LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ක්‍රිකට් කළමනාකරුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රතිපත්ති මාලාවක් - අන්තර්වාර පාලක මණ්ඩල සභාපති එරාන් වික්‍රමරත්න!

වෙනත් රටවල මෙවැනි කළමනාකරුවන් සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සහ ප්‍රමිතීන් පවතින බවත්, ශ්‍රී ලංකාවේ ද එවැනි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ මේ වන විට බරපතල ලෙස සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු පැවසීය. චෝදනා එල්ල කිරීමට වඩා පුද්ගලයන්ට එහා ගිය විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සිය අරමුණ බවද ඔහු අවධාරණය කළේය

LSN Sri Lanka · 30 September 2026

ක්‍රිකට් කළමනාකරුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රතිපත්ති මාලාවක් - අන්තර්වාර පාලක මණ්ඩල සභාපති එරාන් වික්‍රමරත්න!

ක්‍රීඩක ක්‍රිකට් කළමනාකරුවන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින්, ඔවුන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර පාලක මණ්ඩලයේ සභාපති එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ නව ක්‍රිකට් පනත සම්බන්ධව පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේ දි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එංගලන්ත කණ්ඩායම හමුවේ ලැබූ පරාජය පදනම් කරගනිමින්, ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීග් තරග සඳහා එක්වන ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේදී තරග එකක් හෝ දෙකක් තුළ ආබාධවලට ලක්වීම සහ ඒ සඳහා ක්‍රීඩක කළමනාකරුවන්ගේ ඇති බලපෑම පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේ ක්‍රීඩකයින් හසුරුවන කළමනාකරුවන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවය. වෙනත් රටවල මෙවැනි කළමනාකරුවන් සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සහ ප්‍රමිතීන් පවතින බවත්, ශ්‍රී ලංකාවේ ද එවැනි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ මේ වන විට බරපතල ලෙස සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු පැවසීය. චෝදනා එල්ල කිරීමට වඩා පුද්ගලයන්ට එහා ගිය විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සිය අරමුණ බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ක්‍රිකට් ආයතනයේ ඉදිරි ගමන සහ කළමනාකාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා පහත කරුණු ද අනාවරණය කළේය.

ස්වාධීන සහ විනිවිද පෙනෙන පාලනය: ක්‍රිකට් ආයතනය ජනතාව සතු එකක් බැවින් එය ජාතික විගණනයට සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට (RTI) යටත් විය යුතු අතර, පාලක මණ්ඩලය පෙනී සිටින්නේ ස්වාධීන හා විද්වත් කළමනාකරණයක් උදෙසා බව පැවසීය.

තෙවැනි පාර්ශවීය විගණනය: රුපියල් බිලියන 16ක වත්කම් සහිත ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනය (Forensic Audit) සිදු කිරීමට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විගණන සමාගමකට භාර දුන් නමුත්, ලැබඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest) හේතුවෙන් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව සභාපතිවරයා පැවසීය. ඒ අනුව එම විගණන කටයුතු මේ වන විට ජාතික විගණන කාර්යාලය වෙත යොමු කර ඇති අතර, විශේෂ විමර්ශන වාර්තාවක් සමඟ එහි ප්‍රතිඵල ලිඛිතව ලැබීමට නියමිතය.

ක්‍රිකට් ව්‍යවස්ථාව සහ පනත: නව ක්‍රිකට් ව්‍යවස්ථාව මේ වන විට ගැසට් කර ඇති අතර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරේ. අනතුරුව පාර්ලිමේන්තු විවාදයකින් පසු පනත සම්මත කරගැනීමට නියමිතය. මෙම ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඍජු මැදිහත්වීමක් නොමැති අතර මේ වසර අවසන් වීමට පෙර පනත සම්මත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

යටිතල පහසුකම් සහ වෘත්තීය මට්ටම: ක්‍රීඩා වෛද්‍ය අංශය, මනෝවිද්‍යාඥයින් (Psychologists) සහ විනිසුරුවන් පුහුණු කිරීමේ අංශ ශක්තිමත් කිරීමටත්, තණතීරු සහ පුහුණුකරුවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් නව ක්‍රමවේද සකස් කර ඇත.

ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ප්‍රතිපත්තිය: ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමකට පත්ව ඇති බවත්, ක්‍රීඩකයින්ට එය ජීවනෝපාය වී ඇති බවත් පිළිගන්නා අතරම, රටේ ගෞරවයට මුල් තැන දෙන පැහැදිලි ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කරමින් සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය