LSN News › Sri Lanka

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිල ඉහළට!

ඩීසල් මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇත්තේ අඩු අගයකිනි. භූමිතෙල් මිල ඉහළ ගොස් නැත. ඔක්ටේන් 95 මිල ද ඉහළ ගොස් නැත.

LSN Sri Lanka · 30 September 2026

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිල ඉහළට!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.  එය පෙර පැවති රුපියල් 475 යන මිලෙහිම පවතී.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 478ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 528ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම රුපියල් 382ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 392කි.

මේ අතර රුපියල් 285ක්ව පැවති භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, එය පෙර පැවති මිල යටතේම පවත්වාගෙන යනු ලබයි.