාමකාමී සමයේ දිනකට ප්‍රවාහනය කෙරුණු බැරල් මිලියන 20 ට වඩා අඩු අගයක් වුවද, යුද්ධය ආරම්භ වූ පසු වාර්තා වූ ඉහළම තෙල් ප්‍රවාහනයයි.

ඇමරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ විශාල තෙල් නෞකා ප්‍රමාණයක් මුහුදේ ගමන් කරවන බවත්, තම වටලෑම නිසා ඉරානයට කිසිදු තෙල් ප්‍රමාණයක් අපනයනය කිරීමට ඉඩ ලැබී නැති බවත් ඇමරිකාව කියයි.

නමුත් ඉරානය මෙම කතාව පිළිගන්නේ නැත. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මාධ්‍ය ප්‍රකාශක හොසේන් මොහෙබි (Hossein Mohebbi) පැවසුවේ, රාත්‍රී කාලයේ හොර රහසේ තෙල් නැව් කිහිපයක් පන්නා ගත් පමණින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වී ඇතැයි පැවසීම විහිළුවක් බවය. මුහුදු මාර්ගයේ තවමත් පවතින්නේ දැඩි අවදානමකි. නෞකා සඳහා වන රක්ෂණ ගාස්තු අහස උසට ඉහළ ගොස් ඇති අතර නාවික ගමනාගමනයට එල්ල වී ඇති තර්ජනය තවමත් පහව ගොස් නැත.

ට්‍රම්ප්ට එල්ල වූ චෝදනා සහ නව ආයුධ තර්ජනය

විදේශීය මාධ්‍ය අමතමින් ඉරාන ප්‍රකාශක මොහෙබි, ජනාධිපති ට්‍රම්ප්ව හැඳින්වූයේ "මහා බොරු කාරයෙක්" (Big liar) ලෙසය. ඇමරිකානු හමුදාව වහාම මැදපෙරදිගින් පිටව යා යුතු බව පැවසූ ඔහු, ඉරානය මේ වන විටත් නවීන පන්නයේ නව ආයුධ නිර්මාණය කරමින්, ඒවා විශාල වශයෙන් නිෂ්පාදනය කරමින් සිටින බව හෙළි කළේය.

"ගැටුම මීට වඩා වෙනස් මුහුණුවරක් ගත්තොත්, අපි අනිවාර්යයෙන්ම මේ අලුත් ආයුධ යුද බිමට ගෙන එනවා," යැයි ඔහු පැවසීය. ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට ආසන්නව සිටින බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ ඔහු, එය පසුගිය වසර 25 පුරාම ඇමරිකාව පවසන "පරණ බොරුවම" බව කීය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට (IAEA) තවමත් ඉරානය තුළ පූර්ණ පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාව ලැබී නැත.

මේ අතර ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ ප්‍රධානී ඊබ්‍රාහිම් අසීසි (Ebrahim Azizi) පැවසුවේ, මීට පෙර පැවැති "දින 40 යුද්ධයට" වඩා දැඩි හා විනාශකාරී ගැටුමකට ඉරානය සූදානම් බවය. තමන්ගේ එකම ඉලක්කය ඇමරිකානු හමුදා කඳවුරු පමණක් බව ඉරානය කීවත්, මීට පෙර ගල්ෆ් කලාපයට එල්ල වූ ඉරාන ප්‍රහාර නිසා බිඳවැටුණු විශ්වාසය නැවත ගොඩනැගීමට වසර ගණනාවක් ගතවනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අසල්වැසි රටවල් පවසයි.

සාකච්ඡා සහ ප්‍රතික්ෂේප වූ යෝජනා

ඇමරිකාව විසින් අත්හිටුවා ඇති ඉරාන අරමුදල් නිදහස් කරන්නේ නම්, තෙල් සම්බාධක ලිහිල් කරන්නේ නම් සහ වරාය වටලෑම අවසන් කරන්නේ නම්, හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7 කට නැවත විවෘත කිරීමේ යෝජනාවක් ඉරානය ඉදිරිපත් කර තිබුණි.

නමුත් ට්‍රම්ප් එම යෝජනාව සෘජුවම ප්‍රතික්ෂේප කළේය. ඔහු පැවසුවේ ඉරානය මෙලෙස සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට හදිසි වන්නේ ඔවුන් යුද්ධයෙන් දරුණු ලෙස පරාජය වෙමින් සිටින නිසා බවය.

කෙසේ වෙතත්, තමන් තවමත් එකඟතාවලට පැමිණීමේ සාකච්ඡාවලට කැමති බවද ඔහු සඳහන් කළේය. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) පැවසුවේ, මැදිහත්කරුවන් හරහා ඇමරිකාවෙන් ලැබෙන නිල පිළිතුරක් තෙක් ටෙහෙරානය බලා සිටින බවයි.

දෙපාර්ශවය අතර පවතින මතවාදී පරතරය ඉතා පැහැදිලිය. ට්‍රම්ප් කතා කරන්නේ යුද්ධයේ ඉක්මන් අවසානයක් සහ තෙල් මිල පහත වැටීමක් ගැනය. නමුත් ඉරාන නායකයන් තෙල් සම්පත මුළු කලාපයටම බලපෑම් කළ හැකි මෙවලමක් ලෙස භාවිතා කරමින්, සටන තීව්‍ර වුවහොත් නව ආයුධ යොදාගන්නා බවට තර්ජනය කරයි.

සමුද්‍රීය දත්තවලට අනුව කලාපයේ අන් රටවල තෙල් ප්‍රවාහනය යම් ප්‍රමාණයකට සිදු වුවද, ඉරානයේ සැබෑ තෙල් අපනයනය තවමත් පවතින්නේ දැඩි තහංචි හමුවේය. කිසිදු පාර්ශවයක් තවමත් මෙම පරස්පර තත්ත්වයට ස්ථිර විසඳුමක් සොයාගෙන නැත.