LSN News › Sri Lanka

රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙන බව දැනුම් දෙන්න පොහොට්ටු ලොක්කන් ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහින්...

මෙය විදේශීය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරවලට පක්ෂයේ ස්ථාවරය දන්වන වැඩපිළිවෙළක පළමු පියවර බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි දින කිහිපය තුළ වෙනත් තානාපති කාර්යාල ද පිවිසී මෙම කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද කාරියවසම් මහතා පැවසීය.

LSN Sri Lanka · 30 September 2026

රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙන බව දැනුම් දෙන්න පොහොට්ටු ලොක්කන් ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහින්...

වත්මන් රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීමට ලක්වෙමින් තිබෙන බවත්, නීතියේ විධානය සහ ආධිපත්‍ය පිරිහෙමින් නීතියේ විධිවිධාන අනිසි ලෙස භාවිතා කරන බවත් පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP ඇමරිකානු තානාපති කාර්යාලයට ලිඛිත දැන්වීමක් සිදුකර තිබේ.

ඊයේ (සැප්තැම්බර් 29) කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් හමුවී මෙම කරුණු ඉදිරිපත් කළ බව පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යවේදීන්ට පැවසීය.

මෙය විදේශීය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරවලට පක්ෂයේ ස්ථාවරය දන්වන වැඩපිළිවෙළක පළමු පියවර බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි දින කිහිපය තුළ වෙනත් තානාපති කාර්යාල ද පිවිසී මෙම කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද කාරියවසම් මහතා පැවසීය.

ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ ඇතැම් නීති විධිවිධාන භාවිතා කරමින් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම වෙනුවට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පමණක් කටයුතු කරන බවය. රජය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් දුර්වල කරන බවට පක්ෂය විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරන බව මහා ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම පියවර ගැනීමට හේතුව ලෙස පොදුජන පෙරමුණ පෙන්වා දෙන්නේ රජය නීතිය අනිසි ලෙස භාවිතා කරමින් විරුද්ධ පාර්ශ්වයේ අයට හිරිහැර කරන බවට ඇති චෝදනාවය. කෙසේ වෙතත් රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක වන බව නිතර ප්‍රකාශ කරයි.

පොදුජන පෙරමුණ මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හරහා ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට උත්සාහ කරන බව පෙනේ. ඉදිරි දිනවලදී වෙනත් තානාපති කාර්යාලවලට ද යාමෙන් මෙම වැඩපිළිවෙළ පුළුල් වනු ඇත.